2016-04-30

12. වැඩ දෙකේ අන්තිම ප්‍රතිඵල...

කලින් කොටස්

(එක් කෙනෙක් සහ වැඩ දෙකක්...)
(එක් කෙනා ට වැඩ දෙකේ සම්බන්ධය පටන් ගැන්ම...)
(එක් කෙනාට වැඩ දෙක සම්බන්ධ වීම...)

ගත එක්ක ඉන්න වැඩේ මුලින් කරන්ට ඕනේ කියන එක ඔළුව ඇතුලේ තියෙනවා. නැත්නම් යාළුවා අමාරුවේ. ඉතින් හිතේ තියෙන වැඩේට යන එක කොහොම හරි යන්ට බලා ගෙන ඉක්මණින් පත්තර විකුණන්ට තමයි දැන් අදහස...

ඔන්න දැන් විකුණා ගෙන විකුණා ගෙන යනවා. ඒ අතරේ ඒ වැඩේටම ඇවිත් ඉන්න අනික් අයත් මුණ ගැහෙනවා.



කොහොම හරි අන්තිමට යාළුවාට උදව්වට ගිය වැඩේ පියවරෙන් පියවර ඉවර වෙන්ට පටන් ගත්තා. පත්තර 100ක් අරන් ගිහින් ඒකෙන් පත්තර 75ක් විතර විකුණලා තිබුණා. එතනදි තවත් කෙනෙක් උදව්වට ඇවිත් පත්තර 13ක් විකුණලා දුන්නා. පස්සේ එපා වෙන කම් ඉඳලා 99ක් විකුණලා දුන්නාට පස්සේ පත්තර ගත්ත කෙනා අනික් එක විකුණන්නම් කිව්වා. ඒත් මේ කොල්ලා ඒකට ඉඩ නොතියා රුපියල් 10.00ක් දීලා ඒ පත්තරය ගත්තා මතක සැමරුමක් විදිහට...

මේ තියෙන්නේ ඒ පත්තරය...




ගෙදර ආවාට පස්සේ තමයි තේරුණේ පත්තර වෙළඳාමේ අරුම. ඉන්ට බෑ අත් රිදෙනවා පත්තර තියා ගෙන ඉඳලා. කකුල් රිදෙනවා බස් වලට ගොඩ වෙලා. ඒත් එහෙම කියලා නිකම් ඉන්ට බෑ. වැඩ දෙකේ අනික පටන් ගන්ට තියෙනවා...

දැන් තමයි  වැඩේ පටන් ගන්නේ. ඒක තමයි සල්ලි එකතු කරන එක. ඉක්මණට ගෙදර ගිහින් නාලා ලෑස්ති වෙලා ගියා උත්සවය තියෙන තැනට. මේ පාර පොඩි වෙනසක් කරලා. ඒ තමයි උපාධිය දෙන එක කැන්ටිමේ ඉඳලා සජීවි විදිහට බලන්ට පුළුවන්. ඒක ලේසියි සල්ලි එකතු කරන්ට ඉන්න අයට. මොකද කලින් උත්සව වල උපාධි කාරයෝ පිට වෙන කම් බලා ගෙන ඉන්ට ඕනේ. ඒත් මේ පාර පිට වෙන වෙලාව දැන ගන්ට පුළුවන් නිකම්ම. ඉතින් කට්ටිය පිට වෙන වෙලාවට එළියට එනවා. අතට අත දෙනවා. සල්ලි ඉල්ලා ගන්නවා. යනවා. මේ විදිහට හෙමින් දවස ගෙවිලා ගියා...


උත්සවයේ දෙවෙනි දවසේ දීත් මේ කොල්ලා උදේම ගියා පත්තර විකුණන්ට. ඒ ගියේ නම් කාටවත් උදව් කරන්ට නෙමෙයි තමන්ගේ ආදායම හොයා ගන්ට. ඒ දවසේ යාළුවෙක් එක්ක කතා වෙලා පත්තර 100 ක් අරන් 50 ගණනේ දෙන්නා බෙදා ගෙන තමයි වැඩේට බැස්සේ. ඉතින් කලින් දවසට වඩා කලින් පත්තර ටික ඉවර කර ගත්තා. ඉක්මණට ගියා දෙවෙනි වැඩේට...

දෙවෙනි දවසේ කලින් ගියපු නිසා නියමයි. ගොඩාක් එකතු කර ගන්ට ලැබුණා. ඒ දවසේ පහළ කාණ්ඩයේ කෙල්ලො දෙන්නෙක් එකතු වුණා මේ කොල්ලාට. තුන් දෙනා එකතු වෙලා හොඳ ගාණක් හොයා ගත්තා. සමහර දෙමළ කොල්ලොන්ගෙන් ප්‍රශංසා පවා ලැබුණා හොඳට වැඩේ කරනවා කියලා. සමහර දෙමළ අය එකතු වෙන්ටත් ඇහුවා මේ තුන් දෙනාත් එක්ක. ඒත් මේ තුන් දෙනා එයාලා ගේ වැඩේ පාඩුවේ කර ගත්තා. කෙල්ලෝ දෙන්නා නම් කොල්ලාට කිව්වේ
"අයියා නිසා අපිත් ගාණක් එකතු කර ගත්තා"
කියලා...
ඒ කතාවේත් පොඩි ඇත්තක් තිබුණා. මොකද සල්ලි දුන්නේ නැති අයගෙන් සල්ලි ඉල්ලුවේ ගොඩාක් වෙලාවට මේ කොල්ලා. ඒ කියන්නේ හැම වෙලාවේම වගේ කියන එක. එතකොට එයා කෙල්ලෝ දෙන්නාත් පෙන්වලා තුන් දෙනාටමයි ගාණ ඉල්ලා ගත්තේ...

අන්තිමට මේ ටික එකතු වුණා...




ගොඩවල් ගහලා ඉවර කරපුවාම තිබුණේ මෙහෙම...




ගොඩවල් ගහලා එකතු කරපුවාම තිබුණේ මෙහෙම...




එතන තිබුණා, 870.00ක්  860.00ක් 960.00ක් 840.00ක්...
ඔක්කොම 3530.00යි...


පොඩි පොඩි වියදම් නැතුව තමයි ඒ...


අන්තිමට මේ ටික ඉතුරු වුණා...


2 comments:

  1. හෙහ් පත්තර විකිණිල්ලත් මරු නේ.. සල්ලි එක්කහුකරන්නම කියල මොකෝ හිහි

    ReplyDelete
    Replies
    1. මේ පත්තර සල්ලි නෙමෙයි...
      අතට අත දීලා ගත්ත සල්ලි...

      Delete