2015-12-25

08. තහනම් උත්තේජක...

අලුත් දෙයක් නෙමෙයි. තහනම් උත්තේජක කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. ඒත් ඒ මාතෘකාව අලුත් වුණා. දවස් ගාණකට කලින් නවසීලන්තයට ගියපු ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කුසල් ව ආපහු එව්වට පස්සේ මේ කතාව අලුත් වුණා...






2015-12-08

07. ඒක ඇත්ත... ඒකත් ඇත්ත...



සමහර බ්ලොග් වල කිසිම සදාචාරයක් නෑ. වචන භාවිතය එහෙම අන්තිමයි...
ඒක ඇත්ත...
ඒත් ඉතිං තම තමන්ගේ මතයට අදාලව මොන මොන වචන දැම්මත් කාටවත් මොකද? ඒකෙත් වරදක් නෑ...
ඒකත් ඇත්ත...

ඇයි එතකොට කුණුහරප වලට **** දාන එක? කොච්චර සදාචාර සම්පන්නද නේද???
ඒක ඇත්ත...
ඒත් ඉතිං කියන්ට තියෙනවා නම් කුණුහරප හරි අමුවෙන්ම ටයිප් කරලා දාන එකේ ඇති වැරැද්දක් නෑනේ...
ඒකත් ඇත්ත...

බ්ලොග් එකේ පෝස්ට් දාන කොට අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ ගැන අවධානයක් දෙන්ට එපැයි...
ඒක ඇත්ත...
ඒ වුණාට ඔන්න ඔහේ දානවා ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස පැත්තක දාලා. ඕනේ එකෙක් ඕනේ එකක් දා ගෙන කියවන්නේ නැතැයි...
ඒකත් ඇත්ත...

2015-12-01

06. අයියෝ ලොක්කෝ...

දවසක්,
චාටර් වුණා, නෝන්ඩි වුණා පට්ට විදිහට...
අම්බානෙක...

(හිටපු ටියුෂන් ගුරුවරයෙක්...
බේර ගත්තා නේද ඔයාව???)

දැන් ආයෙත්,

(ඒ ටියුෂන් ගුරුවරයාම...
බේර ගයිද ඔයාව???)

බලාගෙන ඉන්නවා මමත්...
මේ පාර කොහොමද???
කියලා විමසිල්ලෙන්, අවධානෙන්...

කට්ටිය ඔයාව චාටර් කරයි...
නෝන්ඩි කරයි...

කරපුදෙන්...

ඒත් එතකම්...

අහන්ට තියෙනවා පොඩි දෙයක්  මහත්තයා (සහෝදරයා???) ගෙන්...
එදා හිටපු වාමාංශිකයා කෝ???

2015-11-22

05. කරුමයක්...

ආසාවට බ්ලොග් එකක් පටන් ගත්තා...
පෝස්ට් දාන්ට තැනකුත් හොයා ගත්තා...
ඒ තැන දැන් හරිම බිසී වෙන්ට යනවා...
පටන් ගත්ත වැඩේට කෙළ වෙන්ට යනවා...
මට පල දෙන්නේ කොහේ තියෙන කරුමයක් ද මන්දා...

මේක එකෙක් වත් අහලක හිටපු තැනක් නෙමෙයි...
මම එන්ට පටන් ගත්තෙ ඒක නිසා තමයි...
එන එවුන්ට එන්ට එපා කියන්ටත් බෑ මගේ තැනක් නෙමෙයි...
මට ගොඩාක් වෙලාවට වෙන්නෙම මෙහෙම වැඩම තමයි...

පුළුවන් වෙලාවට එනවා මේ පැත්තේ...

ශෝයි වැඩේ... තහනම් වුණා එතැන...
යන්ට කිව්වා වෙන තැනකට...
ඉතින් ගියා මම...
ආයෙත් ශෝයි... එතන තියෙන ඒවා ගේ සිංහල නෑ...
දාලා දෙන්ට කිව්වා... එයාලා උත්සාහ කරා... ඒ වුණාට එයාලා දාන්ට දන්නේ නෑ...

Draft කියන එක පිරෙනවා...
හිතේ තියෙන අදහස් වෙන ඒවාගේ වැටෙනවා...
ඉතින් හිතපු විදිහට මගේ බ්ලොගේ වැඩ ටික කරන්ට වෙන්නේ නෑ වගේ...
කමක් නෑ ඔන්න ඔහේ පුළුවන් විදිහට කර ගෙන යනවා...

2015-10-26

04. මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම් කුමක් කරම්ද???

[පූර්විකාව...]



මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම් කුමක් කරම්ද?

කෙනෙක් හට කළ හැකි හෝ කළ නොහැකි බොහෝ දේ ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ නම් එක් අයෙක් හට කළ නොහැකි දේවල් නැති තරම්ය. ඒ පුද්ගලයා නම් ශ්‍රී ලංකාවේ පාලකයාය. එනම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාය. කෙසේ හෝ මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම් කළ යුතු හා නොකළ යුතු යැයි මට හැඟුණු කාරණා බොහෝය...

2015-10-14

03. මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම්...

පූර්විකාව...

