2017-06-27

28. පට්ට...

පට්ට වැඩ ගොඩාක් අස්සේ දවල් කාලයේ හිරවෙලා
පට්ට කම්මැලිකමේ රෑ කාලයේ ඉන්න කොට පට්ට කතාවක් මතක් වුණා...
මේ  සිදුවීම පට්ට ඇත්ත...

ඊට කලින් පට්ට දේවල් ටිකකුත් තියෙනවා මතක් වෙච්ච...
පට්ට සීන් එක කියන්නේ මොන හේතුවකටද මන්දා ගොඩාක් තැන් වලදී පට්ට කියලා කියවෙනවා...
පොඩි කාලයේ ඉඳන්ම පට්ට විදිහට එක එක ඒවා අහලා තියෙනවා නිතරම පට්ට කියලා කියන නිසා...





පට්ට ආතල්
පට්ට රස්නෙයි
පට්ට සීතලයි
පට්ට රසයි
පට්ට බඩගිනියි
පට්ට ලස්සනයි

අම්මෝ පට්ට කියන වචනය යෙදෙන අවස්ථා පට්ට විදිහට තියෙනවා...
පට්ට විදිහට මතක් වෙනවා...

හරි හරි...
මෙන්න මතක් වෙච්ච පට්ට සිද්ධිය...

පොඩි කොල්ලෙකුයි පොඩි කෙල්ලෙකුයි එයාලා ගේ දෙමව්පියෝයි එක්ක පොඩි ගමනක් ගියා. ඒ ගමනට මටත් එකතු වෙන්ට හම්බ වුණා...
පොඩි කොල්ලා එයාගේ නංගීට පිස්සියේ කියලා කිව්වා...
ඊට පස්සේ ඇති වෙච්ච දෙබසේ සාරාංශය තමයි මේ...

පොඩි කොල්ලාගේ අම්මා :-
දැන් මෙයා හොඳ වචනයක් පුරුදු වෙලා ඉන්නවා. ඉන්නවාකෝ, මම අල්ලා ගන්නම් ආයේ ඒ වචනය කියද්දී...

මම හිතුවේ පිස්සියේ කියපු නිසා එහෙම කිව්වා කියලා

මම :-
මොකක්ද??? පිස්සියේ කියන එකද???

පොඩි කොල්ලාගේ අම්මා :-
නෑ නෑ. ඒක නෙමෙයි. මේ දැන් හැමෝම කියන වචනයක්.

මම තේරුම් ගත්තා මට නිතරම කියවෙන නිසා තමයි මොකක්ද කියලා කෙලින්ම කියන්නේ නැත්තේ කියලා...

මම :-
මොකක්ද එහෙම නම්? පට්ට කියන වචනය ද???

ඒ අම්මා තත්පර ගාණක් නිශ්ශබ්දව හිටියා...

පොඩි කොල්ලාගේ අම්මා :-
ඔව්

මම :-
ඉතින්...
මොකක්ද ඒකේ ඇති වැරැද්ද? මමත් නිතරම කියනවානේ...

පොඩි කොල්ලාගේ අම්මා :-
ඒ වුණාට පොඩි ළමයිනේ... එයාලා එහෙම කියන්ට හොඳ නෑ...



මෙච්චර වෙලා කතාව අහා ගෙන හිටපු පොඩි කොල්ලා කතා කළා...

පොඩි කොල්ලා :-
ඉතින් අම්මේ ඒ වචනය එන්ට ඕනේ තැනට මම මොකක්ද කියන්ට ඕනේ???




11 comments:

  1. ඒ පට්ට කොල්ලා උඹද

    ReplyDelete
    Replies
    1. මම කට්ටියක් එක්ක යද්දී වෙච්ච සිදුවීමක්...

      Delete
  2. Replies
    1. ඇත්තටම පට්ට නම් පට්ට තමයි...

      Delete
  3. පට්ට කියන්න පුරුදු වෙන්න හොඳ නැ හොඳේ... lolz

    ReplyDelete
  4. මම දැං උඹේ පට්ටන්දරෙත් දිගාරිනව මෙතන, හොඳේ?

    ReplyDelete
    Replies
    1. පට්ට අන්දරය = පට්ටන්දරය

      ඇත්තටම මොකක්ද මගේ පට්ටන්දරය???

      Delete
    2. එහෙම එකක් නෑ චතුරංග. දැනගත්තත් මම එහෙම කියන්නෙ නෑ. :D

      Delete
    3. අන්න පට්ට කතාවක්...
      මම හරි කැමතියි ඒකට...

      Delete