2015-12-08

07. ඒක ඇත්ත... ඒකත් ඇත්ත...



සමහර බ්ලොග් වල කිසිම සදාචාරයක් නෑ. වචන භාවිතය එහෙම අන්තිමයි...
ඒක ඇත්ත...
ඒත් ඉතිං තම තමන්ගේ මතයට අදාලව මොන මොන වචන දැම්මත් කාටවත් මොකද? ඒකෙත් වරදක් නෑ...
ඒකත් ඇත්ත...

ඇයි එතකොට කුණුහරප වලට **** දාන එක? කොච්චර සදාචාර සම්පන්නද නේද???
ඒක ඇත්ත...
ඒත් ඉතිං කියන්ට තියෙනවා නම් කුණුහරප හරි අමුවෙන්ම ටයිප් කරලා දාන එකේ ඇති වැරැද්දක් නෑනේ...
ඒකත් ඇත්ත...

බ්ලොග් එකේ පෝස්ට් දාන කොට අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ ගැන අවධානයක් දෙන්ට එපැයි...
ඒක ඇත්ත...
ඒ වුණාට ඔන්න ඔහේ දානවා ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස පැත්තක දාලා. ඕනේ එකෙක් ඕනේ එකක් දා ගෙන කියවන්නේ නැතැයි...
ඒකත් ඇත්ත...


මේ උපාධියෙන් නම් වැඩක් නෑ. පොතේ තියෙන දේවල් ඔක්කොම කට පාඩම් කරගෙන ගිහින් විභාගේ ලියනවා.  මේ ලෝකේ දෙයක් ඉගෙන ගන්නේ නෑ...
ඒක ඇත්ත...
ඒ වුණාට රස්සාවකට බලන්නේ උපාධි සහතිකය විතරයිනේ. කොහොමද ගත්තේ කියලා බලන්නේ නෑනේ...
එතෙන්ට ගියාම මුල පටන් කියලා දෙනවානේ කරන්ට ඕනේ දේ...
ඒක නිසා ඉගෙන නොගෙන හරි විභාගේ ගොඩ දා ගත්තා නම් හරි...
ඒකත් ඇත්ත...

ආදරය කියන්නේ අයිති කර ගැනීමම නෙමෙයි නේ...
කොහේ ඉඳන් හරි තමන් ආදරය කරන කෙනා සතුටින් ඉන්නවා බලලා සතුටු වෙන්ට පුළුවන් නම් ඒ ඇති...
ඒක ඇත්ත...
ඒ වුණාට මොන බම්බුවක්ද???
ආදරේ කරනවා නම් අයිති කර ගන්ට ඕනේ...
දුරින් තියන්, වෙන එවුන් එක්ක යවලා අහවල් දෙයක් කරන්ටැයි...
ඒකත් ඇත්ත...

ගෑණියක් ගත්තාම උයන වැඩ අතු ගාන වැඩ ටික ඔක්කොම එයා ලවා කරවා ගන්ට ඕනේ. කොහොමටවත් පිරිමියා ඒවා කරන්ට යන්ට හොඳ නෑ...
ඒක ඇත්ත...
ඒත් එක අතකට විවේකෙන් ඉන්නවා නම් උයන, අතු ගාන වැඩ කරන එක හරි ඒවාට උදව් කරන එක හරි වරදක් නෙමෙයි තමයි...
ඒකත් ඇත්ත...

ප්‍රේමය, ආදරය පාරිශුද්ධයි. ඒ නිසා සීමාව දැන ගෙන ආදරවන්තයෝ ආශ්‍රය කරන්ට ඕනේ...
ඒක ඇත්ත...
ඒත් එහෙම කියලා සීමාවෙම හිටියොත් අනික් එකා නතර වෙන්නේ පිට ගිහිල්ලානේ...
ඒකත් ඇත්ත...

සල්ලි හොයන්ට සූදු කෙළින එක හරි නෑ...
ඒක ඇත්ත...
ඒත් සූදු කෙළලා දිනන්ට පුළුවන් නම් එහෙම කරලා හරි සල්ලි හොයා ගත්තම කාටවත් මොකෝ???
ඒකත් ඇත්ත...

කෙල්ලෝ වුණාම වැහෙන්ට ඕනේ තැන් වැහෙන විදිහට ඇඳුම් අඳින්ට ඕනේ. එතකොට තමයි ලස්සන...
ඒක ඇත්ත...
ඒත් තමන් කැමති නම් භාගෙට ඇඳගෙන හිටියත් මක් වෙනවද? එහෙම ඉන්න කෙල්ලො ගාව වුණත් අමුතු ලස්සනක් තියෙනවා...
ඒකත් ඇත්ත...

මනුස්ස ආත්මයක් ලැබුණු එකේ ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්ට ඕනේ. අන්තිම කාලේ කියලා නිකම් ඉන්න හොඳ නෑ. මොකක් හරි ප්‍රයෝජනවත් වැඩක් කරන්ට ඕනේ...
ඒක ඇත්ත...
ඒත් ඉතින් විවේකයෙන් ඉන්ට තියෙනවා නම් ඊට වඩා දෙයක් තියෙනවාද???
කොහෙන් හරි සල්ලි ටිකක් හොයා ගෙන අන්තිම කාලේ විවේකෙන් හිටියා නම් වෙන මොකවත් ඕනේ නෑ...
ඒකත් ඇත්ත...

