ඔයා හොඳටම දන්නවා මම හැම දේම කරන්නේ ඔයාගේ හොඳටමයි කියලා.
ඒත් මම ඔයා එක්ක ඉන්න එක ඔයාට පට්ට කරදරයක්. ඉතින් ඔයාගේ හොඳට
මම ඔයාගෙන් ඈත් වෙනවා...
මම දන්නවා මේ දේ කරන්ට මට පට්ටම අමාරුයි.
ඒත් මට වෙන කරන්ට දෙයක් හිතා ගන්ට බෑ.
මම ඈත් වෙන්ට යනවා කියලා මුලින්ම ඉඟියක් දීපු වෙලාවේ ඔයා අඬපු විදිහට මට පට්ට දුක හිතුණා. මම මටම ශාප කර ගත්තා. ඔයාට දුකක් නොදෙන්ට මටම මම පොරොන්දු වුණා. මේ දේවල් ඔයා දන්නේ නෑ.
ඒත්
මම ඔයාගෙන් ඈත් වෙනවා...
මට දැන් නිතරම ඔයාව මතක් වෙනවා. ඔව් මම දන්නවා ඒ හා සමානවම ඔයාටත් මාව මතක් වෙනවා වෙන්ටම ඕනේ. ඒත්
මම ඔයාගෙන් ඈත් වෙනවා...
මම ඔයාව නොතකා ඉන්න තරමට ඔයාට මාව එපා වෙයි කියලා මම හිතනවා. ඒකෙන් ඔයා මගෙන් ඈත් වෙන්ට දිරිමත් වෙයි කියලා මම හිතනවා. ඔයා ඒ දුක දරා ගත්තොත් මින් ඉදිරියට හැම දුකක්ම දරා ගන්ට තරම් ශක්තිමත් වෙනවා කියලා මම හිතනවා. ඒ නිසා
මම ඔයාගෙන් ඈත් වෙනවා...
අපි දෙන්නාගේ කිසිම වරදක් නැතත් අපිව සමාජයෙන් පිලි ගන්නේ නෑ. ඉතින් ඒ තත්වයේ මට ඔයාව තියන්ට බෑ. ඒ නිසා
මම ඔයාගෙන් ඈත් වෙනවා...
ඔයා දැන් දුක් වෙයි. මතක තියා ගන්ට මටත් දුකයි. ඔයා දැන් අඬයි. මතක තියා ගන්ට මටත් ඇඬෙන්ට වගේයි.
ඒත් ඔයා මේකට හුරු වෙයි. මමත් හුරු වෙන්නම්.
මේකෙන් මට නරකක් වුණත් ඔයාට හොඳක්මයි වෙන්නේ. ඒ නිසා
මම ඔයාගෙන් ඈත් වෙනවා...
ඒ නිසා
මම ඔයාගෙන් ඈත් වෙනවා...
අපේ ඈත් වීමෙන් ඔයාට යන්ට තියෙන පාරවල් තවත් ශක්තිමත් වෙනවා. මට දැනට තියෙන එකම පාර ඔයා වුණාට ඔයාට මගේ ඈත් වීමෙන් ඔයාගේ අනික් පාරවල් ශක්තිමත් වෙනවා. ඒ නිසා
මම ඔයාගෙන් ඈත් වෙනවා...
මම දන්නවා ඔයා මට නොනවත්වා පණිවිඩ එවන බව. ඔයා මට එවන පණිවිඩ හැම එකටම මම උත්තර හදනවා. ඒත් ඒ එකක්වත් ඔයාට එවන්නේ නෑ. ඒවා තියා ගෙන ඉඳන් දවසක ඔයාට පෙන්වනවා.
ඒත් ඔයාගේම හොඳට
මම ඔයාගෙන් ඈත් වෙනවා...
:-(
ReplyDelete:-)
Delete+++++
ReplyDeleteමට කියනවද ඇයි ආදරේ තියෙද්දිත් ඈත් වෙන්නේ කියලා ඔයා...
ReplyDeleteකොච්චර ආදරේ වුණත් සමහර වෙලාවට ඈත් වෙන්ට වෙන අවස්ථාත් එනවා...
Deleteමට හිතෙන්නේ ඒක මෝඩ තීරණයක් කියලයි
Deleteඑක එක්කෙනා දකින විදිහනේ...
Deleteමෝඩ තීරණයක් වුණත් ගන්ට වෙනවා නම් ගන්ට වෙනවා...
හෙහේ...