2015-12-25

08. තහනම් උත්තේජක...

අලුත් දෙයක් නෙමෙයි. තහනම් උත්තේජක කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. ඒත් ඒ මාතෘකාව අලුත් වුණා. දවස් ගාණකට කලින් නවසීලන්තයට ගියපු ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කුසල් ව ආපහු එව්වට පස්සේ මේ කතාව අලුත් වුණා...






ඔලිම්පික් පදක්කමක් ලංකාවට ගෙනාපු එකම කාන්තාව සුසන්තිකා. එයාටත් ඔය තහනම් සිද්ධියක් ගෑවුණා වගේ යාන්තම් මතකයි. ඇයි එතකොට එයාට හම්බ වුණ ලෝකඩ පදක්කම රිදී එකක් වුණෙත් ඔය තහනම් සිද්ධියක් නිසානේ...
රුසියාවටත් මළල ක්‍රීඩා වල තහනමක් අන්තර්ජාතික විදිහටම වැටිලා තියෙන එකට හේතුවත් ඔය තහනම් උත්තේජක සිද්ධියම නේ...
ජානි චතුරංගනි කියන කෙනා සුසන්තිකාගෙන් පස්සේ දකුණු ආසියාවේ වේගවත්ම ගැහැණිය විදිහට නම තියන්ට ලෑස්ති වෙලා හිටියේ. එයාටත් කෙළ වුණා ඔය තහනම් උත්තේජක නිසා...
එයා නම් චූ පරික්ෂාවේ දෙවෙනි එකෙන් අසමත් වුනාට පස්සේ කියලා තිබුණා තෑගි විදිහට ලැබුණු පදක්කම් ආපහු දෙනවා කියලත් සල්ලි ටික ආපහු කොහොම හරි එකතු කරලා දෙන බවකුත්...
ඒ වගේම එයා කියලා තිබුණා එයාට එව්වා ශරීර ගත වුණේ මාස් මාරුව පමා කරන්ට ගත්ත බෙහෙත් එකේ තහනම් දේවල් තිබුණ නිසා කියලා...
චින්තන විදානගේ පොදු රාජ්‍ය මණ්ඩළ රන් පදක්කමක් ගත්තා වුණාට එයාත් ආසියා තරඟයකදි මාට්ටු වෙලා අවුරුදු හතරකට තහනම් කර ගත්තා...
චින්තනට පස්සේ රන් පදක්කමක් ගෙනාපු මංජු ත් අවුරුද්දකටද කොහේදෝ බොක්සින් තහනම් කර ගත්තා ජානිගේ තිබුණු එව්වාම මාට්ටු වෙලා. පොර නම් කියලා තිබුණේ පොඩි කාලයේ ඉඳන් තිබුණු ඇදුම ලෙඩේ ට ගත්ත බෙහෙත් නිසා එහෙම වුණා කියලා...
උපුල් තරංග මාස තුනක තහනමක් දා ගත්තේ ඒත් ඔය උත්තේජක නිසා තමයි...

අපොයි...
උදාහරණ ඕනේ තරම් තියෙනවා...

ඒත් ඒක නෙමෙයි මූලික දේ...
ඇයි මේ කට්ටිය තහනම් උත්තේජක පාවිච්චි කරන්නේ???
කියන එක...
අනික් රටවල් වල අය පැත්තකට දාලා ලංකාව ගැන විතරක් හිතලා බැලුවොත් ඇත්තටම ලංකාවේ තහනම් උත්තේජක ගැන නිසි අවබෝධයක් ක්‍රීඩකයන්ට තියෙනවා ද කියන එක ප්‍රශ්නයක්. ක්‍රීඩා නොකරන අය දැනුවත් තරම් වත් ක්‍රීඩා කරන අය දැනුවත් නෑ වගේ තත්වයක් තියෙන්නේ. ඒකනේ එක පාරක් ඉස්කෝලේ කොල්ලෙකුත් වැරදි කාරයා වුණේ.
එහෙම නැත්නම් මෙවුන් ඒවා හොරෙන් ගන්නවා ද දන්නේ නෑ...

ඒකයැ වැඩේ...
මෙව්වා මාට්ටු වුණාට පස්සේ ඇතිවෙන නෝන්ඩිය...
ආයේ පාරක් කොහොමද අප්පා සමාජයට එන්නේ???

කොහොමින් කොහොමින් හරි කමක් නෑ. ලංකාවේ තහනම් උත්තේජක තහනම් වෙන දවසක් ආවොත්,
කොච්චර ආතල් ද හැබෑට???

10 comments:

  1. බූ.......................
    එහෙම දවසක්..
    බලමු නෙහ්

    ReplyDelete
  2. ලංකාවට පදක්කමක් ගෙනාවොත් තමා මොකක් හරි වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. එහෙමත් වගේ...
      ඒත් පිටරට වලත් මෙව්වා තියෙනවා...
      මොකවත් ඕනේ නෑ පිළිකාව පරදලා බයිසිකල් පැදලා ප්‍රංශ සවාරිය එක දිගට හත් පාරක් ද කොහේදෝ දිනපු ලාන්ස් ආම්ස්ට්‍රෝංග් ට,
      2000 දී ඔලිම්පික් පදක්කම් පහක් දිනපු මේරියන් ජෝන්ස් ට එහෙම වුණ දේ මතක ඇතිනේ...

      Delete
  3. මාත් හිතන්නෙ දැනුවත්භාවයේ අවුලක්, ඒ වගේම තවත් අවුල් තියනව.
    සාමාන්‍යයෙන් ජාතික තලයේ ක්‍රීඩකයෙකු ඒ මට්ටමට පැමිණියාට පස්සෙ අදාල ක්‍රීඩා බලධාරීන් ඔහුව බලාගත යුතුයි. පොඩි එකෙක් පරෙස්සම් කරනව වගේ. ලෙඩකට ‍බෙහෙතක් දුන්නත් කෑමක් බීමක් ගත්තත් ඒක සිද්ධවෙන්න ඕන අදාල ක්‍රියා පටිපාටිය යටතේ. නැත්නම් මේ වගේ කේස් වෙන්න පුළුවන්. මම දන්නෙ නෑ ලංකාව වගේ රටවල් වල මේ දේවල් කොහොම සිද්ධවෙනවද කියල. නමුත් දියුණු රටවල නම් එහෙම දේවල් තියනව.

    ReplyDelete
    Replies
    1. මමත් හරියට දන්නේ නෑ...
      ඒත් මම දන්න දේ තමයි ලංකාවට පාඩුවක් වුණා කියන එක...

      අර රුසියාවේ සිද්ධිය ගැන බලන කොට සමහර දියුණු රටවල් වලත් එහෙම තියෙනවා කියලා පෙනෙනවා...

      Delete
  4. කික් එකක් එන්ඩ ගහන එවුවානේ බන්? පොඩි එකාගේ ආසාව වෙන්ඩැති!

    ReplyDelete
    Replies
    1. ඒකනේ...
      දැන් පෙනෙයි කික් එකේ තරම...

      Delete
  5. බ්ලොග සින්ඩියට දා ගත්තා .....

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete