2019-03-31

50. තව වනමක්....

විශ්ව විද්‍යාලයන් වලදී  කෙනෙකුගේ ඇත්ත නම පාවිච්චි වෙන්නේ නැති තරම් නේ...

ඒත් සමහර වෙලාවට ඇත්ත නමක් වුණත් නම් වානමක් විදිහට පාවිච්චි වෙනවා කියලා කියන්ට පුලුවන්...


සකුණි 

කියන්නේත් එහෙම නමක්...
ඕනෑ තරම්

සකුණි ලා ඉන්නවා...
ඒ වගේ නමක් කෙනෙක් ට "කාඩ් එක" විදිහට දැම්මොත් හරි ආඩම්බරයෙන් ඕනෑම තැනක කියව කියවා යන්ටත් පුලුවන්...


 නිවාඩුව  ගත  කරන්ට  කාලයකට පස්සේ ගෙවල් පැත්තේ ගියපු එක කෙල්ලක් බලන්ට ගමේ යාලුවෝ පොදි ගැහී ගෙන ආවාලු...
ආගිය තොරතුරු කතා කර කර ඉන්න ගමන් එක යාලුවෙක්

"ඈ බං, දැන් උඹලාගේ ඇත්ත නම පාවිච්චි වෙන්නේ නෑ නේද?
මොකක්ද උඹව වාත කරන්ට ලොකු එවුන් දාපු නම???"

කියලා ඇහුවාලු...

මේ කෙල්ලත් හරි ආඩම්බරයෙන් වගේ
"ආ ඔව් ඔව්. වාත කරනවා නම් තමයි එක එකාව. ඒත් ඉතින් මට නම් අවුලක් නෑ
 හැමෝම කතා කරන්නේ
සකුණි කියලා..."
කියලා කිව්වා ලු...

එහෙම කියලා මේ කෙල්ල ඒ කතාව එතැනින් නතර කරාලු...
කෙල්ල නොකියපු දෙයක් නොකියාම ඉන්නවා කියලා හිතා ගෙන ඒ දේ නොකියාම හිටියා ලු...

එහෙම නොකියාම හිටියේ එයාගේ වාසගමත් එක්ක දාපු නම් වානම ලු...
එච්. සකුණි
කියන්නේ ඒ වාසගම එක්ක නම ලු...

සම්පූර්ණ නම විදිහට ගත්තාම ඒක කියැවෙන්නේ
හිනීපෙට සකුණි 
කියලා ලු...

No comments:

Post a Comment