2017-05-06

27. මැයි පලවෙනිදා...




දෙයියන්ගේ නාමයෙන් මාතෘකාව නම් අනික් පැත්ත හරවන්ට එපා ඔන්න...
ඒ කියන්නේ පද පෙරලි කරන්ට එපා...
වචන නොපිට ගහන්ට එපා...







ගොඩාක් අය දන්නවා (අඩු තරමේ දන්නවා කියලා හිතනවා) කම්කරු දිනයක් කියලා එකක් පටන් ගත්තේ කොහොමද?
ඇයි?
ඒකේ අරමුණු මොනවද?
අරකද මේකද කියලා...

කොහොම හරි කම්කරුවෝ වෙනුවෙන් දිනයක් වෙන් කරලා තියෙනවා. ඒ දිනය වෙනුවෙන් එක එක විදිහේ පෙළපාලි ත් තියෙනවා...

ඒත් ප්‍රශ්නය කියන්නේ ඒවා එකකින් වත් කම්කරුවන්ගේ අයිතිය වෙනුවෙන් යමක් වෙනවද???
ඇත්තටම මේ මැයි පලවෙනිදා තියෙන්නේ කම්කරුවෝ වෙනුවෙන්ද???
එහෙමත් නැත්නම් දේශපාලන පක්ෂ වලට තම තමන්ගේ පක්ෂ වල බලය පෙන්වා ගෙන එක එක්කෙනාට බැන ගන්ට ද???

කියන ප්‍රශ්න නම් ඕනේ කෙනෙකුට මතු වෙන්ට පුලුවන්...

නියම වැඩේ කියන්නේ මේ පෙළපාලි වලට කම්කරුවෝ ත් එන එකනේ. හැබෑට ඒ අයට වත් මේක තේරුම් ගන්ට බැරිද???
ඒ කියන්නේ මෙතන ඇත්තටම කම්කරුවෝ වෙනුවෙන් දෙයක් නොවෙන බව තේරුම් ගන්ට බැරිද???

කාට හරි සමහර විට හිතෙයි,
"පව් අසරණ අහිංසක මිනිස්සු. එයාලාට තේරුමක් නෑ, අවබෝධයක් නෑ වෙන්නේ මොකක්ද කියන එක.
එයාලා රැවටිලා එන්නේ."
වගේ දේවල්.

ඒත් නෑ...
එහෙම වෙන්ට ත් බෑ. බලන්ට එපැයි එයාලා සාමාන්‍ය ජීවිතයේදී දෙන දේශපාලන තර්ක. පුදුමත් හිතෙනවා ලොකුවට කතා කරගෙන එනකොට.
එච්චර පැහිච්චකම් කියවන ඒ අයට ඇත්ත මොකක්ද කියන එක තේරුම් ගන්ට බැරි ද???


ඕඕඕහ්...
වැඩක් නෑ...
ඒත්,
වෙන්නේ නම් ලොකු වරදක්...
මේකේ මුල  කොතැනද???

14 comments:

  1. පහළින් දාලා තියෙන්නේ මේ ගැන මම ලියපු කවියක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. කාන්තා ශෝක දිනේ බං

    ReplyDelete
    Replies
    1. ආපෝ...
      වචන නොපිට හරවන්ට, පද පෙරලි කරන්ට එපා කියලා තිබුණානේ උඩින්ම...

      Delete
  3. අන්තිමට රජයේ නිවාඩු දිනයක් විතරයි

    ReplyDelete
  4. අනේ මන්ද අප්පා..ඇත්තටම තවත් නිවාඩු දිනයක් කියලා විතරක් හිතෙන ගානට අපි ට මේ දිනේ නීරස වෙලා දැන්

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්...
      වගකිව යුත්තන්ගේ වැඩ නොවැ...

      Delete
  5. විකාර බලන දවස.... 😡😡😡

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ...
      පට්ට විකාර...

      Delete
  6. ඕක කාන්තා ශොක දිනයක කියලා විතරයි මන් දන්නෙ බන්

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින්...
      උඩින්ම එපා කියලා තියෙන ඒවා කරලා වගේ...

      Delete