2018-10-31

45. සංසර්ගය...



සංසර්ගය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් නැති තරම්නේ...
මේක මේ සංසර්ගය ගැන පුංචි කතාවක්. හැබැයි ඇත්තම ඇත්ත කතාවක්...



ලංකාවේ ප්‍රසිද්ධම බාලිකා පාසලක දහය වසරේ පන්තියක ටික කාලයකට කලින් වෙච්ච සිදු වීමක් තමයි මේ...
එදා පාඩම වෙලා තිබිලා තියෙන්නේ
සංසර්ගය...
ගුරුතුමියක් මේ පාඩම උගන්වන අතරේ කෙල්ලෝ ටිකක් වෙනම බර කතා බහක ලු...
එතැනදී ඇති වෙච්ච දෙබසක් තමයි මේ...

ගුරුතුමිය :-

ඇයි ළමයි කෑගහන්නේ???
ඔයාලා අද පාඩම අහ ගෙන ඉන්නේ නැද්ද???
ඉගෙන ගන්නේ නැද්ද මේක???

කටකාර සිසුවියක් :-

ඔව් මැඩම්. අපි ඒක ගැන තමයි කතා කර කර හිටියේ...
ඒක නෙමෙයි
මැඩම් සංසර්ගය කරලා තියෙනවාද???




(මේ කතාවෙන් පස්සේ ගුරුතුමිය ගොඩාක් කළකිරිලා තියෙනවා... එයා ඊට පස්සේ බොහෝම දුක හිතෙන විදිහට,

"ඔය ළමයා ගේ කට මහා නරකයි කියලා මම දන්නවා. ඒත් ඔයා මේ වගේ දෙයක් කියයි කියලා නම් මම කීයටවත් හිතුවේ නෑ"...

වගේ දෙයක් කිව්වා ලු... )


එහෙම කියපු කෙල්ල දැන් ඉංජිනේරුවරියක් කියලා තමයි ආරංචිය...

3 comments:

  1. එහෙම කියපු කෙල්ල දැන් ඉංජිනේරුවරියක් කියලා තමයි ආරංචිය...ඉතින් අපිට පාන්ද

    ReplyDelete