2019-01-31

48. ඇගේ ජීවිතය...

තමන්ගේ හිතට එකඟව වැඩක් කරන්ට පුලුවන්ද?

හොඳයි...
කතාවක් දානවා...
කතාව දාලා ඒ කතාව ගත්තේ කොහෙන්ද කියලාත් දානවා...

ඒ කතාව කියෙව්වාට පස්සේ  කතාව ගත්ත තැන ගැන කියවන්ට  කලින් පුලුවන් නම්  අනුමාන කරලා තියා ගන්ට කතාව ගත්තේ කොහෙන්ද කියලා...

මේක පුංචි කතාවක්...






ඇය දරුවෙකුගේ මවකි. දරුවාගේ පියා ඇතිද? නැතිද? එය කිසිවෙකුත් නොදනී. 
ඒ දරුවා,
වල් කමේ ප්‍රතිඵලයක්ද?
ආදරයේ ප්‍රතිඵලයක්ද?
නොදැනුවත්කමේ ප්‍රතිඵලයක්ද?

යන්න අපැහැදිලි නමුත් ඇය දරුවාට පණ සේ හෝ ඊටත් වඩා ආදරය කරන බව නම් සැබෑවකි...

ඔව්...
දරුවන් ගබ්සා කරන ලෝකයේ,
දරුවන් නසා දමන ලෝකයේ,
දරුවන් දමා යන ලෝකයේ 
ඇය දරුවා හදා වඩා ගත්තේ එහෙයිනි...
නාමික මවක් නොවී දරුවාට සැබෑම මවක් වූයේ ඇය දරුවාට ඇති ආදරය නිසාම විය යුතුය...

රුපියල් සත මත පය තබමින් සුර ලෝකයක් වෙත පාර සෙවූයේ දරුවා වෙනුවෙනි.
සිරවී අපායක අඳුරේ හීන දකින්නී ඇයමය. 
අඳුරේ මේසයෙන් මේසයට තාවකාලික ආදරය බෙදන්නී ඇය ය.
දණහිසින් උඩට ඇති ඇඳුමට වශී වූවන්ගේ කාම පිපාසාව නිවන්නේ ඇය ය.
කෙතරම් අලංකාර ප්‍රියංකාර වූවද ඇයගේ සිනහවේ ඇත්තේ දුක්ඛිත බවකි...
ඇස් දෙකේ ඇත්තේ අහිංසකම බවකි...
ඇයගේ අඩි තාලයට මොණර කඩදාසි එලි බැසීම නිමක් නැත...
මදුවිත අත ඇත්තවුන් ඇය ඉදිරියේ බඹරුන් වන්නේ ඇය මලක්ම නිසාය...
වන සතුන් වැනි පිරිසක් මැද පිට රටුන් ඇති පෙදෙසක් තුල රඟනා ඇගේ තතු විත්ති ඇසූ විට කම්මුල් රතු වී යන්නේ ඇයි දැයි ප්‍රශ්නයකි...
ඇයව සිර කර ගනිමින් ඇය මිරිකා යුෂ බොන ලොක්කන් එමටය...
ඇය
නැටුම් රැඟුම් පිරි තාවකාලික ලෝකයක,
රාත්‍රී මුර පොලක,
සමාජ ශාලාවක ඇය එක් නාටිකාංගනාවක් පමණක්ම විය...

ඔව්. මේ ඇයමය. යට කී ඇයමය. දරුවාගේ අත දරාගෙන ඇය පාරේ යන්නේ දණහිසින් උඩ ඇඳුම ඇඳ ගෙනද? නැත...
දරුවා කැටුව යන ඈ ගත දැවටී ඇත්තේ සාරියකි.
පෙර රැය වල දුටුවන් මුණ ගැසෙද්දී ඇය හැකිලෙන්නේ ලැජ්ජාවෙනි.
ඇය මවකි. පෙර කී ලෙසම ඇය මවකි. තවද ඇය පියෙකි. පියා අහිමි දරුවාට ඇය පියෙකි. රට පුරා කෙසේ හංවඩු ගැසී තිබුණද ඇය මවකි. පියෙකි. වරද ඇගේ නොව ලෝකයේය. ඇය ඇය ගැන ආඩම්බර විය යුතුය.
රැය ඇය රඟන්නේ අනුවර්ථ නමකිනි. දවාලට ඇය වෙනස්ම කෙනෙකි. ඇය අත ගැටෙනා මදුවිත තුලින් ඇය දකින්නේ දරුවාට අරන් දෙන කිරි පමණි.
තම දිවිය අතින් අත ගොස් ඉඳුල් කර ගන්නේ දරුවාට ඉඳුල් නොදී රජ බොජුන් දීමට වග කවුරු නම් දනිත් ද???
දරුවාට ගෙදර බුදුන් වන්නේ ඇයමය...
රෑ ඇඳුමට නිරාවරණය වූ ඇගේ ගත දුටු කිසිවෙකුත් ඇගේ හිත ඇති දුක වේදනාව දකින්නේ නැත. 
ඉතින්, පව් කරන්නේ සිල් කඩන්නේ දරුවාගේ හිනාව වෙනුවෙන් නම් ඇයත් 

"රැජිණක්"

 නොවන්නේද???

කතාව ගත්තේ මෙතැනින්...
අනුමානය හරිද???
බලා ගන්ට....


