2015-10-14

03. මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම්...

පූර්විකාව...

මේක වෙන කොට මම ඉස්කෝලේ ගිහින් ඉවරයි කියලා නම් හොඳටම විශ්වාසයි.
මම දවසක් නුවර පුස්තකාලයට වෙලා පත්තර බල බලා හිටියා. ඒ දවසේ මොකක් හරි දෙයකින් මට ඉරුදින කියලා පත්තරයක් කියවන්ට ලැබුණා. ඒකෙ තිබුණා ඒ පත්තරේ අය සංවිධානය කරන රචනා තරඟයක් ගැන.  සම්පත් බැංකුවත් එක්ක එකතු වෙලා ද කොහේදෝ ඒ තරඟය සංවිධානය කරලා තිබුණේ...
මොනවද කියලා දැන් හරියටම මතක නැති වුණත් මාතෘකා තුනක් තිබුණා කියලා මතකයි...

* ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස
* මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම්
* පාර්ලිමේන්තුවට ඉල්ලීම සඳහා සුදුසුකම් අවශ්‍ය ද?

ඒ තමයි ඒ මාතෘකා වල සාරාංශය...


දිනන අයට
පළමු වෙනියාට   රු. 100000.00 ක්
දෙවෙනියාට   රු. 75000.00 ක්
තුන් වෙනියාට   රු.50000.00 ක්
විදිහට තෑගි තිබුණා. සැනසිලි තෑගිත් තිබුණද කොහේදෝ. නැද්ද මන්දා... ඒක මතක නෑ.
මට හිතුණා තෑගි නැතත් හිතේ තියෙන අදහස් ටික එයාලට යවා ගන්න පුළුවන් නම් කොච්චර ශෝයි ද කියලා. ගෙදර ඇවිත් අම්මා ට කියන කොට එයාත් කිව්වේ දිනුමක් ඕනේ නෑ අදහස් ටික යවලා දාමු කියලා...

ඉතින් මම ලියන්න තෝර ගත්තේ දෙවෙනියට දාලා තියෙන එක. ඒත් කොන්දේසි කියවන කොට පොඩි ප්‍රශ්නයක් මතු වුණා...

ඒ තමයි ඒ තරඟය ඉස්කෝල මට්ටමෙන් තියෙන එකක් වෙච්ච එක. ඒත් ඒකටත් විසඳුමක් ආව. ඒ වෙන කොට ලොකු මල්ලි හිටියේ එයාලට ඕනේ කරපු වයස් කාණ්ඩේ ඇතුලේ.
ඒත් එක්කම තව ප්‍රශ්නයක් මතු වුණා. ඒ තමයි මාසයක් විතර කලින් පටන් ගත්ත රචනා එකතු කිරීම ඉවර වෙන දවසට තව දවස් දෙකක් ද කොහේදෝ තිබුණේ. ඒක දැන ගත්ත තාත්තා බනින්න ත් ගත්තා හැම දෙයක් ම ඔහොම තමයි අන්තිම මොහොත වෙනකම් ඉන්නවා කියලා. ඒත් ඉතින් කොහොම හරි රචනාව ක් අපේ මල්ලිගේ නමින් ඒ පත්තරේට ගියා...

එයාට ඒකේ තුන් වෙනි ස්ථානය ත් ලැබුණා.
තෑගි උත්සවයට මමයි අම්මා යි මල්ලියි ගියා. මොකක්දෝ හෝටලයක තිබුණේ. තෑගි උත්සවයේදි අනුග්‍රහය දක්වපු බැංකුව වෙනුවෙන් ආපු කෙනා එයා ගේ කතාවේදි ඒ රචනාව ගැන විශේෂ සඳහනක් කරා.
ඒ ගැන හරියට තේරුම් ගන්න බැරි වුණේ එයා ඉංග්‍රීසියෙන් ඒ කතාව කරපු නිසා...

මේ දේවල් මට මතක් උනේ අම්මා ට ඒ යවපු රචනාවේ මුල් පිටපත කොහේ දෝ තිබිලා හම්බ වෙලා මට කියපු නිසා. ගෙදර ගියපු වෙලාවේ මමත් ඒක බැලුවා. පොඩ්ඩක් විතර දුර්වර්ණ වෙලා නිසා අම්මා ආයෙමත් ඒක ලියා ගෙන.
ඉතිං මම කල්පනා කරේ ඒ රචනාව මේකෙ දානව ද නැද්ද කියලායි... මොකද මට එච්චර දැනුමක් නෑ ඒක මේකේ දාන එක
සුදුසු ද?
නුසුදුසු ද?
කියලා...

12 comments:

  1. Aiyya Oya a rachanawa danna api hamoma kiyawala balanam

    ReplyDelete
  2. අඩේ දාපන්, මේ මොන මගුලක් ද? මම හැම ලින්ක් එකක්ම ඔබලත් බැලුවා රචනේ තියනවද කියලා බලන්න. දාපන් හොඳ එකා වගේ ඈ......

    ReplyDelete
    Replies
    1. ගෙදර ගිහින් ආපු ගමන් දානවා...

      Delete
  3. අදයි ආවේ මේ පැත්ත

    තියෙන දෙයක් දාමු අපිටත් බලන්න

    ReplyDelete
    Replies
    1. මම නම් ඔයා ගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් තියෙනවා...
      රචනාව ත් දාන්නම්කෝ...

      Delete
  4. දාහංකො බලන්න
    කියවන්නත් එපැයි අපිත් නැද්ද හා

    ReplyDelete
  5. මාත් අදයි මේ පැත්තට ආවෙ.
    කෝ දාන්න දාන්න, අපිටත් කියවන්න

    ReplyDelete
    Replies
    1. මම නම් ඔයාගේ බ්ලොග් අඩවියේ එක වෙලා ත් තියෙනවා...
      ගෙදර ගිහින් ආපු ගමන් රචනාව ත් දානවා...

      Delete
  6. අනේ බං මේ රතුපාට

    ReplyDelete
    Replies
    1. රතු පාට අවුල් ද???
      කොයි වගේ පාටක් ද හොඳ???

      Delete