2018-03-26

38. චතුරංග...


චතුරංග???
ඔව් චතුරංග තමයි...
හරි ලස්සන නමක් නේද මොනවා වුණත්...

නම ලස්සනයි තමයි...
ඒත් නමේ ලස්සන බලනවාට වඩා වැඩ තියෙනවා...

 


චතුර් + අංග = චතුරංග
මෙන්න මෙහෙම විග්‍රහයක් දෙන්ට පුලුවන් මේ නමට...
චතුර් කියන්නේ හතර කියන එක. එතකොට අංග හතරකින් සමන්විත 

වගේ තේරුමක් දෙන්ට පුලුවන්...


මේ ලස්සන නම මතක් වෙන්ට හේතුවක් තියෙනවා. තමයි චෙස් කියලා කියන ක්‍රීඩාවට ඉස්සර කාලයේ කියපු නම මේක වීම...
දැන් වුණත් දෙමල කට්ටිය කියන්නේ නම තමයි...

චෙස් ක්‍රීඩාව කියන්නේ ක්‍රීඩකයෝ දෙන්නෙක් ට ක්‍රීඩා කරන්ට පුලුවන් ගෘහස්ථ ක්‍රීඩාවක්...
ඇත්තම කතාව නම් මේකේ තියෙන්නේ පොඩි යුද්ධයක්
ඉතින් ඔන්න ක්‍රීඩකයෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නාටම සමාන  සේනාවන් ලැබෙනවා. දෙන්නා සටන් කරනවා...
ක්‍රීඩකයෝ දෙන්නා තමයි සේනා දෙකේ ලොක්කෝ. නායකයෝ...
සේනාවේ රජ්ජුරුවන්  පවා මෙහෙයවන එක කරන්නේ මේ නායකයෝ තමයි...
මේ නායකයොන්ට ( ක්‍රීඩකයොන්ට ) කරන්ට තියෙන වැඩේ තමයි තමන්ගේ රජාව බේරා ගෙන අනික් පිලේ රජා අල්ලා ගන්න එක...

මේ ක්‍රීඩාවේ ඉතිහාසය ගත්තොත් ඒක පට්ට ඈත අතීතයටම යනවා. හරියටම මේකයි කියලා කියන්ට බැරි වුණත් එක එක විදිහේ කතා දෙක තුනක්ම තියෙනවා...
රාධා ක්‍රිෂ්ණා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ කාලයටත් එහා හිටපු ජෝඩුවක් නේ...
එයාලා පවා චතුරංග සෙල්ලම් කරා කියලා සඳහන් වෙනවා...

චතුරංග කියන්නේ හොඳ සෙල්ලමක්ම තමයි හැමෝටම...

හරිකොහොම වුණත් ඉස්සර කාලයේ හමුදා සේනාවන් කොටස් හතරකින් සමන්විත වෙලා තිබුණා කියන එක ගැන හැමෝටම වගේ පොඩි අවබෝධයක් තියෙනවා නේ...
කොටස් හතරටනේ ඇත්, අස්, රිය, පාබළ කියලා කියන්නේ...
[අන්න දැන් හිතා ගන්ට පුලුවන් නේද ක්‍රීඩාවට සම්බන්ධ අංග ( කොටස් ) හතර මොනවද කියලා...]




හරි...

මෙන්න මේ ආකාරයේ සේනාවක් තමයි ඉස්සර කාලයේ චෙස් ( චතුරංග ) ක්‍රීඩාවේදී එක පැත්තකට තිබිලා තියෙන්නේ... 
ගජ, අශ්ව, රථ, පාදථි 
කියලා තමයි මේ සේනාවේ කට්ටියව නම් කරලා තිබිලා තියෙන්නේ...
ඊට අමතරව රජෙක් සහ මන්ත්‍රියෙක් ඉඳලා තියෙනවා...

ඒත් දැන් මේ ක්‍රීඩාව ඉස්සරට වඩා වෙනස් විදිහට සම්මත නීති රීති වලට යටත් වෙලා අලුත් විදිහකට හැඩ ගැහිලා තියෙනවා...
දැනට ලෝකය පුරා පැතිරිලා තියෙන්නේ මේ විදිහට අලුත් වෙච්ච ක්‍රීඩාව...

ක්‍රීඩාව ඉගෙන ගන්න දේට කිසිම අදාලත්වයක් නැති වුණත් මේ ටික දැම්මේ චෙස් වල ඉතිහාසය ගැන පොඩි අවබෝධයක් ගන්ට...
ඇත්තටම නම් වැඩකටම නැද්ද මන්දා...

එහෙම නම් දැන්  තියෙන්නේ චෙස් ක්‍රීඩාව ඉගෙන ගන්ට...
චෙස් ලෑල්ලක් එක්ක ඉත්තෝ ටිකක් එහෙම අරන් ලෑස්ති වෙන්ටකෝ...




4 comments:

  1. හාපෝ අර චතුරංග ලියන ඒවා ...අර අමිල චතුරංග

    ReplyDelete
    Replies
    1. ඒ කවුද ඒ?

      මේ චතුරංග ගැන නම් ඉතුරු ටික පස්සේ දවසක...

      Delete
  2. හරි හරි චතුරංග විසිස්ටයි 😁 😁 😁

    ReplyDelete
    Replies
    1. ඔව්...
      චතුරංග නියමයි...
      සෙල්ලම් කරලා බලන්ට...

      Delete