2018-07-31

42. වටිනාකම්...

හවස වෙනකොට නිවස වෙත එන අම්මලා තාත්තලා දූ දරුවෝ කට්ටියම එකතු වෙලා ගත කරන කාලය පට්ට අඩු වෙලා තියෙන්නේ. දෙමව්පිය දූ දරු සම්බන්ධතා වැඩි කර ගෙන ජීවිතයට වටිනාකමක් දෙන්ට කවුරුවත් ලැස්ති නෑ වගේ.පවුලේ අය එකතු වෙලා විනෝදයෙන් හවස් වරුව ගත කරනවා නම් ඒකට කරන්ට පුලුවන් දේවල් ගොඩාක් තියෙනවා...



 ගෘහස්ථ ක්‍රීඩාවක් කරන එක, කතාන්දර කියන එක, තේරවිලි තෝරන එක, පැදුරු සාජ්ජ වගේ මොකක් හරි වැඩක් පටන් ගත්තොත් ඒක විනෝදයත් එක්කම පවුල් සම්බන්ධතා වැඩි කරන්ටත් පට්ට උපකාරි බවක් දෙයි...

ගෘහස්ථ ක්‍රීඩා කියන කාණ්ඩය ගත්තොත්
චෙස්, දාම්, පංච, කාඩ්, කැරම් වගේ නානාප්‍රකාර සෙල්ලම් එහෙමත් නැත්නම් ක්‍රීඩා තොගයක් තියෙනවා...

ඒ අතරින් දරුවෝ දෙමව්පියෝ එකතුවෙලා කරන්ට පුලුවන් පට්ට වැඩක් තමයි චෙස් අදින එක...
"අනේ අපිට නම් බැ ඔය චෙස්"
වගේ දේවල් කියන්නේ නැතුව චෙස් කියන්නේ මොකක්ද කියලා හොඳ අවබෝධයක් ඇතුව පටන් ගත්තොත් ඇත්තටම චෙස් කියන්නේ පට්ට විනෝදයක් දෙන වැඩක් කියලා නිකම්ම තේරුම් ගන්ට පුලුවන් වෙයි...
(චතුරංග කියන්නේ පට්ටම විනෝදයක්...)

මේ ක්‍රීඩාව කරන්ට කලබල වෙලා බෑ. පොඩි කාලයක් ගත කරලා හරියට ඉගෙන ගත්තොත් ලස්සනට වැඩේ කර ගෙන යන්ට නම් පුලුවන් වෙයි...


චෙස් වලදී කරන්නේ සාමකාමී යුද්ධයක්. ඒ යුද්ධයට නීති තියෙනවා...
මේකේ
කිං
ක්වීන්
රුක්
බිෂොප්
නයිට්
පෝන්
කියලා ඉත්තෝ වර්ග හයක් ඉන්නවා...
( ඉත්තොන්ගේ නම් හැටියට ලංකාවේ සිංහල අය අතරේ පාවිච්චි වෙන්නේ ඉංග්‍රීසි වචනයමයි. එතැනදී ඒක නමක් විදිහට ගන්නේ. දෙමල අය  ඉංග්‍රීසි නම් ටික පරිවර්ථනය කරලා තේරුම් විදිහට පාවිච්චි කරනවා...)

මේ ඉත්තෝ වර්ග හයටම තියෙන්නේ වෙනස් ලක්ෂණ.
චෙස් අදින කෙනා ඒවා දැන ගෙන ඉන්ට ඕනේ...

අර කතාන්දරයේ නම් හිටියේ
රජෙක් 
රැජිණක් 
බලකොටු දෙකක්
සාධුලා දෙන්නෙක්
අශ්වයෝ දෙන්නෙක්
සෙබලු අට දෙනෙක් නේ...

ඒකට අනුරූපව ගත්තොත් චෙස් වල
රජා තමයි කිං කියන්නේ.
රැජිණ ක්වීන්.
බලකොටු රුක්ලා.
සාධුලා තමයි බිෂොප්ලා.
අශ්වයෝ නයිට්ලා.
සෙබලු තමයි පෝන්ලා...



