2015-10-26

04. මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම් කුමක් කරම්ද???

[පූර්විකාව...]



මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම් කුමක් කරම්ද?

කෙනෙක් හට කළ හැකි හෝ කළ නොහැකි බොහෝ දේ ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ නම් එක් අයෙක් හට කළ නොහැකි දේවල් නැති තරම්ය. ඒ පුද්ගලයා නම් ශ්‍රී ලංකාවේ පාලකයාය. එනම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාය. කෙසේ හෝ මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම් කළ යුතු හා නොකළ යුතු යැයි මට හැඟුණු කාරණා බොහෝය...

2015-10-14

03. මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම්...

පූර්විකාව...

මේක වෙන කොට මම ඉස්කෝලේ ගිහින් ඉවරයි කියලා නම් හොඳටම විශ්වාසයි.
මම දවසක් නුවර පුස්තකාලයට වෙලා පත්තර බල බලා හිටියා. ඒ දවසේ මොකක් හරි දෙයකින් මට ඉරුදින කියලා පත්තරයක් කියවන්ට ලැබුණා. ඒකෙ තිබුණා ඒ පත්තරේ අය සංවිධානය කරන රචනා තරඟයක් ගැන.  සම්පත් බැංකුවත් එක්ක එකතු වෙලා ද කොහේදෝ ඒ තරඟය සංවිධානය කරලා තිබුණේ...
මොනවද කියලා දැන් හරියටම මතක නැති වුණත් මාතෘකා තුනක් තිබුණා කියලා මතකයි...

* ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස
* මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම්
* පාර්ලිමේන්තුවට ඉල්ලීම සඳහා සුදුසුකම් අවශ්‍ය ද?

ඒ තමයි ඒ මාතෘකා වල සාරාංශය...

2015-10-11

02. සරත් අයියා...

අදට සතියයි...


ගිය ඉරිදා (2015 ඔක්තෝබර් 04) උදේ 


"මල්ලි මම ගෙදර යනවා"


 කියලා කිව්වා.

 ඒ ගියේ එයාගේ මල්ලිගේ මඟුලට ලෑස්ති වෙන්න. ගෙදර අයටයි අම්මාටයි ඕනේ කරන බඩු ගන්න සල්ලිත් අරන් තමයි සරත් අයියා ගිය ඉරිදා (2015 ඔක්තෝබර් 04) දේ ගෙදර ගියේ...

එතකොට මඟුල සුගත් අයියාගේ. සරත් අයියා කියන්නේ සුගත් අයියා ගේ අයියාට. සුගත් කියන්නේ මම නතර වෙලා ඉන්න තැන අයිතිකාරයට. නතර වෙලා නෙමෙයි මාව නතර කර ගෙන ඉන්න තැන. අයිතිකාරයා කිව්වට කුලියට තමයි එයාත් ඉන්නේ. ඒත් එයා මාව නතර කර ගෙන ඉන්නේ, කන්න බොන්න දෙන්නේ සල්ලි වලට නෙමෙයි...

2015-10-02

01. මාධ්‍යයවේදියාගේ අපූරු උපාය...

එක මනුස්සයෙක් හිටියා. එයා මාධ්‍යයවේදියෙක්. එයාගේ රස්සාවනේ ඉතින් පුවත් වාර්තාකරණය කියන්නේ. ඒ නිසා මේ මිනිහා මොන දේ කරත් කොහෙන් හරි ප්‍රවෘත්තියක් මවලා හරි තමන්ගේ සාක්කුව පුරවා ගන්න තමයි උත්සාහ කරේ...
මෙයා යන යන තැන පොඩි කැමරාවක් අරන් යන්නෙත් කවදා කොතැනක කෙලෙසක අලුත් දෙයක් වෙයිද කියලා නොදන්න නිසාමයි. ඒ වගේම හැම දෙයක් ගැනම පුදුම විපරමකින් තමයි හිටියේ...