2016-01-28

09. එක් කෙනෙක් සහ වැඩ දෙකක්...



එක් කෙනා,

කොල්ලෙක්...

වැඩ දෙකෙන් පළමු වෙනි එක 

යාපනය සරසවියේ අමුතු වැඩක් වෙනවා. අනික් සරසවි වල වෙනවාද නැතිද කියන එක නම් දන්නේ නෑ...
ඒ වැඩේ අවුරුද්දකට  වතාවක් වගේ තමයි වෙන්නේ...
ඒ වැඩේ  " convocation (කන්වකේෂන්)" කියලා හඳුන්වන උපාධි ප්‍රධානෝත්සවය නම් නෙමෙයි. ඒකත්
වෙන්නේ ඔය කාල රාමුවේමයි. ඒ කියන්නේ අවුරුද්දකට  වතාවක් වගේ කියන දේ
උපාධි ප්‍රධානෝත්සවය
ට අදාල වුණාට අර වැඩේ 
උපාධි ප්‍රධානෝත්සවය
 නෙමෙයි කියන එක.
හැබැයි වැඩේ වෙන්නේ 
උපාධි ප්‍රධානෝත්සවය
 දවසේ තමයි.
ඒ වැඩේ හඳුන්වන්නේ
"කලෙක්ෂන්" (එකතුව)
 කියලා...
සමහර අය
"කැප් කලෙක්ෂන්"
කියලාත් කියනවා...
ඒකේදි කරන්නේ උපාධිය අරන් එන අය පෝලිමට එන වෙලාවේදි එයාලාට
"congratulation"
"good luck"
වගේ මොනවා හරි කියලා සුබ පතනවා...
එහෙම නැත්නම් දෙමළ අයට දෙමළ වලින් මොනවා හරි කියලා සුබ පතනවා...
ඊට පස්සේ එයාලා  ලියුම් කවර වල දාපු සල්ලි දෙනවා. හැමෝම වගේ සල්ලි  අරගෙන
ලෑස්ති වෙලා එනවා වුණාට හැමෝම එක පාරට දෙන්නේ නෑ. සමහර අය සල්ලි දෙනකොට
එකතු කරන්ට ඉන්න අය පොර අල්ලනවා සල්ලි ගන්ට.  එතකොට සමහර උපාධි ගත්ත අය
යනවා සල්ලි දෙන්නේ නැතුවම. ඒත් සමහර අය පොර අල්ලන අයට සල්ලි ඔක්කොම දීලා
යනවා...
සමහර උපාධි ගත්ත අය යන්නේ ගෙවල් වලින් ආපු කට්ටිය ඉන්න තැනට. මොකද එයාලා
සල්ලි තියලා තියෙන්නේ ගෙදරින් ආපු කෙනෙක් ගාව. එතනදිත් කලින් වගේමයි.
සමහර උපාධි ගත්ත අය  සල්ලි දෙන්නේ නැතුවම ඉන්නවා. ඒත් සමහර අය පොර අල්ලන
අයට සල්ලි ඔක්කොම දීලා ඉන්නවා...



අනික් වැඩේ තමයි
පත්තර විකුණන එක...

යාපනයේ තියෙනවා "තමිල් මිරර්" කියලා පත්තරයක්. එකක් රුපියල් දහයයි. පත්තර කන්තෝරුවෙන් දවසට පත්තර 100 මිටි ගානෙ නිකුත් කරනවා. කලින් දවසේ තමන්ට ඕනේ පත්තර මිටි ගාණ ඇනවුම් කරලා තියන්ට ඕනේ.
ඊට පස්සේ අදාල දවසේ පත්තර ටික විකුණලා දෙන්ට ඕනේ.
පත්තර 100 විකුණලා දුන්නාට පස්සේ රුපියල් 800.00ක් දෙනවා.
නියම වැඩේ තමයි මේ පත්තරය විකුණන ඔක්කොම අය සිංහල අය...
ඉගෙන ගන්න අතරේ අමතර කීයක් හරි හොයා ගන්ට තමයි මේ වැඩේ කරන්නේ...
මේකේ කෙනෙක් ට පත්තර 150 විකුණා ගන්ට ඕනේ නම් එයාට කලින් දවසේ පත්තර 200ක් ඇනවුම් කරන්ට වෙනවා. ඊට පස්සේ කාව හරි එකතු කර ගෙන පත්තර 50ක් දෙන්ට වෙනවා...
සමහර අය දෙන්නෙක් එකතු වෙලා පත්තර 300 ක් ඇනවුම් කරලා 150 ගානේ බෙදා ගන්නවා...
ඊට පස්සේ බස් ගානේ ගොඩ වෙවී, පාරේ යන අය ගෙන් අහ අහා, පත්තරයක් ගන්ට කිය කියා පත්තර විකුණන්ට ඕනේ...


20 comments:

  1. පට්ට බං....................

    ReplyDelete
  2. good, keep up. Bro.
    sinhala bloggala.

    ReplyDelete
  3. යාපනේ හුඟක් දේවල් වෙනවා වගේ.. කියහන් බලන්න ඉතුරු ටිකත් :)

    ReplyDelete
  4. අඩේ මාර සීන් කෝන බලං ගියාම කියහං කියහං දිගටම හිහි

    ReplyDelete
  5. පත්තර විකුනලා හරි තමුන්ගේ වියදම හොයාගන්න එවුන්ට අපි රෙස්පෙක්ට් කලයුතුයි..

    ReplyDelete
  6. affa! ape nangith Jaffa uni. habayi poranam thawama hat collection gena danne nadda koheda. :D

    ReplyDelete
    Replies
    1. dannawaa wenta puluwan. danne nathnam kiyalaa denta. labana paara ekata enta kiyanta. kilinochchi idan aawath laabayi...

      Delete
  7. පත්තර විකුණන වැඩේ නම් නියමයි.. ඉගෙන ගන්න ළමයිනට කියක් හරි හොයා ගන්න ලැබෙන දෙයක් නේ... මම හමුවෙලා තියෙනවා වෙද සිසුවෙක් ලලිත කලා කියලා බෝර්ඩ්ස් , ස්ටිකර්ස් අඳින තැනක පාර්ට් ටයිම් වැඩ කරපු.. අගය කල යුතු මිනිස්සු

    ReplyDelete
    Replies
    1. නියමයි... ඒත් දවල් වෙන කොට එපා වෙනවා...

      Delete