වත්තේ වැඩ ටික තමන්ම කර ගත්තාම කුලී කාරයාට දෙන ගාන ඉතුරුයි...
ඒක ඇත්ත...
එක අතකට සල්ලි හොයන්නේ මොකටද? ඒවා කර ගත්තා නම් හරිනේ හොයන සල්ලි වලින්...
ඒකත් ඇත්ත...

අරයලාට පිස්සු අනේ...
දවස තිස්සේ වැඩ කරලා
බොහෝම අමාරුවෙන් හොයා ගන්න තුට්ටු දෙක වියදම් කරගෙන රට සවාරි ගිහින් පවුල පිටින්...
ඒක ඇත්ත...
ඒත් ඉතින් ඔහොම හරි සල්ලි හොයන් ගියොත් තමයි නේද???
නැතුව ඉතින් කවදා යන්ටද???
විනෝදයක් කියලා දෙයක් තියෙන්ටත් එපැයි...
ඒකත් ඇත්ත...


පෝස්ට් එකේ තියෙන ඒවා ශෝයි නම්, පෝස්ට් එක දිග වැඩි වුණාට කියවන එක එපා නොවෙන ඒවා තියෙනවා...
ඒක ඇත්ත...
ඒත් එහෙම කියලා පෝස්ට් එකක් නතර නොකර බෑනේ. කොතනින් හරි නතර කරන්ට එපැයි...
ඒකත් ඇත්ත...

26 comments:

  1. මේ වගේ රස්වත් පෝස්ට් එකක් තව ගොඩක් දෙනෙක්ට කියවන්න අවස්ථාව ලැබෙනවානම් හොඳයි..
    ඒක ඇත්ත...
    ඒත් එහෙම කියලා මේකම කොපි කරලා අපි දාන එක හරි නෑනේ.. ඔහෙම තව මේ බ්ලොග් එකට පොඩි මාකට් පාරක් දුන්නනම් නරකද.. ඔය මතලන්ගේ සින්ඩිය වගේ එහෙකට කොක්ක ගහලා..
    ඒකත් ඇත්ත...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි මේකම වුණත් වෙන තැනක දැම්මට කමක් නෑ... ඕනේ කාට හරි කියවන්ට පුළුවන්නේ...
      හදපු දවස් වල ඉඳන් ඒ සින්ඩියට දාලා තියෙන්නේ...

      අන්තිම සටන ගැන පෝස්ට් එකක් ඕනේ...

      Delete
  2. Replies
    1. හහා...
      මම හිතනවා ඔයා ජංගම දුරකතනයකින් අදහස් දාන්ට ඇති කියලා...

      Delete
  3. අදම ද මන්දා මේ පැත්තට ගොඩවුනේ
    ඒක ඇත්ත
    එල ද බ්‍රා වගේ ලියලා තියනවා..ඉතිං එහනම් මෙච්චර කල් මේකට එන්නෙ නැතුන බම්බු ගැහැව්වද?
    ඒකත් ඇත්ත

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රා මෙන්ඩාTuesday, November 3, 2015 at 4:26:00 PM GMT+5:30
      මගේ බඩවියත ගැනත් කතා කරලා තියන නිසා ඔබතුමාට උපරිම සහයෝගය දෙනවා.

      මන් එත් බැලුවා මෙන්ඩට මිස් වෙන්නේ කොහොමද කියලා.. :)

      Delete
    2. එල ද බ්‍රා මෙන්ඩා
      ඔයා කලින් ඇවිත් තියෙනවා...
      ඔය දාලා තියෙන්නේ කෙනෙක් ඔයාගේ වැඩ ටික...
      :-)

      Delete
    3. කල්‍යාණ මිත්‍ර
      මගේ බ්ලොගේ හැම තැනක්ම බලලා වගේ නේද???
      :-)

      Delete
  4. මේකට බ්ලොගර් පලෝවරය දාන්න

    ReplyDelete
    Replies
    1. මේල් එක වැඩ කරා නේද?

      Delete
    2. අටම්පහුර,
      කොහොමද ඒක දා ගන්නේ???

      Delete
    3. කල්‍යාණ මිත්‍ර
      මම ඊමේල් එක නම් දාලා තමයි තියෙන්නේ...

      Delete
    4. ඔයදාල තියෙන්නේ

      Delete
  5. එතකොට මොනවාද බන් බොරු.ඔක්කොම ඇත්තද

    ReplyDelete
    Replies
    1. කවුරු හරි කිව්වොත් මම බොරු කියනවා කියලා අන්න ඒක බොරුවක්...

      Delete
  6. ඒකත් ඇත්ත....

    ReplyDelete
  7. කල්‍යාණ මිත්‍රගේ පස්සෙන් ආවේ. ඒක ඇත්ත.

    ReplyDelete
    Replies
    1. මාත් ඔයාගේ බ්ලොග කියවන කෙනෙක්...
      මේ දවස් වල කතාව එනකම් බලාගෙන ඉන්නේ...

      Delete