2016-10-29

18. ෆාතිමා...

ඔහු ඔහු ය...
ඇය ඇය ය...
ඔහුත් ඇයත් අතර තිබුණේ හුදෙක් මිතු දමක් පමණක්ම ය. එසේ මිතු දමක් කෙසේ ඇරඹුණා ද ඔවුන්ටම ප්‍රශ්නයක්ය.
ඇය මුස්ලිම් වුවද,  මුස්ලිම්  පිරිමි අය සමඟ වත් වැඩිය කතා බහක් නැති ඇය ඔහු සමඟ මිතුරු වූ  ආකාරය පුදුමයක්ය.
නමුත් එයට ඔවුන් දෙදෙනාම කැමතිය...




ඔහු මුලින්ම ඇය දුටුවේ ඇය මුලින්ම ඔහු දුටු දවසේමය. එදින දෙදෙනා අතර කතාවක් ඇති නොවීය. ඒ වන විට ඇය පෙර පාසලක උගන්වමින් සිටියාය. පෙර පාසලේ ඇයගේ ප්‍රියතම සිසුවෙකු ඇයගේ දුරකත අංකය ඉල්ලා ගත්තේය. එය දුටු ඔහුගේ මතකයේ එම අංකය තැන්පත් විය. එනමුත් ඔහු ඇය සමඟ කිසිදු දුරකතන සම්බධතාවක් පටන් ගත්තේ නැත.
එම වසරේ මුස්ලිම් අවුරුදු දිනය උදා විය. ඔහු ඇයගේ දුරකතන අංකයට කෙටි පණිවිඩයක් යැවුයේ  මුස්ලිම් අවුරුදු සුබ පැතුමක්ය.
එය එතැනින් නිමා විය.
එදිනම හෝ ඊට පසු දින රාත්‍රියේ ඇයගෙන් ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණි. නමුත් අංකය දුරකතනයේ ඇතුළු කර නොතිබුණේය. ඇය කතා කර තිබුණේ ස්තූති කිරීමට හෝ නිකමටය. එදින දුරකතන වල ඇති වූ ප්‍රශ්නයක් නිසා හරි හැටි කතා කිරීමට නොහැකි විය...

ඊටත් දින ගණනකට පසු වට්ස් අප් හරහා ඔහුට ඇයගෙන් පණිවිඩයක් ලැබී තිබුණි. ඔහුට තරමක විමතියක් ඇති වූයේ අංකය නුපුරුදු නිසාවෙනි. එහෙත් එදින දෙදෙනා අතරේ තරමක් දිග වට්ස් අප් සංවාදයක් ඇති විය. දුරකතනයට ඇයගේ අංකය ඇතුළු කර ගත්තේ ද එදිනය...

එදින සිට දෙදෙනා අතර නිතර කෙටි පණිවිඩ, වට්ස් අප් පණිවිඩ, හුවමාරු වීමට පටන් ගත්තේය. දෙදෙනා අතර රහස් නොවූ තරම්ය...

ඔහු නිවාඩුවට පැමිණි පසු කාලය ගත කරේ ඇයගේ පෙර පාසල තිබූ ගොඩනැගිල්ලේය.
ඔවුන් දෙදෙනා අතර ඇතිවූ සිදු වීම් නිමක් නැත්තේය යැයි කිව හැක. නමුත් ඒවායේ නිමක් ඇත. සියල්ල සටහන් කිරීම අපහසුය...

දිනක් ඇය "ගුලාබ් ජමුන්" නම් ආහාරයේ පින්තූර ඔහුට යැවුවේය. ඔහු පැවසුයේ එම ආහාරය ගැන මීට පෙර අසා නොමැති බවය. ඇය පැවසුයේ ඇයට ගුලාබ් ජම්නු සෑදිය හැකි බවය...




ඇයගේ පිට රට සිටින නෑදෑ හිත මිතුරන්  එවූ චොකලට් ගැන ඇය පැවසුවාය.
"මට නැද්ද???" 
යයි දිනක් ඔහු ඇසුවේ ඇත්තටම චොකලට් ඕනේ කමකට නොවේය.
නමුත් ඇය එදිනම නිවසේ තිබූ චොකලට් එකතු කර පාර්සලයක් සාදා තිබුණාය. ඔහුට නිවාඩු නැති බැවින් ඔහු පැමිණෙන තෙක් ඇය එය ආරක්ෂා කළාය.
එහෙත් ඔහුට පැමිණීමට නොහැකි විය. ඔහු පැවසුවේ ඒවා ඇයට ආහාරයට ගන්නා ලෙසය. නමුත් ඇය එම පාර්සලය විවෘත නොකළාය.
පසුව ඇය එය රටේ කෙළවරකට යැවීමට කටයුතු කරේ ඔහු හට ලබා ගැනීමට හැකි වෙන ලෙසය.
එය අතට ගත් ඔහුට ඒ සමඟම මවිතයට පත් වීමට සිදු විය.
එයට හේතුව වූයේ ඇය රහසේම ගුලාබ් ජමුන් ද එවා තිබුණු හෙයින් ය.
නැවත වරක් ඔහුගේ මිතුරන් වෙනුවෙන්ද ඇය ගුලාබ් ජමුන් එවුවාය.
එතැන් සිට ඔහුත් ඇයත් අතර නොයෙකුත් තෑගි හුවමාරු විය.
ඔහුගේ උපන්දිනයට, නව වසරට, ඇයගේ උපන් දිනයට, සිංහල මුස්ලිම් අවුරුදු අවස්ථා වලට, ඔවුන් අතර නිතර තෑගි හුවමාරු විය.
නිතර මුණ නොගැසෙන නිසා සමහර අවස්ථා වල තෑගි දීම සඳහා මහත් වෑයමක් දැරීමට ද සිදුවී තිබිණ.