පියුමි ශ්‍රීනායක ගේ අතිවිශිෂ්ට දායකත්වයෙන් වගේම සුපිරිම රංගනයෙන් හැඩ වුණු ක්ලියෝපැට්‍රා සිංදුව තමයි මේ කතාවට මුල් වුණේ...
වීඩියෝව බැලුවාට පස්සේ තේරුම් ගන්ට පුලුවන් එයාගේ රංගනයේ තාත්ත්වික බව... 
ළමයා එක්ක කාලය ගත කරන කොටස් ටික එහෙම පට්ටම පට්ට...
ඒකටම හරියන විශිෂ්ට පද මාලාව...

මේක විශේෂයි...
මුල් කොටසේ සමාජ ශාලා ගැහැණියට අමතන්නේ 
" උඹ " කියලා...
ඒත් දෙවෙනි කොටසේදී ඒක
" නුඹ " කියලා වෙනස් වෙනවා...

අහලාම බලන්ටකෝ...


[ ඉසී , රොමේන් විලිස් ]

සත මත පය තබා
සුර ලෝකෙට පාර සොයනා
අපායක හිරවෙලා
අඳුරේ හීන දකිනා

ක්ලියෝපැට්‍රා ක්ලියෝපැට්‍රා
රැජිණක නම් ලබලා
ක්ලියෝපැට්‍රා ක්ලියෝපැට්‍රා
මා වත දැවටුණා

[ කයිසර් කයිස් ]

අන්ධකාරේ මේස ගානේ
යනවා හොයාගෙන තාවකාලික ආදරේ
කොට ගවුමට සාදු කියන්
පින්වත්තු කාමයේ
ලස්සනයි ප්‍රියංකරයි
හිනාව ඈගේ දුක් බරයි
ඇස් දෙකෙන් මම දැකපු කතාවෙන් තේරුණා ඇය අහිංසකයි
උඹේ අඩිතාලෙට "මොණරුන්"
එළියට එයි වගේ "හිවලුන්"
මත් බදුනේ අත තිබුණාට උඹ ළගමයි හිත
උඹ "මලක්" උන් "බඹරුන්"
වටකරගෙන වන සත්තු
වැඩි හරියක් පිට රට්ටු
කම්මුල් දෙක ඇගේ වුණා රතු
ඇහුවම ලං වෙලා ඇගේ තතු
කෙල්ලව මිරිකලා යුෂ අරන්
ලොක්කන් බොති ඇය හිරකරන්
හේතුව ඇහුවම තුරුල් කරන්
බිම බලා ගත්තා මාව තද කරන්
රැජිණක් වුණාට ජීවිතේ
දාසියක වෙලා පිරමීඩයේ
නර්ථන පිරිච්ච සටන් බිමේ
සෙබලියක් ඇයත් රෑ මුර පොලේ

[ ඉසී , රොමේන් විලිස් ]

සත මත පය තබා
සුර ලෝකෙට පාර සොයනා
අපායක හිරවෙලා
අඳුරේ හීන දකිනා

ක්ලියෝපැට්‍රා ක්ලියෝපැට්‍රා
රැජිණක නම් ලබලා
ක්ලියෝපැට්‍රා ක්ලියෝපැට්‍රා
මා වත දැවටුණා

[ කයිසර් කයිස් ]

පොඩි ළමයගේ අතින් අල්ලගෙන
සාරියකින් වෙසුත් වලාගෙන
මාව දැකලා බිමත් බලාගෙන
ඇවිදන් යන හැටි නුඹ ලැජ්ජාවට
රටක් හැදුව හංවඩුව
ඇයත් මවක් පියෙක් වුණ
මමත් නැටුවා මගෙත් පව
වැරදි ලෝකයයි නුඹ වෙයන් ආඩම්බර
හඳට "මිෂෙල්" ඉරට "ලක්මිණි"
සුරඟන කොහොමද වුනේ යක්ෂණී
නටන්නේ කොහොමද එක්ක මලමිණී
මත් බදුනේ ඇය දැක්කේ ළමයට කිරි
ජිවිතේම කරන් ඉඳුල්
හොයන්නේ ළමයට රජ බොජුන්
ආශ්‍රය කරාට වන සතුන්
පුතාට නුඹ තාමත් ගෙදර බුදුන්
පිට දැක්කට රෑ නුඹේ ඇඳුමට
දැක්කේ නෑ නේ නුඹේ හිත යට දුක
මාව දැකල නුඹ වෙනතක බැලුවාට
අද තමයි දැක්කේ ඇත්තම නුඹ
දරුවගේ හිනාව වටිනවා නම්
සිල් කඩන්නේ නුඹ ඒකට නම්
පවු කරන්නේ නුඹ හොඳකට නම්
රැජිණක් නුඹත් ගරු කරනවා මං


[ ඉසී , රොමේන් විලිස් ]

සත මත පය තබා
සුර ලෝකෙට පාර සොයනා
අපායක හිරවෙලා
අඳුරේ හීන දකිනා

[ ඉසී , රොමේන් විලිස් ]

ක්ලියෝපැට්‍රා ක්ලියෝපැට්‍රා
රැජිණක නම් ලබලා
ක්ලියෝපැට්‍රා ක්ලියෝපැට්‍රා
මා වත දැවටුණා

ක්ලියෝපැට්‍රා ක්ලියෝපැට්‍රා
රැජිණක නම් ලබලා
ක්ලියෝපැට්‍රා ක්ලියෝපැට්‍රා
මා වත දැවටුණා
මා වත දැවටුණා
මා වත දැවටුණා
මා වත දැවටුණා

ක්ලියෝපැට්‍රා ක්ලියෝපැට්‍රා...//

ක්ලියෝපැට්‍රා ක්ලියෝපැට්‍රා
රැජිණක නම් ලබලා
ක්ලියෝපැට්‍රා ක්ලියෝපැට්‍රා
මා වත දැවටුණා




4 comments: