2019-05-31

52. ලෝක කුසලාන අනාවැකියක් නම් වෙන්ට එපා...



2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පටන් ගන්ට කලින් පොඩි ආතල් වැඩක් තිබිලා තියෙනවා...

ඒ වැඩේ කරලා තියෙන්නේ හැම කණ්ඩායමක් ම නියෝජනය වෙන විදිහට...

වැඩේ තමයි ලෝක කුසලානයට සෙල්ලම් කරන රටවල් දහයෙන්ම කණ්ඩායම් දහයක් ඉදිරිපත් වෙච්ච තරගාවලියක් තිබ්බ එක...

මොකක්ද මේ තරගාවලිය???

ඒක නම් කරලා තිබ්බේ තත්පර 60 අභියෝගය විදිහට...

රටවල් දහයෙන්ම කණ්ඩායම් දහයක් මේ අභියෝගයට සහභාගි වෙලා තියෙනවා...

හැම කණ්ඩායමක් ම පරණ ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් එක්ක ඒ  රටේ ප්‍රසිද්ධ වෙනත් චරිතයකින් තමයි හැදිලා තියෙන්නේ...

කණ්ඩායම් තිබිලා තියෙන්නේ මේ විදිහට...



ඔව්...
මොකද ඉතින් ඒක එහෙමම වෙන්ට එපැයි...
මේ රටවල් ටිකනේ 2019 ලෝක කුසලානයට සෙල්ලම් කරන්නේ...

එතකොට කණ්ඩායම් සාමාජිකයෝ වෙලා තිබුණේ මේ කට්ටිය...


ඇෆ්ගනිස්ථානය
මිවා අශ්රෆ් ත් එක්ක අර්යානා සයීඩ් ( ඇෆ්ගනිස්තාන ගායිකා )

 ශ්‍රී ලංකාව
මහේල ජයවර්ධන ත් එක්ක දමයන්ති දර්ශා ( හිටපු ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූරි )

බටහිර ඉන්දිය කොදෙව් දූපත්
විවියන් රිචර්ඩ්ස් ත් එක්ක යොහාන් බ්ලේක් (කොදෙව් දූපත් ජැමෙයිකාවේ කෙටි දුර ධාවන ශූර )

බංගලාදේශය
අබ්දුර් රzසාක් ත් එක්ක ජයා අස්හාන් ( බංගලාදේශ නිලි )

පකිස්තානය
අzසාර් අලි ත් එක්ක මලාලා යූසෆ් ( පකිස්තාන නොබෙල් සාම ත්‍යාගලාභීනි )

ඕස්ට්‍රේලියාව
බ්‍රෙට් ලී ත් එක්ක පැට් කෑෂ් ( හිටපු ඕස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩක )

නවසීලන්තය
ජේම්ස් ෆ්‍රෑන්ක්ලීන් ත් එක්ක ෂෝන් ෆිට්zස්පැට්‍රික් ( නවසීලන්ත හිටපු රගර් ක්‍රීඩක )

දකුණු අප්‍රිකාව 
ජැක් කලිස් ත් එක්ක ස්ටීවන් පියෙනාර් ( දකුණු අප්‍රිකානු හිටපු පාපන්දු ක්‍රීඩක )

ඉන්දියාව
අනිල් කුම්බ්ලේ ත් එක්ක ෆර්හාන් අක්තාර් ( ඉන්දියානු නලු )

එංගලන්තය
කෙවින් පීටර්සන් ත් එක්ක ක්‍රිස් හියුස් ( එංගලන්ත රියැලිටි තරගකරු )


මේ තරගයේදී විනිසුරු විදිහට හිටියේ ඕස්ට්‍රේලියාවේ හිටපු පිතිකරු ක්‍රිකට් තරග තීරක ඩේවිඩ් බූන්.

මේකේදි හැම කණ්ඩායමක්ම තනි තනියෙන් තරග කරන්නේ...
එක කණ්ඩායමකට තත්පර 60 ක් ලැබෙනවා...
ඒ තත්පර 60 දී කණ්ඩායමේ දෙන්නා මාරුවෙන් මාරුවට පුලුවන් තරම් බෝල වලට මුහුණ දෙන්ට ඕනේ...
ඊට පස්සේ ගන්න ලකුණු ගාණ බලනවා...

ලකුණු ගාණ හදන්නේ මෙහෙමයි...

බෝලයකට හරියට ගැහුවොත් ලකුණු එකයි...
සීමාවෙන් එලියට උඩින්ම ගැහුවොත් හයයි...
බිමින් ගැහුවොත් හතරයි...
බෝලයක් මඟ ඇරුනොත් ලකුණක් අඩු වෙනවා...
බෝලය ඇල්ලුවොත් ලකුණු හතරක් අඩු වෙනවා...

අන්තිමට ලකුණු තිබුණේ මේ විදිහට...

ඇෆ්ගනිස්ථානය
52
 ශ්‍රී ලංකාව
43
බටහිර ඉන්දිය කොදෙව් දූපත්
47
බංගලාදේශය
22
පකිස්තානය
38
ඕස්ට්‍රේලියාව
69
නවසීලන්තය
32
දකුණු අප්‍රිකාව 
48
ඉන්දියාව
19
එංගලන්තය
74

එතකොට අන්තිම ට ජයග්‍රාහකයොන්ගේ ලැයිස්තුව හැදුනේ මේ පිලිවෙලටයි...

එංගලන්තය
ඕස්ට්‍රේලියාව
ඇෆ්ගනිස්ථානය
දකුණු අප්‍රිකාව
බටහිර ඉන්දිය කොදෙව් දූපත්
 ශ්‍රී ලංකාව
පකිස්තානය
නවසීලන්තය
බංගලාදේශය
ඉන්දියාව

ඉතින් මේ විදිහටම ලෝක කුසලානයේ අවසන් විසඳුමත් තීරණය වුණොත් ඒක නිකම් මොකක්ද වගේ නේද???
ඒ නිසා මෙහෙම වෙන්ට නම් එපා කියලා හිතන්නම්...



No comments:

Post a Comment