2017-12-29

35. පන්තියක් පටන් ගන්න කියලා...

2018 පටන් ගත්තා ට පස්සේ අලුත් වැඩක් පටන් ගන්ට අදහසක් තියෙනවා...
ඒත් ඒකෙන් වැඩක් තියෙයිද කියන එක ප්‍රශ්නයක්...
වැඩේ තමයි පන්තියක් පටන් ගන්න එක...

2017-11-30

34. ආදරය ගැන ප්‍රශ්න දෙක ( x දෙක ) ක්...

කාලයක ඉඳන් හිතේ තියෙන ප්‍රශ්න දෙකක් මේ විදිහට වත් එලියට දාන්ට හිතූණා...

2017-09-29

32. තිබ්බ දේවල් ටිකක් හිතේ...

"හිතේ තියෙන දේ කරන්න අතේ සල්ලි තියෙන එක තමයි ජීවිතේ..."
මෙහෙම තිබුණේ සම්මාන දිනපු 'කුරුලු හදවත' පොතේ...

2017-08-21

31. සෙල්ලමක්...

ඔයා කරේ මගේ ජීවිතය එක්ක සෙල්ලමක්...
මම කරේ ඔයාගේ ජීවිතය එක්ක සෙල්ලමක්...
අපි දෙන්නාම කරේ අනික් අයගේ ජීවිත එක්ක සෙල්ලමක්...
ලෙල්ලමක් වෙන්ට බොහෝම ලඟ සෙල්ලමක්...


මේක අපි නතර කරන්ට ඕනේ සෙල්ලමක්...
ඒත් අපිට නතර කරන්ට බැරි සෙල්ලමක්...
ඔයා පට්ට ආසා වෙච්ච සෙල්ලමක්...
වෙනසක් නෑ මගේත් මාත් කැමති සෙල්ලමක්...


2017-07-24

30. මම ඔයාගෙන් ඈත් වෙනවා...



ඔයා හොඳටම දන්නවා මම හැම දේම කරන්නේ ඔයාගේ හොඳටමයි කියලා.
ඒත් මම ඔයා එක්ක ඉන්න එක ඔයාට පට්ට කරදරයක්. ඉතින් ඔයාගේ හොඳට
මම ඔයාගෙන් ඈත් වෙනවා...

2017-07-12

29. දිට්ඨ ධම්ම වේදනීය...

මේ ආත්මයේදීම පල දෙන කර්ම වලට
 "දිට්ඨ ධම්ම වේදනීය" කර්ම
කියලා නේද කියන්නේ???

මේ මට පල දීපු එව්වා ටිකක්...



2017-06-27

28. පට්ට...

පට්ට වැඩ ගොඩාක් අස්සේ දවල් කාලයේ හිරවෙලා
පට්ට කම්මැලිකමේ රෑ කාලයේ ඉන්න කොට පට්ට කතාවක් මතක් වුණා...
මේ  සිදුවීම පට්ට ඇත්ත...

ඊට කලින් පට්ට දේවල් ටිකකුත් තියෙනවා මතක් වෙච්ච...
පට්ට සීන් එක කියන්නේ මොන හේතුවකටද මන්දා ගොඩාක් තැන් වලදී පට්ට කියලා කියවෙනවා...
පොඩි කාලයේ ඉඳන්ම පට්ට විදිහට එක එක ඒවා අහලා තියෙනවා නිතරම පට්ට කියලා කියන නිසා...



2017-05-06

27. මැයි පලවෙනිදා...




දෙයියන්ගේ නාමයෙන් මාතෘකාව නම් අනික් පැත්ත හරවන්ට එපා ඔන්න...
ඒ කියන්නේ පද පෙරලි කරන්ට එපා...
වචන නොපිට ගහන්ට එපා...





2017-04-23

26. ඒවා චිත්‍රපටි...



සර් අයිසැක් නිව්ටන්...
දෙමල චිත්‍රපටියක් බැලුවොත්...
හිතෙයි නේද එයාටත්...
අනේ වැටුණා නම් එදා පොල් ගෙඩියක්...








(ඒවා චිත්‍රපටි බං...)

