2017-03-06

24. මරා...

මරා කියන්නේ මරා ට...
මරාගේ මල්ලි ගෝරා...
ගෝරාගේ අයියා බැරා...
ඒ වගේම බැරාගේ අයියා මරා...
මරා පොඩි කාලේ හරි දඟයි ලු...
චරා තමයි එහෙම කියන්නේ...
චරා කියන්නේ මරාගේ අයියට...

එතකොට මරා ගේ පවුලේ ලොකුම එකා ත් ඔය චරා ය කියලා කියනවා නේ...
ඔය මරාට ඉන්නවා පිරිමි දරුවෝම තුන් දෙනෙක්...
ලොකුම එකා නාරා...
දෙවෙනි එකා යෝරා...
තුන් වෙනි එකා රෝරා...
ආ ආ ආ... එතකොට මරාගේ නෝනා තමයි ශිරා...
මරා පට්ට සාධකයක් වුණා සමහර තැන් වල...
ඒ කියන්නේ එයා ජීවත් වෙච්ච රටට... ඒ වගේම එයා ජීවත් වෙච්ච ලෝකයටත් පට්ට බලපෑමක් වෙලා තියෙනවා මරා ව...

 (මේ විශ්වය හැදිලා තියෙන්නේ කෝපි ඇටයක් තරම් බොහොම පොඩි තැනක පටන් (ලු ). ඒ පොඩි දේ පට්ට ප්‍රසාරණයක් වෙලා මේ තියෙන තත්වයට ආවා කියලාත් කියනවා නේ... ඒ වගේම තමයි ප්‍රසාරණය වෙන්ට කලින් ඒ කෝපි ඇටේ තරම් එකට එහා පැත්තේ තිබිලා තියෙනවා තේ ඇටයක් තරම් එකක්. අරක ප්‍රසාරණය වෙන කොට ඒ හා සමාන්තර විදිහට මේ තේ ඇටේත් ප්‍රසාරණය වෙලා තියෙනවා. දැන් ඒකත් පට්ට ලොකු වෙලා තියෙන්නේ. මරා ජීවත් වෙලා හිටියා කියන්නේ ශ්‍රී ලඬකාව කියලා රටකලු නේ. ඒ රට තියෙන්නේ මේ විශ්වයට එහා පැත්තේ තියෙන විශ්වයේ.)


මරාගේ පවුල ශ්‍රී ලඬකාව කියන රටේ පට්ට ප්‍රසිද්ධ පවුලක්. ඒ පවුලේ ඈයෝ වෙනුවෙන් දිවි දෙන්ට වගේ ඉන්න පුද්ගලයොත් ඕනේ තරම් ඒ රටේ ඉන්නවා...
එහෙම කරන්ට කැමති අය සින්හුල ජාතියේ අය...
(සින්හුල ජාතිය ගැන විස්තරය "ශ්‍රී ලඬකාව"  එකේ තියෙනවා නