2018-12-30

47. ටික් ටොක්...

වසංගතයක් වගේ පැතිරිලා තියෙන්නේ. ඒත් හරිම ආතල් දෙයක්...
සමහර අයගේ ඒවා  නම් පට්ට ගොබ්බයි. ඒත් සමහර අයගේ ඒවා පට්ටම ආතල්...
ඒ අතරේ සමහර අයගේ සමහර ඒවා පට්ට ආතල්. සමහර ඒවා පට්ට ගොබ්බයි...




ටික් ටොක්...


අවුරුදු ටිකකට කලින් ඩබ්මාශ් ද මොකක්ද කියලා තිබුණා දෙයක්. දැන් ඒක නවීන වෙලා හෝ වෙනස්ම දෙයක් විදිහට හෝ ටික් ටොක් කියලා ඇවිත් තියෙනවා...

මේකේ මූලික වශයෙන් කරන්නේ මොකක් හරි හඬපටියක් වාදනය වෙන්ට දාලා ඒකට අනුව තොල් හොලවන එක...
හරියට අර ගීත ගායනා කරන්ට බැරි ගායකයෝ වේදිකාවට ගිහින් සිංදුව වෙනම දාලා ඒකේ තාලයට තොල් හොලවනවා වගේ...

එහෙමත් නැත්නම් හද්දා පරණ ගායක ගායිකාවෝ තරුණ කාලයේ ගායනා කරපුවා වෙනම වාදනය වෙන්ට දාලා වේදිකාව උඩ තොල් හොලවනවා වගේ...

ඒවා අහන සමහර අයට හිතෙන්ට පුලුවන් දෙයක් තමයි ඇත්තටම වේදිකාව උඩ ඉන්න කෙනා තමයි ඒ ගායනාව කරන්නේ කියලා...


හැබැයි ටික් ටොක් වල නම් පාවිච්චි වෙන්නේ කොහෙන් හරි ප්‍රසිද්ධ වෙච්ච හඬපටියක්. ඒ වගේම ඒකට පෙනී හිටින්නේත් වෙනමම කෙනෙක්. ඒත් කරන්නේ එකම දෙය. ඒ තමයි තොල් හොලවන එක. වෙනම වාදනය වෙන හඬපටියට අදාල විදිහට තොල් හොලවන කොට ඒක වීඩියෝ දර්ශනයක් විදිහට පටිගත වෙන්නේ වීඩියෝවට පෙනී හිටින කෙනාගේ කට හඬට අනුව නෙමෙයි.  ( එහෙමත් දාන්ට පුලුවන් මගෙ හිතේ... ) 

හඬපටියේ තියෙන හඬට අනුව...



ඒකත් අමුතුම ආතල් එකක් තියෙන දෙයක් ඉතින්...

සමහර කෙල්ලෝ කොල්ලෝ තත්පර ගාණක පොඩි වීඩියෝ දර්ශනයට  ඒ වෙනුවෙන්ම හැඩ වැඩ වෙලා ඉන්න විදිහ එහෙම දැක්කාම

මුන්ට වෙන වැඩක් නැද්ද???

වගේ හැඟීමක් ආවා වුණාට ඒ දේවල් කරන අය ගැන වරදක් කියන්ටත් බෑ ඉතින්...

එක එක කාලයට ජනප්‍රිය වෙන දේවල් ඉතින් පට්ට ගැහෙනවා පට්ට විදිහටම...
ලංකාවේ නම් සුජී , චාමර , කුමාරි අක්කා වගේ අය නැවත නැවත ඉපදෙනවා...
ඇමතිලාගේ මන්ත්‍රීලාගේ ගොබ්බ ආතල් නැවත නැවත මතක් කෙරෙනවා...


තව දෙයක් තමයි
ටික් ටොක්, ටික් ටොක් වෙන එක...


එතැනදී වෙන්නේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච ටික් ටොක් වීඩියෝ පටියක් නිමිත්ත කර ගෙන අලුත් වීඩියෝ එකක් හදන එක...
ඒ හදන ඒවාගේ වුණත් අමුතුම ආතල් තියෙනවා...

ඔන්න ඕක තමයි ඉතින්  ටික් ටොක්  වල කතාන්දරය...

No comments:

Post a Comment