2018-04-30

39. අහිමි දේ...

නිරුදක කතරට අහිමිය දිය බිඳු...
එනමුදු කතරට අවැසිය දිය බිඳු...
ලැබුණත් කතරට වැස්සෙන් දිය බිඳු...
නොපතන් කතරට හිමි නැති දිය බිඳු...

මාත් කවිකාරියක් වෙලා ද?



නෑ නෑ මේක හිතට ආපු පුංචි අදහසක් විතරයි...

මොකක්ද මේකේ තේරුම කියලා ඔයාලා හිතනවා ඇති නේද?
හරි කියන්නම්...
නෑ නෑ නෑ...
ලියන්නම්...
ආයෙත් වැරදුණා...
ටයිප් කරන්නම්...

කතරක් කියන්නේ කාන්තාරයක්. වතුර නැති තැනක්. ඒත් කාන්තාරයටත් වතුර ඕනේ...
වැස්සට කාන්තාරය ගැන දුක හිතිලා වතුර දුන්නා වුණාට වැස්සට ඒ දේ හැමදාම කරන්ට බෑ. මොකද වැස්ස කියන දේ අයිති වෙන්නේ වනාන්තරයට.

ඉතින් වතුර නැති කාන්තාරයට වැස්ස අනුකම්පා කරලා වතුර ටිකක් දුන්නා කියලා කාන්තාරය කවදාවත් වැස්ස කියන්නේ කාන්තාරයට අයිති දෙයක් කියලා හිතන්ට හොඳ නෑ...
වැස්ස හැමදාම තමන් ලඟ තියෙයි කියලා පතන්ට හොඳත් නෑ...

ඔව් අයියේ...
ඒක තමයි ඇත්ත...

ඔයාලා බලනවා ඇති මේ අයියා කවුද කියලා...
ඇත්ත...

මුලින් ඔයාලා ට ආමන්ත්‍රණය කරලා ඔයාලා ට කතාව කියලා එක පාරටම අයියෙක් ගැන කියවනවා කියලා ඔයාලා ට පුදුම ඇති...

හරි මම ඔයාලා ට මගේ කතාව දාන්නම්...
ආආආ ඊට කලින් තව දෙයක් තියෙනවා...
මුලින්ම අපි පූර්ව අපර සන්ධි ගැලපීමට යමුකෝ...

සමහර ජීවිත තියෙනවා සමහර දේවල් ඒ ජීවිත වලට හිමි නෑ...
ඉතින් තවත් සමහර අය ඇවිත් අනුකම්පා කරලා ඒ අහිමි දේ  දෙනවා...
ඒත් මතක තියා ගන්ට ඕනේ කාරණය තමයි, අහිමි දේ  අහිමියි ම තමයි කියන එක...
අහිමි දේ  බලාපොරොත්තු වෙන එක වැරදියි කියන එක...

ඔන්න ඕක තමයි ගැලපීම...

වතුර අහිමි කතර = සමහර දේවල් අහිමි සමහර ජීවිත...
කතරට වට වැස්ස = අහිමි දෙවල් දෙන සමහර ජීවිත...

මම දන්නවා උඩක් බිමක් නැතුව ඇති සමහර විට ඔයාලාට...
ඒත් මේ කතාව අවසානයට ඔයාලාට තේරුම් ගන්ට පුලුවන් වෙයි ඔක්කෝම...

කාන්තාරය මම...
මට නමක් දා ගන්නම්

නිරුදකී
කියලා...

වැස්ස තමයි අයියා...
එයාට නමක් දාමු

වර්ෂ
කියලා...

වනාන්තරය අයියා ගේ පෙම්වතී...

එයාට මොකක්ද දාන නම??? ම්ම්ම්...
හ්ම්ම්ම්...
එයාට දාමු

වනානී 
කියලා නමක්...

හරි...
දැන් උත්තම පුරුෂයෙන් ප්‍රථම පුරුෂයට...

මෙතැන් පටන් ලෑස්ති වෙන්ට මගේ කතාව කියවන්ට...
ඒ කියන්නේ මෙයාලා ගේ කතාව...
ඔන්න මුලින්ම මතක තියා ගන්ට...

නිරුදකී
වර්ෂ
වනානී

මේ තුන් දෙනා ගේ කතාව කියන මම නිරුදකී ම තමයි කියන එක...
ඒ නිසා සමහර තැන් වලදී මම මමම වෙයි...

නිරුදකී මම වෙයි...

ඒත් මම උපරිම උත්සාහ කරනවා මේ කතාව මාව සම්බන්ධ නොකර ගෙන කතාවක් විදිහටම  ඉදිරිපත් කරන්ට...

ඒ කියන්නේ මේක
නිරුදකී
වර්ෂ
වනානී ගේ
කතාව විදිහටම ගෙනෙන්ට උත්සාහ කරනවා...

හදිසියේ හරි උත්සාහය වැරදුණොත්
ගණන් ගන්ට එපා හොඳේ...


මතු සම්බන්ධයි...

4 comments:

  1. ඊලඟ කොටස ඉක්මනට දාන්නො.....

    ReplyDelete
    Replies
    1. දාන්නම් දාන්නම්...
      තව එකක් තියෙනවා නේ අතර මැද නතර කරපු...

      Delete
  2. ඊළග එකත් දාන්ඩ බලන්න

    ReplyDelete
    Replies
    1. ඔව්...
      දාන්නම්...
      අතර මැද නතර කරපු තව එකක් තියෙනවා...
      ඒකත් දාන්ට එපැයි...

      Delete