2016-05-13

13. කිස් එකක් කරපු හරියක්. . .

මේක, 
මගේ කතාවක් නෙමෙයි,
මම ලියපු කතාවක් නෙමෙයි,
මට වෙච්ච දෙයක් ගැන කතාවක් නෙමෙයි,
කියන එක නම් මම දන්නවා...

කෙනෙක් ලියලා තිබුණු කතාවක් එහෙමම දාන්නේ,
ඒ කතාව තියෙන බ්ලොග දැන් ලියවෙන එකක් නොවෙන නිසා.
කතාව ලියපු කෙනා තමයි කොත්තු නිහාල්...

මේක 
එයාගේ කතාවක් ද,
එයා ලියපු කතාවක් ද,
එයාට වෙච්ච දෙයක් ගැන කතාවක් ද,
කියන එක නම් මම දන්නේ නෑ...




කිස් එකක් කරපු හරියක්. . .


මන් පොඩි කාලේ හිතන් හිටියේ මචන් කිස් කලාම තමයි බබාලා හම්බවෙන්නේ කියලා. දවසක් මායි අපේ අල්ලපු ගෙදරට ඇවිත් හිටපු එයාලා අඳුරන කට්ටියකගේ දුවෙකුයි සෙල්ලන් කර කර හිටියා. එතකොට අපි දෙන්නා හතර වසරේ වගේ ඇති. සෙල්ලන් කර කර ඉද්දි අපි දෙන්නා හැප්පිලා තොල් දෙක වැදුනා. වැදුන ගමන මන් අම්බානෙක බය වුනා. මන් එයාට කිව්වා ඔයාට දැන් බබෙක් හම්බවෙයි අපි දෙන්නගේ තොල් දෙක වැදුනනේ කියලා. ඒකි කියනවා ෂොයිනේ මට එතකොට බෝනික්කව විසික් කරලා බබා එක්ක සෙල්ලන් කරන්න පුළුවන් කියලා. 
මන් ඒකිට ගිහින් කට හෝදන්න කියලා සිය සැරයක් විතර කිව්වා ඒකි ඇහුවෙම නැ. ඊටපස්සේ මට මල පැනලා ඒකිට ගැහුවා ඒකිත් මට ගැහුවා. දැන් දෙන්නම බිම පෙරලි පෙරලි ගහගන්නවා. කොහොමහරි මන් ඒකිට අම්බානෙක ගහලා එක කකුලකින් ඒකිව ඇදගෙන ගියා ටැප් එකක් ලඟට කට හෝදන්න, ඇයි මන් හිතන් හිටියේ එහෙම වුනාම බබාලා හම්බවෙනවා කියලනේ. ඒකි යක්ෂනියක් වගේ බෙරිහන් දිදි කෑගැහැව්වා මන් ඇදන් යද්දි. ඒ සද්දෙට අපේ අම්මලයි එයාලගේ ගෙදර අයයි අහල පහල අයයි ඔක්කොම දුවන් ආවා.
කට්ටිය එකතු වෙලා දෙන්නව බේරලා දෙපැත්තට දාලා මගෙන් ඇහුවා ඇයි ගහන්නේ කියලා. මන් ඉතින් කිව්වා මෙහෙම තොල් දෙක වැදුනා මට තාත්තා කෙනෙක් වෙන්න බැ මෙයාට කට හෝදන්න කිව්වම කරන්නේ නැ කියලා. කට්ටිය දැන් හක හක ගගහා හිනාවෙනවා මට තවත් මල. මට තරහා වැඩි කමටම ඇඬෙන්න පටන් ගත්තා. දැන් මන් අඬනවා අරකිගේ කට හෝදන්න කියලා ඒකි අඬනවා කට හෝදන්න බැ ඒකිට බබෙක් ඕනේ කියලා. එක විකාරයයි දැන් මුළු පැත්තෙම.
මන් එක දිගට බිම පෙරලි පෙරලි ඇඬුවා ඒකිට කට හෝදන්න කියලා. පස්සේ ඒකිගේ නැන්දා වතුර කෝප්පයක් අරන් ඇවිත් අරකි බැ බැ කියද්දි දෙකක් දීලා කට හේදෙව්වා. ඊටපස්සෙ මන් බිම බලන් හොරෙන් හිනා වෙවි ගෙදරට ආවා ඒකි අඬ අඬ ගෙදරට ගියා. ඊට පස්සෙත් අපි පොඩි කාලෙදි ඒකි ආවා අපේ පැත්තට පස් හය පාරක් ඒත් ඒ වෙද්දි අපි දෙන්නා සැර තරහාකාරයෝ. මන් ඒකීට ඔරවනවා ඒකි මට ඔරවනවා.
ඊටපස්සේ දවසක් අපි ඕලෙවල් කාලෙදි අහම්බෙන් මූණට මූණ හම්බවුනා එතකොට ඉතින් දෙන්නම දන්නවනේ බබාලා හම්බවෙන්නේ කොහොමද කියලා දෙන්නටම එක පාරට හිනා ගියා ඒත් ලැජ්ජාවට එදා කථා කලේ නැ. අද නුගේගොඩදි අපි දෙන්නා ආයේ අහම්බෙන් හම්බවුනා අදනන් ගොඩක් වෙලා කථා කර කර හිටියා. මන් ඉතින් විහිළුවට ඇහුවා ආයේ බබෙක් හදමුද කියලා. අම්මෝ බැහැ එක පාරක් බබාව නැති කරවන්න කියලා කට හෝදනකන් බිම පෙරලි පෙරලි ඇඬුවා මේ පාර හැමෝම ඉස්සරහා කොහේ හෝදන්න කියලා අඬයිද කව්ද දන්නෙ කියලා කිව්වා.
.