සෙල්ලම් තුවක්කු වලින් හානියක් ඇති විය හැක්කේ ඇසකට පමණකි. නමුත් එය භයානකය. කුඩා ළමුන් හට සෙල්ලම් තුවක්කු නුසුදුසු යැයි කෙතරම් කීවත් සෙල්ලම් තුවක්කු ඇති කුඩා ළමුන් ඕනෑ තරම්ය. ඇය ඉගැන්වූ පෙර පාසලේ ළමයෙක් දිනක්  සෙල්ලම් තුවක්කුවක් ගෙනවිත් තිබුණේය.
කුඩා දරුවාගේ තුවක්කුව ඉල්ලා ගත් ඇය එය ඔහුට එල්ල කර කීවේ
"අයියා 'ඩිෂුම්'..."
කියාය...



ඇය එසේ කීම ප්‍රශ්නයක් නොවන නමුත්,
එසේ කියමින් එහි කොකා ගැස්සුවේ ඇයිද යන්න ඔහුට තවමත් ප්‍රශ්නයක් ය.
එම සිදුවීම ඔහුට සති දෙකකට ආසන්න කාලයක් පෙනීම අහිමි කරවන්නට හේතුවක් විය.
අහම්බයෙන් සිදුවූ එම සිදුවීමේ දී ඇය අපමණ භීතියකට පත් විය. ඔහුව රැගෙන ගොස් ඇස සෝදා පිරිසිදු කළාය. මුදල් ලබා දුන්නේ වියදමට නමුත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කළේය.
බෙහෙත් ගෙන ආ පසු ඒවා ඇසට දැමීමටත්, ළඟ නොසිටිය අවස්ථා වල නිතර මතක් කිරීමටත් ඇය කටයුතු කළාය...

ප්‍රදේශයේ බලවත් යැයි කිව හැකි කෙනෙක් තමන්ගේ පියා වුවද, ඇය සිටියේ සාමාන්‍ය ආකාරයටය.
නමුත් ඔහුට අනුව ඇය මුස්ලිම් යුවතියක් ව ඉපදුණේ අවාසනාවකටය.
ඔහු ඇය ගැන ඇයට පවසා තිබූ අනාවැකි සියල්ලම පාහේ සත්‍යය විය.
ඒ අතර ඇයගේ විවාහය සම්බන්ධ අනාවැකිය ද විය...

දිනක් ඇය ගෙන් ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණේය.
ඇය 2016 ඔක්තෝබර් 29 විවාහ වන බවත්  එයට නොවරදවාම පැමිණෙන ලෙසත් ආරාධනා කළාය...

ඔහුට ඊට පෙර සිදුවූ සංවාදයක් මතක් විය...

දිනක් ඔහුට මුස්ලිම් යුවතියක් ගැන  අන්තර්ජාලයේ තිබූ පෝස්ටුවක් කියවීමට ලැබී එහි වෙබ් ලිපිනය ඇයට යැවුවේය...

"ඔයා මම ගැන ලියන්නේ නැද්ද?" 
ඇය ඇසුවාය.
"ලියන්ට ඕනේද?"
ඔහු ප්‍රශ්නයකින්ම පිළිතුරු ලබා දුන්නේය.
"ඔව්. ලියන්ට. මම බඳින්ට කලින් දවසේ"
ඇය පැවසුවාය.
ඔහු එම ඉල්ලීම ඉටු කිරීමට සිතා ගත්තේය...

ඔහුට මතක් වූයේ එම සිදුවීමය...

12 comments:

  1. නමට විසි එක්වෙනි සියවස. නමුත්......

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...
      ඒකෙන් අදහස් කරේ???

      Delete
  2. හ්ම්ම්ම්.. හැබැයි වෙනස් විදිහට හැදුනු දෙදෙනෙක් එක් වෙනවා කියන එක සරල දේකුත් නෙමේ..

    ReplyDelete
  3. මුස්ලිම් වීම අවාසනාවක් කියල හිතන්න එපා. බෞද්ධ වුණත් පසුගාමී තැනක ඉපදීම අවාසනාවක්.

    ReplyDelete
    Replies
    1. මේකට මොකක්ද දෙන්ට ඕනේ උත්තරය???
      මෙහෙමයි මම ජාතිවාදී කෙනෙක් වත්, ජාතිකවාදී කෙනෙක් වත් නෙමෙයි...
      ඒත් වෙලා තියෙන දේ ගැන සහ සුද්දයෙන්ම වගේ අවබෝධයක් තියෙනවා...

      හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් තමයි දකින්ට ආසා කරන්නේ...
      ඒ වුණාට
      නිතරම එක පැත්තකට විතරක් "අදින" වැඩේ වත්,
      නිතරම එක පැත්තකට විතරක් "පහර ගහන" වැඩේ වත්
      කරන්ට කැමති නෑ...

      (හරියටම තේරුම් නොවෙන්ටත් ඇති මම මොකක්ද අදහස් කරේ කියන දෙය... )

      Delete
  4. අයියෝ සල්ලි. ඇයි මෙහෙම අවසානයක්??????????????

    ReplyDelete