2015-12-01

06. අයියෝ ලොක්කෝ...

දවසක්,
චාටර් වුණා, නෝන්ඩි වුණා පට්ට විදිහට...
අම්බානෙක...

(හිටපු ටියුෂන් ගුරුවරයෙක්...
බේර ගත්තා නේද ඔයාව???)

දැන් ආයෙත්,

(ඒ ටියුෂන් ගුරුවරයාම...
බේර ගයිද ඔයාව???)

බලාගෙන ඉන්නවා මමත්...
මේ පාර කොහොමද???
කියලා විමසිල්ලෙන්, අවධානෙන්...

කට්ටිය ඔයාව චාටර් කරයි...
නෝන්ඩි කරයි...

කරපුදෙන්...

ඒත් එතකම්...

අහන්ට තියෙනවා පොඩි දෙයක්  මහත්තයා (සහෝදරයා???) ගෙන්...
එදා හිටපු වාමාංශිකයා කෝ???

4 comments:

  1. මම දැන් ඉන්නෙ ඔයාගෙ බ්ලොගේ :P මට නම් කවිය නම් පැටලුනාද මන්ද :/
    අපිටත් එන්න බ්ලොග් ෆලෝ ගැජෙට්ටුවකුත් දාන්නෝ
    දිගු ගමනකට සුබපැතුම් :)

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්ට බැරි වුණ එක සාධාරණයි...
      මේකයි සිද්ධිය, පොඩි දෙයක් වුණා. ඒක ගැන මම පෝස්ට් එක දැම්මා. (මම හිතන්නේ මම තමයි ඒ ගැන මුලින්ම දැම්මේ.)
      නම් ගම් නැතුව දාපු නිසා තේරුම් ගන්ට බෑ...
      හොඳයි...
      ඔයා දන්නවා ද???
      බන්ධුල ගුණවර්ධන කියන්නේ හිටපු ටියුෂන් ගුරුවරයෙක් කියන එක...
      ඒ වගේම රූපවාහිනි වැඩසටහනකදි වචන හරඹයක් දාලා එයා කෙනෙක්ව බේරා ගත්තා කියන එක???

      මම අර ගැජට්ටුව දාලා නේද තියෙන්නේ???

      සුභ පැතුමට ස්තූතියි...

      Delete
  2. :) ට්‍රාන්සිල්වෙනියා එකේ දල තිබ්බ කොමෙන්ටුවෙන් පස්සේ හිතුනා මේ පැත්තට ඇවිත් බලන්න.. බ්ලොග් රෝලටත් දා ගත්තා..

    ReplyDelete
    Replies
    1. ජාති...
      මමත් දා ගන්නම් ඔයාව...

      Delete