2017-12-29

35. පන්තියක් පටන් ගන්න කියලා...

2018 පටන් ගත්තා ට පස්සේ අලුත් වැඩක් පටන් ගන්ට අදහසක් තියෙනවා...
ඒත් ඒකෙන් වැඩක් තියෙයිද කියන එක ප්‍රශ්නයක්...
වැඩේ තමයි පන්තියක් පටන් ගන්න එක...

තැන තමයි  බ්ලොග් අඩවිය...
පන්තිය නොමිලේ...
නොමිලේ ම නෙමෙයි ඉතින් පොඩි ගාස්තුවක් අය වෙයි දත්ත වලට...
පන්තියෙන් කරන්ට යන විෂය තමයි
චෙස්... 



මේ අදහස එන්ට හේතු කිහිපයක් ම තියෙනවා...

චෙස් වලට දැන් දැන් දෙමව්පියෝ තමන්ගේ දරුවන් යොමු කරනවා වැඩියි...

විවේකය ගෙවන්ට හොඳ ක්‍රමයක් තමයි චෙස් සෙල්ලම් කරන එක...

පවුලක අය එකතු වෙලා හවසට නාට්‍ය බලන එකට වඩා චෙස් සෙල්ලම් කරනවා නම්
හොඳයි කියලා හිතෙනවා...

විශේෂයෙන් පොඩි දරුවන්ට චෙස් අදින්ට උගන්වලා තියෙන එක පාඩුවක් නෙමෙයි. ඒ
වගේමයි දරුවා කැමති වුණොත් දිගටම චෙස් උගන්වන එක ගැන තීරණයකට එන්ටත්
පුලුවන්...
ඒ නැතත් මනසට ව්‍යායාමයක් විදිහට චෙස් සෙල්ලම් කරන එකත් හොඳයිනේ...


ඉතින් ඒ වගේ දේවල් ටිකක් නිසා චෙස් පන්තිය පටන් ගන්ට හිතුණා වුණාට
 ඒකට බ්ලොග් අඩවිය සුදුසුයි ද?
මෙතැන පටන් ගෙන වැඩක් තියෙයි ද?
කියන සැකය තියෙනවා...

ඒ වගේම දෙගිඩියාවක් තියෙනවා
අලුත් බ්ලොග් අඩවියක් පටන් ගන්නවා ද
මේකෙම කරනවා ද කියන එක ගැනත්...

සැකය නිරාකරණය වෙලා,
පටන් ගත්තොත් කාට හරි ප්‍රයෝජනයක් තියෙයි කියලා හිතුණොත්
2018 ඉඳන් පටන් ගන්නම්...

4 comments:

  1. අලුත් ඒවා එපා.. මේක හොඳයි.. මාත් එනවා පන්තියට.. එක පාරටම ළමයි ගොඩක් ආවේ නැති උනත් උන් උනන්දුවෙන් ඉගෙන ගන්න බවක් පෙනුනේ නැතත් ගණන් ගන්න එපා.. දිගටම පන්තිය කරගෙන පලයන්.. ඒක මේ බ්ලොග් එක තියෙනකම්ම පවතීවි.. කාට හරි චෙස් ඉගෙන ගන්න ඕනි උණු දවසක හරි ප්‍රයෝජනවත් වේවි..
    ජයවේවා! 2018 දිනේවා!

    ReplyDelete
    Replies
    1. හරි...
      ලබන මාසයේ පටන් ගන්නවා...

      Delete
  2. අලුත් ඒවා එපා.. මේක හොඳයි.. මාත් එනවා පන්තියට.. එක පාරටම ළමයි ගොඩක් ආවේ නැති උනත් උන් උනන්දුවෙන් ඉගෙන ගන්න බවක් පෙනුනේ නැතත් ගණන් ගන්න එපා.. දිගටම පන්තිය කරගෙන පලයන්.. ඒක මේ බ්ලොග් එක තියෙනකම්ම පවතීවි.. කාට හරි චෙස් ඉගෙන ගන්න ඕනි උණු දවසක හරි ප්‍රයෝජනවත් වේවි..
    ජයවේවා! 2018 දිනේවා!

    කියල මාත් කියනව...

    ReplyDelete
    Replies
    1. හරි...
      ලබන මාසයේ පටන් ගන්නවා...

      Delete