2016-05-13

13. කිස් එකක් කරපු හරියක්. . .

මේක, 
මගේ කතාවක් නෙමෙයි,
මම ලියපු කතාවක් නෙමෙයි,
මට වෙච්ච දෙයක් ගැන කතාවක් නෙමෙයි,
කියන එක නම් මම දන්නවා...

කෙනෙක් ලියලා තිබුණු කතාවක් එහෙමම දාන්නේ,
ඒ කතාව තියෙන බ්ලොග දැන් ලියවෙන එකක් නොවෙන නිසා.
කතාව ලියපු කෙනා තමයි කොත්තු නිහාල්...

මේක 
එයාගේ කතාවක් ද,
එයා ලියපු කතාවක් ද,
එයාට වෙච්ච දෙයක් ගැන කතාවක් ද,
කියන එක නම් මම දන්නේ නෑ...

2016-04-30

12. වැඩ දෙකේ අන්තිම ප්‍රතිඵල...

කලින් කොටස්

(එක් කෙනෙක් සහ වැඩ දෙකක්...)
(එක් කෙනා ට වැඩ දෙකේ සම්බන්ධය පටන් ගැන්ම...)
(එක් කෙනාට වැඩ දෙක සම්බන්ධ වීම...)

ගත එක්ක ඉන්න වැඩේ මුලින් කරන්ට ඕනේ කියන එක ඔළුව ඇතුලේ තියෙනවා. නැත්නම් යාළුවා අමාරුවේ. ඉතින් හිතේ තියෙන වැඩේට යන එක කොහොම හරි යන්ට බලා ගෙන ඉක්මණින් පත්තර විකුණන්ට තමයි දැන් අදහස...

ඔන්න දැන් විකුණා ගෙන විකුණා ගෙන යනවා. ඒ අතරේ ඒ වැඩේටම ඇවිත් ඉන්න අනික් අයත් මුණ ගැහෙනවා.

2016-03-31

11. එක් කෙනාට වැඩ දෙක සම්බන්ධ වීම...

කලින් කොටස්
(එක් කෙනෙක් සහ වැඩ දෙකක්...)
(එක් කෙනා ට වැඩ දෙකේ සම්බන්ධය පටන් ගැන්ම...)

දිනය හරියටම මතක නැති වුණත් ඒ දවස 2016 එකක්. 2014 දි සල්ලි හොයා ගත්ත වැඩේ 2015 දි කරන්ට හිටියා වුණත් ඒ දේ කරන්ට හම්බ වුණේ නෑ. එහෙම වුණේ 2015 දී උපාධි උත්සවය තිබුණේ නැති නිසා. ඒක නිසා 2016 තමයි 2015 තියන්ට තිබුණු එක තිබ්බෙ.
උපාධි උත්සවයට කලින් දවසක ඉඳන්ම කලින් පාර සල්ලි එකතු කරපු යාළුවා එක්ක මේ පාරත් එකතුවේ යන්ට තමයි අර කොල්ලා හිතා ගෙන හිටියේ...

යාල්පානම් වල පත්තර විකුණන සිද්ධියේ ප්‍රමුඛ චරිතයක් එක්ක තමයි මේ වෙන කොට අර කොල්ලා නතර වෙලා හිටියේ. මේ අර ගිය පාර සල්ලි එකතු කරන්ට ආපු යාළුවා නෙමෙයි. ඉතින් මේ පත්තර යාළුවාට දවසක පත්තර 300ක් ඉල්ලන්ට වෙලා තියෙනවා. එක 100 ගොඩක් එයාටයි අනික් 100 ගොඩවල් දෙක තව දෙන්නෙකුටයි. ඒත් කොහොම හරි පත්තර ඉල්ලපු පිට අය දෙන්නාට එන්ට බෑ කියලා. දැන් ඉතින් පත්තර යාළුවාට පත්තර 300ක් විකුණන්ට වෙනවා. මේ දේ වුණේ 2016 තිබ්බ උපාධි උත්සවයට කලින් දවසේ. ඒ කියන්නේ උපාධි උත්සවය දවසේ විකුණන්ට තියෙන පත්තර ගන්න එක ගැන තමයි වැඩේ වෙලා
තියෙන්නේ...

ඔන්න ඔතනදි තමයි

2016-02-23

10. එක් කෙනා ට වැඩ දෙකේ සම්බන්ධය පටන් ගැන්ම...

එක් කෙනා වෙච්ච කොල්ලා 2014 නොවැම්බර් මාසයේ විතර තිබුණු උපාධි උත්සවයේ මුල් දවසේ ගෙදර හිටියේ. මොකද ඒ වෙන කොට එයාලා ට නිවාඩුද කොහෙද...
එයාට යාළුවෙක් කතා කරලා කියලා (අහලා) තියෙනවා,
"අද එකට කොහොමත් යන්ට වෙන්නේ නැති එකේ හෙට එකට යන්ට පුළුවන් වෙන්ට අද ගෙදරින් යමුද???"
කියලා...
එතනින් අදහස් කරලා තියෙන්නේ උත්සවයේ මුල් දවස කොහොමත් මඟ ඇරෙන නිසා දෙවෙනි දවසට එකතු වෙන්ට යමුද කියන එක...
ඉතින් ඒ එක් කෙනාත්
 "හා"
 කියලා එදාම යාළුවා එක්ක යාපනයට ඇවිත් පස්සේ දවසේ උපාධි උත්සවයටත් ගිහිල්ලා...
ඊට පස්සේ කරන්ට තියෙන්නේ මොනවද දන්නේ නැති නිසා එහේ මෙහේ ඇවිද ඇවිද  ඉඳලා තියෙනවා... දන්නේ නෑ කියන්නේ අත්දැකීම් නෑනේ මේ සිද්ධියට. ඒකයි. පස්සේ එතනදි මුණ ගැහුණ කට්ටියක් එක්ක එකතු වෙලා සල්ලි එකතු කරන වැඩේට ගිහින් තියෙනවා...