2018-11-28

46. නම් වානම්...


විශ්ව විද්‍යාල වලදී උපන් නම පාවිච්චි වෙන්නේම නැති තරම් නේ...
කොහේ හරි කෙනෙක් දාපු නම් වානමක් තමයි පාවිච්චි වෙන්නේ...
මෙහෙම දාන නම් වානම් අතරේ පට්ට ආතල් ඒවා ටිකක් තියෙනවා...


ඉස්සර කාලයේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගත්ත කට්ටිය දේශපාලන වැඩ වලට සම්බන්ධ වෙලා ඉන්න කොට එහෙම නම් මේ නම් වානම් වලින් ලොකු ප්‍රයෝජනයක් තියෙන්ට ඇති. මොකද උද්ඝෝශන  එහෙම  කරපු අය හොයන්ට පොලිසියෙන් ආවත් එන්නේ ඇත්ත නම තියෙන කෙනා හොයා ගෙන නෙමෙයි නිසා...

ඒ වගේම මේ නම් වානම් වලට "කාඩ් එක" කියලා තමයි හඳුන්වන්නේ...

මේ තියෙන්නේ පොඩි කතා ටිකක්...
ඒ කතා ඇතුලේ නම් වානම් ටික අන්තර්ගත වෙලා තියෙනවා...



ලකා

ලක්මාල් ලක්ෂාන් වගේ ලක් නම් තියෙන කෙනෙකුට දාන්ට පුලුවන් නම් වානමක් තමයි මේ...
ඕනෑම නම් මේ නමට වාසගමක් එකතු කරලා දාන්ටත් පුලුවන්...
නිකමට වගේ හිතන්ටකෝ
පී. ලකා කියලා නමක් තියෙනවා කියලා...
පී කියන්නේ වාසගම...
ඒකෙන් හැඳින්වෙන්නේ පයින් කියන එක...
එතකොට ලකා ගේ සම්පූර්ණ නම තමයි

 පයින් ලකා

කියන්නේ...
ඇත්තටම හොඳ අන්වර්ථ නමක් නේද???



හූනි

කෙට්ටු කෙල්ලෙකුට දාන්ට පුලුවන් අන්වර්ථ නාමයක් තමයි මේ...
ඇත්තටම කෙට්ටු කෙල්ලෝ හඳුන්වන්ට නිතර පාවිච්චි වෙනවානේ මේ නම...
වැඩේ කියන්නේ නම විතරක් තිබුණොත් එතැන අඩුවක්. ඒ නිසා හොඳ ලස්සන වාසගමක් දාලා ගත්තා නම් නමේ අගයත් ටිකක් හරි වැඩි කර ගන්ට පුලුවන්...
වාසගම නිකම් රන් රිදී මුතු මැණික් වගේ වටිනා වාසගමක් වුණා නම් කොහොමද නමක අගේ???
නිකම් හිත ලා බැලුවා නම්

මුතු හූනි

 වගේ නමක්...
හරිම ශෝයි නේද???



ගොයියා

මේ පුංචි දෙබසක්...

"අඩෝ ගොයියා කොහෙද යන්නේ?"
"කොහේවත් නෑ ඕයි. ජ්‍යෙෂ්ඨ උත්තමයෙක් ගාවට ගිහින් නම ලියාපදිංචි කර ගෙන එන්නම්."
"ඇත්තට මොකක්ද බං උඹේ වාසගමත් එක්ක සම්පූර්ණ නම?"
"ආ මමද?
මම මචං

පන් ගොයියා..."



 කිස්

"අඩෝ කිස්. යන ගමන් කිස් එකක් දීගෙන පලයන් මට."
ජ්‍යෙෂ්ඨ උත්තමයෙක් එසේ කෑගැසුවේ ඇය දේශන ශාලාව වෙත පියමනින අතරතුරදීය.
එවිට ඔහු වටා සිටි උත්තම උත්තමාවියෝ සියල්ලෝම පාහේ කොක් හඬලා සිනාසුනේ ඇයගේ මුහුණ අඳුරු වී ගිය සැටි දැකීමෙනි...
යටැසින් උත්තම කණ්ඩායම දෙස බලන විට ඇය දුටුවේ අනුකම්පා සහගත මුහුණෙන් තමා දෙස බලා සිටි එක් උතුමෙකි. දේශන සඳහා යෑමට ප්‍රමාද බැවින් ඇය එතැන නොනැවතී හණික දිව ගියේ කුමන දෙයක් වූවද දේශන වලට යාමට උත්තම උත්තමාවියන්ගෙන් කිසිම බාධාවක් නොමැති නිසාවෙනි...

සවස දේශන නිම වී යාමේදී පිටුපසින් ඇසුණු අඩි ශබ්දය නිසා ඈ හැරී බැලුවේ කුතුහලය පිරි සිතකිනි. එදින මුලින්ම දුටු අනුකම්පාවෙන් තමා දෙස බැලූ උතුමා ඇයට නැවත දැක ගැනීමට හැකි විය.

"ඔහොම ඉන්ට..."

අණට කීකරු වී නතර විය යුතුය. ඔහුගෙන් එතරම් කරදරයක් නැති බව හැඟී ගිය හෙයින් අකමැත්තකින් තොරව ඇය නතර වුණි...

"මාව දන්නවාද?"

පෙනුමට වඩා තරමක් ගැඹුරු හඬකින් ඔහු අසද්දී ඇය තරමක් සලිතව ගියත්
ඔහුව නොදන්නා බව හැඟවීමට හිස දෙපසට වැනුවාය...

"ඔව් දැන ගන්ට විදිහක් නෑ. මම මේ අවුරුද්දේ මුලින්ම ආවෙ අද. මොකක්ද ඔයාගේ නම?"
ඔහු ඇසුවේ සැබෑ නම දැන ගැනීමේ අටියෙන් බව ඇය කෙලෙස අනුමාන කරන්ටද???

"ජ්‍යෙෂ්ඨ උත්තමයා මම කිස්. ආර් කිස්.
සම්පූර්ණ නම

රැම්බේ කිස්"
ඇය කීවාය...


 දෝසි

"ඒයි තෝ. මෙහේ වර නිල් පාට කමිසේ ඇඳන් ඉන්න එකා. තොට කෙල්ලෙක් ඉන්නවාද?"
"නෑ ජ්‍යෙෂ්ඨ උත්තමයා"
"තොට හිත ගිය එකියක් වත් නැද්ද මේක ඇතුලේ?"
"ඉන්නවා ජ්‍යෙෂ්ඨ උත්තමයා."
"කෝ? පෙන්නපිය බලන්ට."
"අර අතන දම් පාට මල් ගවුම කෙනා ජ්‍යෙෂ්ඨ උත්තමයා."
"එහෙමද? මොකක්ද ඒකිගේ නම?"
"එයාගේ නම දෝසි ජ්‍යෙෂ්ඨ උත්තමයා"
"පල ගිහින් වාසගමත් එක්ක නම අහන් වර"

"මේ අර ජ්‍යෙෂ්ඨ උත්තමයා ඔයාගේ සම්පූර්ණ නම අහන් එන්ට කිව්වා. මොකක්ද සම්පූර්ණ නම???"

"මම

වෙලේ දෝසි"


තව නම් ටිකක් තියෙනවා...
ඒවාත් වෙලාවක් තියෙන විදිහට දාන්නම්...

2 comments: