2017-01-31

22. ජනවාරි තිස් එක...


ලංකාවේ හැටියට ඉපදෙන්ට තියෙන වාසනාවන්තම දවස තමයි
"ජනවාරි තිස් එක"
කියන්නේ. ඒකට හේතුව තමයි ලංකාවේ ඉගෙනුම් ක්‍රමය අනුව ඉතාම ඉක්මණින්ම ඉගෙනුම අවසන් කරන්ට පුළුවන් ඒ දවසේ ඉපදිච්ච කෙනෙක්ට වීම...
ඇත්තටම ඒක වාසනාවක් නෙමෙයි ද හැබෑට???
කලින් අවුරුද්දේ පෙබරවාරි එක ඉපදිච්ච කෙනෙක් අවුරුද්දක් වැඩිමල් වුණත්, එයා එක්කම ඉගෙනුම් වැඩ පටන් ගන්ටත් ඉවර කරන්ටත්  මේ අවුරුද්දේ "ජනවාරි තිස් එක" ඉපදිච්ච කෙනෙක් ට පුළුවන්...
ඒ වගේම තමයි පෙබරවාරි එක දවසට කේන්දරය තියෙන අය ඉන්නවා "ජනවාරි තිස් එක" ඉපදුණ විදිහට උප්පැන්නය, හැඳුනුම්පත හදාගෙන ඉන්න.
ඒකට හේතුව කේන්දරයේ ඇත්ත උපන් දිනය තියෙන්ට ඕනේ වීමත්,
පෙබරවාරි එක කියන එක උප්පැන්නයට ආවොත් අවුරුද්දක් ඉගෙනීම පරක්කු වීමත් කියන එක...
ඉතින් ඇත්තටම උපන් දිනය "ජනවාරි තිස් එක" නොවෙන අයත් "ජනවාරි තිස් එක" විදිහට රඟපානවා ඔන්න ඔය සිද්ධිය නිසා...



2017-01-09

21. ශ්‍රී ලඬකාව...



මේ විශ්වය බිහි වුණා කියන්නේ ඉතාම කුඩා ප්‍රමාණයක පටන් (ලූ). ඒ කුඩා ප්‍රමාණය කෝපි ඇටයක් තරම් කියලාත් කියනවා නේ. අන්න ඒ කෝපි ඇටය වගේ එකෙන් පටන් ගත්ත මේ විශ්වයේ තමයි දැන් කට්ටිය ඉන්නේ...



ඒත් තවත් දෙයක් තමයි පටන් ගැනීමේදී අර කෝපි ඇටය තරම් වෙච්ච දේට එහා පැත්තෙන් තිබිච්ච තේ ඇටය තරම් දෙය. කෝපි ඇටය වගේ එක ලොකු වෙන්ට වෙන්ට, තේ ඇටය වගේ එකත් ලොකු වුණා. දැන් ඒකත් වෙනම විශ්වයක් වෙලා තියෙන්නේ. ඒක දැන් අපේ විශ්වයට එහා පැත්තෙන් තියෙනවා...