2016-09-30

17. කයිසර් කයිස් (වෙත) ...

පොඩි වැරැද්දකට සමාජයෙන්ම කෙලවා ගත්තා නේද??? මුල මතක නැති එවුන් ඉන්න ලෝකේ (රටේ) ඔහොම තමයි ඉතින්.
ඒකයි බනින්ට ඇත්තේ.
සමහර අයට නම් මතක් වෙන්ට වත් මුල දන්නේ නැතුව ඇති.
එතකොට එයාලා බැන්නේ???
ඒ ඉතින් කුහක කම මිසක් වෙන මක්කද???
මේක ලංකාව.
මෙහෙ ගොඩාක් උන්ගේ තියෙන්නේ පුහු එව්වා.
වතුර ටැංකියක් පුරවලා දුන්නත් අන්තිමට බාල්දිය ළිඳට වැටුනොත් ඒකට බනින්ට බලා ගෙන ඉන්න එවුන් තමයි ගොඩාක් ඉන්නේ.


මතක විදිහට නම් පටන් ගත්තේ "කෙටි කාලීන ආදරවන්තයා" ගෙන්. 
ඒ කියන්නේ ""පාර්ට් ටයිම් ලවර්"" ගෙන්...

හිත ගිය තැන හැදුව මාළිගාව.
මාළිගාව මගේත් නෙමෙයි ඒත් මමයි රජ.
කුමරිය නුඹ, වැදි රජ මම, මනමේගේ කොපුව ට වඩා සැරයි මගේ කඩුව.
(මගේ කොල්ලා හැමදාම ඕවර් ටයිම්.)
ලොවට හොරා මම කෙල්ලගේ පාර්ට් ටයිම්. 
අපි දෙන්නාගේ පෙම දන්නේ හඳ විතරයි.
පොඩ්ඩ වැරදුණොතින් ගිණි ගයි ගොසිප් නයින්.
වෙලාව යනවා විදුලි වේගයෙන් කාලය අපේ හතුරා.
ඇස් වලින් මාව මැරුවා කෙල්ලේ ඔයා මිණී මරුවෙක්.
ඔයා මගේ වුණාට මට බෑ ඔයාගේ වෙන්න.
ඒක දැන ගෙනත් ඇයි ආවෙ මට තුරුළු වෙන්න???

ගෙදර මිනිහා තියා ගෙන වටේ යන ගෑණු ගැන කිය වෙච්ච ඒ පාර්ට් ටයිම් ලවර් ගේ පාර්ට් ටූ කියලා දෙවෙනි කොටසකුත් දාලා තිබුණා නේද...???
ඒ පාර්ට් එකත් ඉතින් පට්ටම තමයි...

තමන්ගේ ක්ෂේත්‍රයේ උඩටම එන්ට පුළුවන් වුණානේ "සෙල්ලක්කාරයා" එක්ක. 
බැංකු අක්කා, එයාර් ලයින් අක්කා, පොලිස් අක්කා, ත්‍රී වීල් අක්කා 
වගේ අය ට අද වෙච්ච දේ කියලා කොච්චර කල් ද???

අම්මෙක් නැති දරුවෙක් ගේ හැඟීම අහපු අයගේ අස්සටම වදින්ට දුන්නා "ලියුම" ගෙනත්.
ඇත්තටම ඒකත් කොච්චර පට්ටද???
එකෙක් හරි ඒකෙන් අම්මෙක් නැති දරුවෙක් විඳින දේවල් ගැන අවබෝධයක් ගන්ට ඇති...

හරියට පද මාලාව ඇහුවොත් (කියෙව්වොත්) පට්ට තේරුමක් තියෙන ඒවා ගොඩාක් කළා...  සංගීත ශෛලියට ඒ හැටි කැමති නැති අයටත් ඒවා වල තියෙන  තේරුම් දැනෙනවා... වදිනවා...