මේක වෙන කොට මම ඉස්කෝලේ ගිහින් ඉවරයි කියලා නම් හොඳටම විශ්වාසයි.
මම දවසක් නුවර පුස්තකාලයට වෙලා පත්තර බල බලා හිටියා. ඒ දවසේ මොකක් හරි දෙයකින් මට ඉරුදින කියලා පත්තරයක් කියවන්ට ලැබුණා. ඒකෙ තිබුණා ඒ පත්තරේ අය සංවිධානය කරන රචනා තරඟයක් ගැන.  සම්පත් බැංකුවත් එක්ක එකතු වෙලා ද කොහේදෝ ඒ තරඟය සංවිධානය කරලා තිබුණේ...
මොනවද කියලා දැන් හරියටම මතක නැති වුණත් මාතෘකා තුනක් තිබුණා කියලා මතකයි...

* ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස
* මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම්
* පාර්ලිමේන්තුවට ඉල්ලීම සඳහා සුදුසුකම් අවශ්‍ය ද?

ඒ තමයි ඒ මාතෘකා වල සාරාංශය...

2015-10-11

02. සරත් අයියා...

අදට සතියයි...


ගිය ඉරිදා (2015 ඔක්තෝබර් 04) උදේ 


"මල්ලි මම ගෙදර යනවා"


 කියලා කිව්වා.

 ඒ ගියේ එයාගේ මල්ලිගේ මඟුලට ලෑස්ති වෙන්න. ගෙදර අයටයි අම්මාටයි ඕනේ කරන බඩු ගන්න සල්ලිත් අරන් තමයි සරත් අයියා ගිය ඉරිදා (2015 ඔක්තෝබර් 04) දේ ගෙදර ගියේ...

එතකොට මඟුල සුගත් අයියාගේ. සරත් අයියා කියන්නේ සුගත් අයියා ගේ අයියාට. සුගත් කියන්නේ මම නතර වෙලා ඉන්න තැන අයිතිකාරයට. නතර වෙලා නෙමෙයි මාව නතර කර ගෙන ඉන්න තැන. අයිතිකාරයා කිව්වට කුලියට තමයි එයාත් ඉන්නේ. ඒත් එයා මාව නතර කර ගෙන ඉන්නේ, කන්න බොන්න දෙන්නේ සල්ලි වලට නෙමෙයි...

2015-10-02

01. මාධ්‍යයවේදියාගේ අපූරු උපාය...

එක මනුස්සයෙක් හිටියා. එයා මාධ්‍යයවේදියෙක්. එයාගේ රස්සාවනේ ඉතින් පුවත් වාර්තාකරණය කියන්නේ. ඒ නිසා මේ මිනිහා මොන දේ කරත් කොහෙන් හරි ප්‍රවෘත්තියක් මවලා හරි තමන්ගේ සාක්කුව පුරවා ගන්න තමයි උත්සාහ කරේ...
මෙයා යන යන තැන පොඩි කැමරාවක් අරන් යන්නෙත් කවදා කොතැනක කෙලෙසක අලුත් දෙයක් වෙයිද කියලා නොදන්න නිසාමයි. ඒ වගේම හැම දෙයක් ගැනම පුදුම විපරමකින් තමයි හිටියේ...

2015-09-16

00. බ්ලොග් ලොවට ආවෙමි...



Nokia 2323c-2 කියන වර්ගයේ ජංගම දුරකථනය ක් මට හම්බ වුණා. කැමරා එකක් වත් නැති වුනාට අන්තර්ජාල පහසුකම නම් තිබුණා. ඒක හෙළ අකුරු තියෙන එකක්. ඉතින් ආතල් එකටත් එක්ක මම සිංහල භාෂාව ලියන භාෂාව විදිහට දාගෙන තමයි උන්නේ. මතක තියා ගන්න ලියන භාෂාව විදිහට විතරයි. කියන්නේ ජංගම දුරකතන යේ ක්රියාත්මක වුණේ ඉංග්රීසි භාෂාව. ලියන තැන් වල සිංහල භාෂාව

මම හිතුවේ කෙටි පණිවිඩ යවන්න, දුරකථන අංක ගබඩා කරන්න, සටහන් දා ගන්න වගේ වැඩ විතරක් සිංහලෙන් පුළුවන් කියලා. ඉතින් මම එහෙම කළා. කිව්වට කෙටි පණිවිඩ යැව්ව එක විතරයි කළේ.  

දවසක් ජාලේ ඉන්න කොට මට ගූගල් එකේ සෙවීමක් කරන්න ඕනි වුණා. ඉතින් මම කළා. එතකොට නිකමට වගේ හිතුණා අර සෙවීමට අදාල වචන ගහන කොටුවේ සිංහලෙන් මොනවා හරි දාලා බලන්න. දාන්න වචනයක් මතක් වුණේ නැති තැන මම "අම්මා" කියලා දාලා  search කරලා බැලුවා.

මෙන්න බොලේ දුරකථන තිරයට මොනවදෝ අඩවි ගානක් ආවා. එදා ඉදන් මම සිංහලෙන් එක එක ජාති හොයන්න පටන් ගත්තා. එහෙම හොයන අතරතුරේ තමයි එක එක බ්ලොග් අඩවි වලට ගොඩ වදින්න පුළුවන් වුණේ. මීට අවුරුදු තුනකට විතර කලින්.

ඉතින් මටත් හිතුණා මේ වගේ මටත් ලියන්න පුළුවන් නම් කොච්චර හොඳයි කියලා. එත් ප්රශ්නය වුණේ පරිගණකයක් නැති එක. තාමත් ප්රශ්නය විදිහට තියෙනවා වුණාට මම බ්ලොග් එකක් පටන් ගත්තා

මගේ බ්ලොග
http://magebloga.blogspot.com/

කියන්නේ එහෙම පටන් ගත්ත එකට තමයි.
ඉතින් මම බ්ලොග් ලෝකය සාදරයෙන් පිලි ගන්නවා.