මෙයා යන යන තැන පොඩි කැමරාවක් අරන් යන්නෙත් කවදා කොතැනක කෙලෙසක අලුත් දෙයක් වෙයිද කියලා නොදන්න නිසාමයි. ඒ වගේම හැම දෙයක් ගැනම පුදුම විපරමකින් තමයි හිටියේ...
එක දවසක් පාරේ යනකොට මෙයාට කතාවක් ඇහුණා. ඒ කොල්ලො දෙන්නෙක් ගේ පොඩි කතාවක්. මේ කෙනා තමන්ගේ වැඩෙත් කල් දා ගෙන ඒ කතාවට ඇහුම්කන් දෙන්න පටන් ගත්තා...
"එතනමයි ලු නේද?"
"ඔව් මචන්, එහෙම තමයි ආරංචිය."
"යමුද බලන්න?"
"යමන් යමන්."
මේ ටික ඇහුණා විතරයි මේ මිනිහා තවත් ඒ පැත්තට කණ් දෙන්න උණා. යන ගමනත් නතර කරලා කොල්ලො දෙන්නා පස්සේ වැටුණේ තවත් ඒ ගැන තොරතුරු ටිකක් හොයා ගන්න බලාපොරොත්තුවක් ඇතුවයි.
කැමරා එකත් ලෑස්ති කර ගෙන කොල්ලෝ දෙන්නා පස්සේ මෙයා දැන් යන්නේ
"අනතුරක්"
කියන එක ඉවකින් වගේ දැනිච්ච නිසා...
මෙයා මේ විදිහට යන කොට එහා පැත්තේ ඉඳන් ගෑණු අය දෙන්නෙක් සද්දෙට කතා කර කර එනවා. මැදි වයසට ඔන්න මෙන්න හිටිය ඒ දෙන්නා කිට්ටුවෙන් යන කොට ගමන බාල කරලා ඒ කතාවත් යාන්තම් කණට දා ගන්න මෙයාට පුළුවන් උණා.
"පුදුම තදියමක් නේ අක්කේ දැන් කාලේ එවුන්ට තියෙන්නේ."
"එහෙනම්... ඔය ආපු ගමන ටිකක් හෙමීට ආවා නම් අර ජීවිතේ බේරෙනවා නේ"
"හොඳ ජීවිතේ. ජීවිතේ නෙමෙයි අක්කේ එතන ජීවිත දෙකක්."
"හ්හ්හෑඈඈ... අම්මපා කියහන් නංගියේ."
"හ්ම්ම්.. ඒකි ගැබ් බරින් ඉඳලා තියෙන්නේ..."
"අනේ සංසා.....
මේ විදිහට ඒ කතාව ඇහෙන්නේ නැති ගානට ගියාම දැන් මෙයාට හොඳටම විශ්වාසයි අනතුරක් වෙච්ච බව.
දැන් ඉතින් මෙයා කැමරාව එහෙම ලෑස්ති කර ගෙන කොල්ලෝ දෙන්නා පස්සේ යන්න ගත්තා.
එතකොටම මෙයා දැක්කා සෙනඟ ගොඩාක් පිරිලා පාර මැද්දේ වට වෙලා ඉන්නවා කියලා. පැත්තකින් බස් එකක් නතර කරලා තිබුණා.
මෙයාගේ අරමුණ දැන් කොහොම හරි සෙනඟ අයින් කර ගෙන අනතුර තමන්ගේ කැමරාවට ගන්න එක. ඒත් ඒ දේ හිතන තරම් ලේසි නැති වග එයාටම තේරුම් ගියේ ඒ තරමට සෙනඟ පිරිලා නිසා...
එක පාරටම "ගැබ්බර එකී" ගැන දුකක් ඇති වෙනවා වෙනුවට මෙයාට සතුටක් ඇති වෙන්න ගත්තා. ඒකට හේතුව උනේ එයාට සෙනඟ අයින් කරන්න නියම අදහසක් ආපු නිසයි.
එහෙම අදහසක් ආපු එක ගැන එයාටම ආඩම්බර හිතුණා...
"අනේ මගේ වස්තුවේ... අපේ පැටියත් අරන් ඇයි ඔයා යන්න ගියේ...???" කියලා එක පාරටම සද්දයක් දාගෙන මිනිහා සෙනඟ මැද්දට දිවුවා...
වටේ පිටේ ඔක්කොම අයින් උණේ හිතා ගන්නවත් බැරි විදිහට. ඈත් වෙලා මෙයාට ඉඩ දෙන කොට හිත යටින් හිනා වෙලා කැමරාව අතට ගත්තේ උණු උණු රිය අනතුරක දර්ශන ටිකක් කැමරාවට අරන් හොඳ ගාණක් හොයා හිතා ගෙනයි.
ඉතිං මෙයා කැමරා එකත් දික් කර ගෙන ඡායාරූප ගත කර ගන්න බලන කොට
එතන
"ගැබ්බර එළ දෙනක්" ගේ
මළ සිරුරක් තිබ්බා...
මචං අකුරු ටිකක් ලොකු කරලා පාටවල් ටිකක් වෙනස් කරලා බලමුද? තියෙන විදිහ ඇහැට වෙහෙසයි.
ReplyDeleteහොඳට ලියනවා නෙව..
ජයවේවා..!!
ෆෝන් එකෙන් මෙච්චර දෙයක් කරපු එක ලොකු වැඩක්!
Deleteපාටවල් කොහොම ද හොඳ???
Deleteඔයාට පොඩ්ඩක් පැටලිලා...
Deleteඑතන තියෙන්නේ මට පරිගණකයක් නැති එක විතරයි...
ඒ වුණාට මගේ යාළුවෝ ගාව තියෙනවා නේ...
අකුරු ටිකක් ලොකු කරලා ලියමු. තවම ෆෝන් එකෙන්ද වැඩ?
ReplyDeleteඅකුරු දැන් හරි ද බලන්න...
Deleteතාමත් බලන්නේ නම් ඒකෙන් තමයි...
ඒත් මේකෙ වැඩ අහු වෙන තැන් වලින් කරනවා...
ෆීලිං හුකෑස් බං
ReplyDeleteමරු කතාව ඈ...
දිගටම ලියමු
ජයවේවා
මචං මේකට ෆලෝවර් ගැජට්ටුව එල්ලගං වෙලාවක.. අපිට ආපහු එන්න ලේසී එතකොට
Deleteහලෝ... බොහෝම ස්තූතියි...
Deleteලියමු නේ...???
ඔන්න ගැජට්ටුව එල්ලුවා...
පලවෙනි බ්ලොගය නියමෙට ලියලා තියෙනවා.. සුභ පැතුම් අපෙන්..
ReplyDeleteබොහෝම ස්තූතියි...
Deleteමේ වගේ වැඩක් වුණා අපිටත්. අපි ගිය ජීප් එකේ ගැබ්බර එළදෙනක් වැදුණා. මම හිටියේ ඩ්‍රයිවර්ට වම්පස සීට් එකේ තවමත් මැවිලා පේනවා.
ReplyDeleteකරදරයක් නැතුව බේරුණ එක මදැයි...
Delete