"යන අයට යන්න දෙන්න අහකට
පලක් නෑ වතුරෙන් මියැදුණු මලකට
යන්න ඉතින් සතුට ඇති තැනට
ඒත් ආයෙත් එන්න එපා දුක එද්දී එතනට"

"රළු මුහුදයි හැදුවේ හොදම කපිතාන්"

"පොඩි කාලේ ඉදන් දැක්කේ හීන. මට බලන්න ඕනේ මගේ අම්මගේ හිනාව.
කට්ටියක් හිනාවෙයි කට්ටියක් අඬයි.ඒත් මට ලොකු අඬන මිනිහගේ හිනාව.
ඒ මගේ හීනයයි."

"හිත ඇත්නම් පත කුඩාද. සල්ලි තිබ්බ නම් හීන ළඟ පාත."

"පැදුරෙන් කුටියට කුටියෙන් මැදුරට . අවුලක් නෑ මචං ආයේ වැටුනත් පැදුරට.
හීනත් වික්කා. යාලුවොත් වික්කා.වචනත් වික්කා.ජීවිතේම වික්කා."

ඒ කියවෙච්ච ඒවා ගෙන්  ටිකක් විතරයි...
ඔය වගේ තව කොච්චර තියෙනවා ද කයිසර් ගේ සිංදු වල???


කොහොම හරි කමක් නෑ අර වගේ දෙයක් ප්‍රසිද්ධියේ කියපු එක පොඩි අවුලක් තමයි. ඒත් ඒ වගේ දෙයකට රටේ එවුන් ගෙන් සමහරක් (බහුතරයක්) දාපු දේවල් නම් දිරෙව්වේ නෑ...
හරියට ජීවිත කාලයටම 
උඹ , වරෙන්, පලයන් වත් නොකියපු එවුන් වගේ තමයි එවුන් හැසිරුණේ...

එතැනදී එවුන් තේරුම් නොගත්ත එක දෙයක් තියෙනවා. 
එවුන් හැසිරුණේ තමන්ගේ අම්මාට ගරු කරන්ට දන්නේ නැති එකෙක් ගාණට දාලා...
ඒත් බැන්නේ අනුන්ගේ අම්මෙක්ටනේ.
ඒ වැඩේ හරියටම හරි නැති වුණත් ඒකෙන් කොහෙත්ම කියවෙන්නේ නෑ තමන්ගේ අම්මාට ගරු නොකරන එකෙක් කියලා...

ඉතින්
කයිසර්

තත්පරයක්,
අවුරුද්දක්,
නුඹේ උණුසුම මට ලැබුණත්,
කළුවරේ මම තනි වූවත්,
නුඹේ හිනාව මට එළියක්...
නුඹ ළඟ නම්,
හඳ මොකටද???
උණුසුම ළඟ,
ඉර මොකටද???
මගේ යෙහෙලිය,
මගේ ගීතය, 
මගේ ජීවය,
අම්මා...

කියලා
"අම්මා" ගැන වර්ණනා කරපු හැටි කට්ටියට අමතක ඇති.
හෙහ්,
එහෙමද, එහෙමත් නැත්නම් එහෙම කිව්ව බව කට්ටිය දන්නේවත් නැතුව ඇති...




4 comments:

  1. අපේ අයියලා කකුල පැටලිලා වැටෙන්න ගියත් කියන්නෙ ඔය කයිසර් කියපු වචනෙම තමයි, දේවාලෙ කපුවො වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. පට්ට පට්ට...
      ඒ කතාව නම් ඇත්ත..

      Delete
  2. කයිසර් එල කොල්ලෙක්. මේ දැන් සිංහල රැප් නැගල ගියාට ඉස්සර රැපට බනින කාලෙ ඉදන් මම අහන්නේ.
    කයිස එල දෙකක් නෑ.
    හැබැයි එක තැනකදි වැරදුනා.
    අව්ලක් නෑ සමාව ඉල්ලන්න ඕනිත් නෑ. ඉස්සරහට පොඩ්ඩක් හිතල කියමු වචන
    මොකද අපි තාම ලංකාවෙ මචං.

    ReplyDelete
    Replies
    1. මොන හේතුවක්ද මන්දා මාත් රැප් වලට නම් ආසා වුණා දන්නා කාලයේ ඉඳන්ම...
      ඔව් ඔව්... වෙච්ච දේ වුණා...
      ආයේ අහවල් දෙයකට ද සමාවක්???

      Delete