2017-07-12

29. දිට්ඨ ධම්ම වේදනීය...

මේ ආත්මයේදීම පල දෙන කර්ම වලට
 "දිට්ඨ ධම්ම වේදනීය" කර්ම
කියලා නේද කියන්නේ???

මේ මට පල දීපු එව්වා ටිකක්...






o   මම කෝච්චියකට නැගලා ඉඳ ගන්ට තැනක් බලා ගෙන යනකොට දිග අසුන් වල නිදා ගෙන ඉන්න අයව ඇහැරවන්නේ මට ඉඳ ගන්ට වෙන තැනක් නැත්නම් විතරයි...
o   හදිසියේ හරි මම දිග අසුනක නිදා ගෙන ගියොත් ඉද ගන්ට හොයන එවුන්ට ඕනේ වෙන්නේ මම ඉන්න තැන මයි...


o   මම පාරේ යන වෙලාවක ජෝඩුවක් කතා කර කර  මගෙ පැත්තට එනවා මුණ ගැහුණොත් කොහොම හරි පැත්තකට වෙලා ඉඩ දීලා එයාලා දෙන්නා අතරින් නොගිහින් ඉන්නවාමයි...
o   මම නිකමට වගේ කවුරු හරි එක්ක කතා කර ගියොත් මුණ ගැහෙන හැම කෙනාම යන්නේ අපි දෙන්නා අතරින්මයි...


o   කවුරු හරි කෙනෙක් තව කෙනෙක් එක්ක යාලු වෙන්ට හදන කොට මම තව කෙනාට කවුරු හරි කෙනාගේ හොඳමයි කියන්නේ...
o   මම තව කෙනෙක් එක්ක යාලු වෙන්ට හැදුවොත් කවුරු හරි කෙනෙක් කෙනාට මගේ නරකමයි කියන්නේ...


o   බසයක යන කොට ඉතුරු සල්ලි විදිහට රුපියලක් රුපියල් දෙකක් වගේ මට ලැබෙන්ට ඕනේ නම්  මම ගැන තකන්නේ නෑ...
o   හදිස්සියේ හරි මට රුපියලක් රුපියල් දෙකක් මදි වුණොත් කොන්දොස්තර ඒක ඕනේමයි කොහෙන් හරි...


o   කඩයකට ගියාම ඉතුරු සල්ලි විදිහට රුපියලක් රුපියල් දෙකක් වගේ මට ලැබෙන්ට ඕනේ නම් මම ගැන තකන්නේ නෑ...
o   හදිස්සියේ හරි මට රුපියලක් රුපියල් දෙකක් මදි වුණොත් මුදලාලි ඒක ඕනේමයි කොහෙන් හරි...


o   වෙනත් කෙනෙක් මට කියන්නේ නැතුව මම ඉන්න තැනම ඉඳන් මොන වැඩේ කරත් මොකක්ද කියලා මම අහන්ට යන්නේ නෑ...
o   මම මොකක් හරි කාටවත් නොකියා කරනවා නම් වටේ පිටේ එවුන් ඔක්කෝටම ඒක මොකක්ද කියලා දැන ගන්ට ඕනේ...


කාට හරි මම ඉන්න තැනදී දුරකතන ඇමතුමක් ආවොත් මම ඒ කවුද කතා කරේ කියලා අහන්නේ නෑ.
  කවුරු හරි මම ඉන්න තැනදී දුරකතන ඇමතුමක හිටියොත් මම ඒ කාගේ එක්කද කතා කරේ කියලා අහන්ට යන්නේ නෑ...

o    කවුරු හරි ඉන්න තැන මට දුරකතන ඇමතුමක් ආවොත් එයාලාට, එයාට දැන ගන්ට  ඕනේ ඒ කවුද කතා කරේ කියලා.
මම කවුරු හරි ඉන්න තැන දුරකතන ඇමතුමක හිටියොත් එයාලාට, එයාට දැන ගන්ට ඕනේ කාගේ එක්කද කතා කරේ කියලා...


6 comments:

  1. එච්චරයි ද මදිද මන්ද

    ReplyDelete
  2. සෙල්ලම් පව්ගොඩක් නෙවෙයි උබ ගිය ආත්ම වල කරලා තියෙන්නෙ

    //මම තව කෙනෙක් එක්ක යාලු වෙන්ට හැදුවොත් කවුරු හරි කෙනෙක් ඒ කෙනාට මගේ නරකමයි කියන්නේ...// ඉතින් උඹෙ කියන්න හොදක් නැතිව ඇති බන් උන්ට

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...
      ඉස්සර කාලයේ හිටපු එවුන් ටිකක් කරපු පව් පලට මම කර ගහනවා...

      නැත්තේම නෑ මගේ හොඳත්...

      Delete