යුද්ධයකදී අනික් පිලේ අයව මරලා යුද්ධ බිමෙන් අයින් කරනවා වගේ මේ චෙස් වලත් දෙයක් තියෙනවා...
ඒ තමයි ඉත්තෝ කපන එක. අනික් පිලේ ඉත්තන්ව කැපීමක් මගින් චෙස් ලෑල්ලෙන් අයින් කරන්ට පුලුවන්.
හැබැයි ඒ ඔක්කෝම කරන්නේ යම් නීතියකට අනුව.
ඔව් ඒක එහෙමයි. ඕනෑම ක්‍රීඩාවකට නීති තියෙනවානේ...


හරි...
ඒ ඔක්කෝම දැන ගන්ට පුලුවන්.
ඊට කලින් චෙස් ක්‍රීඩාවේ ඉන්න ඉත්තන්ගේ වටිනාකම ගැන දැන ගන්න එක වටිනවා...

ඉත්තොන්ගේ හැකියාවන් සහ එයාලාගේ බලය අනුව එයාලාට වටිනාකම් නියම වෙලා තියෙනවා...
මේ ඉත්තෝ අතරින් බලයෙන් අඩුම ඉත්තා විදිහට ගැනෙන්නේ  පෝන්...
එයාට සාපේක්ෂව තමයි අනික් අයගේ වටිනාකම් තීරණය වෙන්නේ...

සාධාරණ අවස්ථාවන් වලදී,
නයිට්  ඉත්තෙක් පෝන් ඉත්තෝ තුනකගේ වටිනාකමට සමානයි කියලා සැළකෙනවා...
බිෂොප් ඉත්තෙක් ගත්තොත් ඒත් එහෙමමයි.
එතකොට රුක් ඉත්තෙක් ඊට වඩා වටිනවා. එයාගේ වටිනාකම පෝන් ඉත්තෝ පහකට සමාන වෙනවා.
ක්වීන් ඉත්තා පෝන් ඉත්තා වගේ නව ගුණයක් වටිනවා.
එතකොට කිං???
එයාගේ වටිනාකමට සමකරන්ට ඔය මොකෙක්ටවත් බෑ...
එයාගේ වටිනාකම අනන්තයයි.
ඒකටත් හේතුවක් තියෙනවා...
(මතකනේ කතාන්දරය? එක රජෙක්වත් මරන්ට තහනම්. යුද්ධය ඉවර වෙන්නේ රජෙක්ව අල්ලා ගත්තාට පස්සේ...)

ඒ වගේ චෙස් වලදී කිං ඉත්තා කපන්ට තහනම්.
ඒ නිසා එයාගේ වටිනාකම අනන්තයයි...


ලකුණු විදිහට ගත්තොත්
පෝන් කෙනෙක් ට ලකුණු එකයි...
නයිට් කෙනෙක් ට ලකුණු තුනයි...
බිෂොප් කෙනෙක්ට ලකුණු තුනයි...
රුක් කෙනෙක්ට ලකුණු පහයි...
ක්වීන් කෙනෙක්ට ලකුණු නවයයි...
කිං කෙනෙක්ට ලකුණු අනන්තයයි...



ඔන්න ඔය විදිහට තමයි ඉත්තොන්ට වටිනාකම් නියම වෙන්නේ...

දැන් තියෙන්නේ චෙස් අදින්ට ඉගෙන ගන්ට...
සේනා දෙක පෙල ගැහිලා ඇදීම් ගැන ඉගෙන ගත්තාට පස්සේ චෙස් අදින්ට පුලුවන්.
ඒ නිසා
ඉතිරිය ඉදිරියට...

2 comments:

  1. එල ඉතිරියත් බලමු අපි නොදන්න චෙස්

    ReplyDelete
    Replies
    1. දානවා...
      දැන් චෙස් අදින්ට ලෑස්ති වෙලාද ඉන්නේ???

      Delete