2017-03-27

25. පන්ති භේදය සහ සම්පත් බෙදී යාම...

ටයිටැනික් චිත්‍රපටියේ ටයිටැනික් නැව ගිලුණු වෙලාවේ

2017-03-06

24. මරා...

මරා කියන්නේ මරා ට...
මරාගේ මල්ලි ගෝරා...
ගෝරාගේ අයියා බැරා...
ඒ වගේම බැරාගේ අයියා මරා...
මරා පොඩි කාලේ හරි දඟයි ලු...
චරා තමයි එහෙම කියන්නේ...
චරා කියන්නේ මරාගේ අයියට...

2017-02-28

23. (සයිබර්) ආදරවන්තයෝ...

කොහොමද  පතන්නේ ඔයාට සුබ ආදරවන්තයන්ගේ දිනයක් කියලා???

දැන් නම් නෑ ආදරයක් තිබුණු ආදරය පැනලා ගිහිල්ලා...

දැකලා මිරිකලා විකලා ඉඹලා නැතත් ආදරේත් කරා...

පැනලා ගිහින් එකතු වෙන්ට හිටිය විදිහත් අමතකම වෙලා...




2017-01-31

22. ජනවාරි තිස් එක...


ලංකාවේ හැටියට ඉපදෙන්ට තියෙන වාසනාවන්තම දවස තමයි
"ජනවාරි තිස් එක"
කියන්නේ. ඒකට හේතුව තමයි ලංකාවේ ඉගෙනුම් ක්‍රමය අනුව ඉතාම ඉක්මණින්ම ඉගෙනුම අවසන් කරන්ට පුළුවන් ඒ දවසේ ඉපදිච්ච කෙනෙක්ට වීම...
ඇත්තටම ඒක වාසනාවක් නෙමෙයි ද හැබෑට???
කලින් අවුරුද්දේ පෙබරවාරි එක ඉපදිච්ච කෙනෙක් අවුරුද්දක් වැඩිමල් වුණත්, එයා එක්කම ඉගෙනුම් වැඩ පටන් ගන්ටත් ඉවර කරන්ටත්  මේ අවුරුද්දේ "ජනවාරි තිස් එක" ඉපදිච්ච කෙනෙක් ට පුළුවන්...
ඒ වගේම තමයි පෙබරවාරි එක දවසට කේන්දරය තියෙන අය ඉන්නවා "ජනවාරි තිස් එක" ඉපදුණ විදිහට උප්පැන්නය, හැඳුනුම්පත හදාගෙන ඉන්න.
ඒකට හේතුව කේන්දරයේ ඇත්ත උපන් දිනය තියෙන්ට ඕනේ වීමත්,
පෙබරවාරි එක කියන එක උප්පැන්නයට ආවොත් අවුරුද්දක් ඉගෙනීම පරක්කු වීමත් කියන එක...
ඉතින් ඇත්තටම උපන් දිනය "ජනවාරි තිස් එක" නොවෙන අයත් "ජනවාරි තිස් එක" විදිහට රඟපානවා ඔන්න ඔය සිද්ධිය නිසා...



2017-01-09

21. ශ්‍රී ලඬකාව...



මේ විශ්වය බිහි වුණා කියන්නේ ඉතාම කුඩා ප්‍රමාණයක පටන් (ලූ). ඒ කුඩා ප්‍රමාණය කෝපි ඇටයක් තරම් කියලාත් කියනවා නේ. අන්න ඒ කෝපි ඇටය වගේ එකෙන් පටන් ගත්ත මේ විශ්වයේ තමයි දැන් කට්ටිය ඉන්නේ...



ඒත් තවත් දෙයක් තමයි පටන් ගැනීමේදී අර කෝපි ඇටය තරම් වෙච්ච දේට එහා පැත්තෙන් තිබිච්ච තේ ඇටය තරම් දෙය. කෝපි ඇටය වගේ එක ලොකු වෙන්ට වෙන්ට, තේ ඇටය වගේ එකත් ලොකු වුණා. දැන් ඒකත් වෙනම විශ්වයක් වෙලා තියෙන්නේ. ඒක දැන් අපේ විශ්වයට එහා පැත්තෙන් තියෙනවා...