20 comments:

  1. මේ පාර හැමෝම ඉස්සරහා කොහේ හෝදන්න කියලා අඬයිද කව්ද දන්නෙ කියලා කිව්වා.///
    ලොල්.. හැක්
    මරු සීන් එක හැබැයි ඈ හිහි
    දෙන්න සෙට් වුණේ නැතෙයි

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ... දන්න තරමින් නම් නෑ...

      Delete
  2. උඹට ගැලපෙන්නෙම ඒකි තමා බං......... යකෝ පට්ට විදිහට ම කියලා දීලා තියෙන්නේ උඹට... (උඹට කියන්න තිබ්බේ මේ පාරනං වතුර කෝප්පෙකින් හෝදලා බැහැ.... ගගේ මුහුදේ බැහැලා නාන්න තමා වෙන්නේ කියලා...)

    ReplyDelete
    Replies
    1. මගේ කතාවක් නම් නෙමෙයි ඔන්න...

      Delete
  3. හික්ස් මරු කතාව

    ReplyDelete
  4. කොත්තු නිහාල් බ්ලොග් එකේ ලින්ක් එක මොකක්ද?

    ReplyDelete
    Replies
    1. https://koththuwa1.wordpress.com

      Delete
    2. තෑන්ක්ස් රාජ්!!! කියලා වැඩක් නැහැ. නියම බ්ලොග් එකක්. අපරාදේ නොලියන්නේ.

      Delete
    3. මම හිතන්නේ මේ පොර බ්ලොගක් පටන් ගන්ට ඕනේ නිසා පටන් ගෙන තියෙනවා කියලා...
      ටිකක් බලන්ටකෝ. ඒකේ පෝස්ට් ගොඩාක් තිබ්බට දවස් තුනක් ඇතුලත තමයි ඒ ඔක්කොම දාලා තියෙන්නේ...
      එක්කෝ වතපොතෙන් ගෙඩිය පිටින් බාවලා තියෙනවා එයාගේ ඒවාම...

      කොහොම වුණත් සුපිරියට කරන්ට තිබුණු බ්ලොගක්...

      Delete
  5. Sha....!Harima apooru kathawa!Niyamayi!

    ReplyDelete
  6. කවුරු ලිව්වත් මරුම කතාව. D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...
      ඔයාගේ කතාත් එහෙම නේ...

      Delete
  7. ලින්ක් එකක් නැද්ද

    ReplyDelete
    Replies
    1. https://koththuwa1.wordpress.com/page/5/

      Delete
    2. හහා...මේ ගැන දන්න අය ඉන්නවා නේ???

      Delete
  8. පට්ට කතාව බං...

    ReplyDelete
    Replies
    1. පට්ට පට්ට...
      ඔයා උඩදී උදව් කරලා තිබුණා නේද මට???
      ජාති...

      Delete
    2. පට්ට පට්ට...
      ඔයා උඩදී උදව් කරලා තිබුණා නේද මට???
      ජාති...

      Delete