2015-12-25

08. තහනම් උත්තේජක...

අලුත් දෙයක් නෙමෙයි. තහනම් උත්තේජක කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. ඒත් ඒ මාතෘකාව අලුත් වුණා. දවස් ගාණකට කලින් නවසීලන්තයට ගියපු ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කුසල් ව ආපහු එව්වට පස්සේ මේ කතාව අලුත් වුණා...






2015-12-08

07. ඒක ඇත්ත... ඒකත් ඇත්ත...



සමහර බ්ලොග් වල කිසිම සදාචාරයක් නෑ. වචන භාවිතය එහෙම අන්තිමයි...
ඒක ඇත්ත...
ඒත් ඉතිං තම තමන්ගේ මතයට අදාලව මොන මොන වචන දැම්මත් කාටවත් මොකද? ඒකෙත් වරදක් නෑ...
ඒකත් ඇත්ත...

ඇයි එතකොට කුණුහරප වලට **** දාන එක? කොච්චර සදාචාර සම්පන්නද නේද???
ඒක ඇත්ත...
ඒත් ඉතිං කියන්ට තියෙනවා නම් කුණුහරප හරි අමුවෙන්ම ටයිප් කරලා දාන එකේ ඇති වැරැද්දක් නෑනේ...
ඒකත් ඇත්ත...

බ්ලොග් එකේ පෝස්ට් දාන කොට අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ ගැන අවධානයක් දෙන්ට එපැයි...
ඒක ඇත්ත...
ඒ වුණාට ඔන්න ඔහේ දානවා ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස පැත්තක දාලා. ඕනේ එකෙක් ඕනේ එකක් දා ගෙන කියවන්නේ නැතැයි...
ඒකත් ඇත්ත...

2015-12-01

06. අයියෝ ලොක්කෝ...

දවසක්,
චාටර් වුණා, නෝන්ඩි වුණා පට්ට විදිහට...
අම්බානෙක...

(හිටපු ටියුෂන් ගුරුවරයෙක්...
බේර ගත්තා නේද ඔයාව???)

දැන් ආයෙත්,

(ඒ ටියුෂන් ගුරුවරයාම...
බේර ගයිද ඔයාව???)

බලාගෙන ඉන්නවා මමත්...
මේ පාර කොහොමද???
කියලා විමසිල්ලෙන්, අවධානෙන්...

කට්ටිය ඔයාව චාටර් කරයි...
නෝන්ඩි කරයි...

කරපුදෙන්...

ඒත් එතකම්...

අහන්ට තියෙනවා පොඩි දෙයක්  මහත්තයා (සහෝදරයා???) ගෙන්...
එදා හිටපු වාමාංශිකයා කෝ???