2016-12-31

20. එළිය අඳුර...

ඔයා හිටියේ අඳුරේ...
එහෙමයි ඔයා කිව්වේ...
මම නම් හිටියේ අඳුරේ නෙමෙයි...
එළියේයි අඳුරේයි ගැට්ටේ, ඒත් එළිය පැත්තේ...







ඇයි ඔයාට  මාවත් අරන් එළියට යන්ට ඕනේ වුණේ???
ඒක මෝඩ ප්‍රශ්නයක් නේ???
කමක් නෑ කොහොම හරි අපි එළිය ට ගියානේ...
එළියේ අපි හිටියේ එකට වෙලිලා නේ...
ඒත්  ඇයි ඔයාට ආයේ අඳුරට යන්ට උවමනා වුණේ???
නෑ නෑ ඔයා යන එක නෙමෙයි ප්‍රශ්නේ...
මාවත් ඇද ගෙන යන එක නේ...

හ්ම්ම්ම්...

ඔයා දැන් ආයෙමත් අඳුරේ...
ඒත් තනියම නෙමෙයි නේ...
ඔයා එක් කෙනෙක් නොවෙන වග අමතක කරා වගේ...





අඳුරේ දෙන්නාම මුලා වෙලානේ...
එළියට නොගියොත් සදහටම අඳුරේ...
තවමත් පමා නැති එකේ...
ආයෙත් එළියටම යමු නේ???


දෙන්නාටම අත් ඇති එකේ...
අල්ලා ගෙන අත් දෙක මගේ...
මට දීලා අත් දෙක ඔයාගේ...
එළිය පැත්තටම යමු නේ???



8 comments:

  1. කවිය ලියපු ස්ටයිල් එකට මන් කැමතියි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් තව එකක් හරි මේ වගේ දාන්ට උත්සහා කරනවා...

      Delete
  2. හොඳ පදපෙළක්. හිතට දැනුණා .

    ReplyDelete