2016-03-31

11. එක් කෙනාට වැඩ දෙක සම්බන්ධ වීම...

කලින් කොටස්
(එක් කෙනෙක් සහ වැඩ දෙකක්...)
(එක් කෙනා ට වැඩ දෙකේ සම්බන්ධය පටන් ගැන්ම...)

දිනය හරියටම මතක නැති වුණත් ඒ දවස 2016 එකක්. 2014 දි සල්ලි හොයා ගත්ත වැඩේ 2015 දි කරන්ට හිටියා වුණත් ඒ දේ කරන්ට හම්බ වුණේ නෑ. එහෙම වුණේ 2015 දී උපාධි උත්සවය තිබුණේ නැති නිසා. ඒක නිසා 2016 තමයි 2015 තියන්ට තිබුණු එක තිබ්බෙ.
උපාධි උත්සවයට කලින් දවසක ඉඳන්ම කලින් පාර සල්ලි එකතු කරපු යාළුවා එක්ක මේ පාරත් එකතුවේ යන්ට තමයි අර කොල්ලා හිතා ගෙන හිටියේ...

යාල්පානම් වල පත්තර විකුණන සිද්ධියේ ප්‍රමුඛ චරිතයක් එක්ක තමයි මේ වෙන කොට අර කොල්ලා නතර වෙලා හිටියේ. මේ අර ගිය පාර සල්ලි එකතු කරන්ට ආපු යාළුවා නෙමෙයි. ඉතින් මේ පත්තර යාළුවාට දවසක පත්තර 300ක් ඉල්ලන්ට වෙලා තියෙනවා. එක 100 ගොඩක් එයාටයි අනික් 100 ගොඩවල් දෙක තව දෙන්නෙකුටයි. ඒත් කොහොම හරි පත්තර ඉල්ලපු පිට අය දෙන්නාට එන්ට බෑ කියලා. දැන් ඉතින් පත්තර යාළුවාට පත්තර 300ක් විකුණන්ට වෙනවා. මේ දේ වුණේ 2016 තිබ්බ උපාධි උත්සවයට කලින් දවසේ. ඒ කියන්නේ උපාධි උත්සවය දවසේ විකුණන්ට තියෙන පත්තර ගන්න එක ගැන තමයි වැඩේ වෙලා
තියෙන්නේ...

ඔන්න ඔතනදි තමයි

එක් කෙනෙක් සහ වැඩ දෙකක්
කියන දේ සම්බන්ධ වීම පටන්
ගන්නේ...
එකට නතර වෙලා ඉන්න පොරට පොඩි කරදරයක් වගේ එකක්...
මොකක්ද???
පත්තර 300ක් එයාගේ නමට තිබුණාට විකුණන්ට යන්න ඉන්නේ එක් කෙනායි. ඉතින් මේ කොල්ලා මොකද කරේ උපාධි අයගෙන් සල්ලි එකතු කිරිල්ල පැත්තක තියලා යාළුවාට උදව් කරන්ට ගියා.
මොකද එයා හොඳ කෙනෙක් නේ. පුළුවන් විදිහට යාළුවාට උදව් කරන්ට බලා ගෙන තමයි ගියේ.
ඒ කොල්ලා පත්තර 100ක් ගන්නම් කිව්වා.
මේ යාළුවා පත්තර 200ක් ගන්නම් කිව්වා.
ගිය අවුරුද්දේ සල්ලි එකතු කරන්ට එකතු වෙච්ච යාළුවා මේ අවුරුද්දේත් ඒකට ගියා පොරගේ කෙල්ලත් එක්ක...

ඔන්න හා හා පුරා කියලා කොල්ලා දැන් යනවා පත්තර විකුණන්ට. ඇත්තටම නම්
යාළුවාට උදව් කරන්ට...
පත්තර ගන්න තැනට ගියා.
පත්තර මිටිය ගත්තා.
දන්න දෙමළෙන් පත්තර ගන්ට කිය කියා බස් වල නැග නැග, වටේම ඇවිද ඇවිද පත්තර විකුණනවා.
ඒ කොල්ලා එදා තරම් හිතෙන් කුණුහරුප කියන්ට නැතුව ඇති කවදාවත්. ඇයි රුපියල් 10.00ට තියෙන පත්තරය ගන්ට බෑ කියන එවුන් දකින කොට ඉතින් වෙන මොනවාවත් හිතෙන්නේ නෑනේ...

එක වැඩක් කරාට හිත තියෙන්නේ අනික් වැඩේ ළග.
මොකද ඒ වැඩේ මෙච්චර කරදර වෙන්ට ඕනේ නැති අමුතු ආතල් එකක් තියෙන වැඩක්...

ඉතින් එක් කෙනා,
හිත එක වැඩක තියා ගෙන
ගත තව වැඩක තියා ගෙන ඉන්නවා.


(ඊට පස්සේ වෙච්ච දේ --->>>)

6 comments:

  1. //රුපියල් 10.00ට තියෙන පත්තරය ගන්ට බෑ කියන එවුන් දකින කොට ඉතින් වෙන මොනවාවත් හිතෙන්නේ නෑනේ...//
    ඇඩෝව් අපිට ඕනෙනම් ගන්නවා ඕනේ නැත්නම් ගන්නේ නෑ...අරි.

    ReplyDelete
  2. ඕවා රුපියල් 10 ට දුන්නාට අතිනුත් රුපියල් 5 ක් විතර වියදම් කරලා ගහන පත්තර.... නේද බං.....

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා... අපි 10.00ට දෙනවා... ඔක්කොම විකිණුවොත් 10.00 න් 8.00ක් අපිට...

      Delete
  3. ඉතුරු ටිකත් ඉක්මනටම දාන්ඩෝ ...

    ReplyDelete
    Replies
    1. දානවා දානවා... තව එකයි බොහෝ දුරට...

      Delete