2015-09-16

00. බ්ලොග් ලොවට ආවෙමි...



Nokia 2323c-2 කියන වර්ගයේ ජංගම දුරකථනය ක් මට හම්බ වුණා. කැමරා එකක් වත් නැති වුනාට අන්තර්ජාල පහසුකම නම් තිබුණා. ඒක හෙළ අකුරු තියෙන එකක්. ඉතින් ආතල් එකටත් එක්ක මම සිංහල භාෂාව ලියන භාෂාව විදිහට දාගෙන තමයි උන්නේ. මතක තියා ගන්න ලියන භාෂාව විදිහට විතරයි. කියන්නේ ජංගම දුරකතන යේ ක්රියාත්මක වුණේ ඉංග්රීසි භාෂාව. ලියන තැන් වල සිංහල භාෂාව

මම හිතුවේ කෙටි පණිවිඩ යවන්න, දුරකථන අංක ගබඩා කරන්න, සටහන් දා ගන්න වගේ වැඩ විතරක් සිංහලෙන් පුළුවන් කියලා. ඉතින් මම එහෙම කළා. කිව්වට කෙටි පණිවිඩ යැව්ව එක විතරයි කළේ.  

දවසක් ජාලේ ඉන්න කොට මට ගූගල් එකේ සෙවීමක් කරන්න ඕනි වුණා. ඉතින් මම කළා. එතකොට නිකමට වගේ හිතුණා අර සෙවීමට අදාල වචන ගහන කොටුවේ සිංහලෙන් මොනවා හරි දාලා බලන්න. දාන්න වචනයක් මතක් වුණේ නැති තැන මම "අම්මා" කියලා දාලා  search කරලා බැලුවා.

මෙන්න බොලේ දුරකථන තිරයට මොනවදෝ අඩවි ගානක් ආවා. එදා ඉදන් මම සිංහලෙන් එක එක ජාති හොයන්න පටන් ගත්තා. එහෙම හොයන අතරතුරේ තමයි එක එක බ්ලොග් අඩවි වලට ගොඩ වදින්න පුළුවන් වුණේ. මීට අවුරුදු තුනකට විතර කලින්.

ඉතින් මටත් හිතුණා මේ වගේ මටත් ලියන්න පුළුවන් නම් කොච්චර හොඳයි කියලා. එත් ප්රශ්නය වුණේ පරිගණකයක් නැති එක. තාමත් ප්රශ්නය විදිහට තියෙනවා වුණාට මම බ්ලොග් එකක් පටන් ගත්තා

මගේ බ්ලොග
http://magebloga.blogspot.com/

කියන්නේ එහෙම පටන් ගත්ත එකට තමයි.
ඉතින් මම බ්ලොග් ලෝකය සාදරයෙන් පිලි ගන්නවා.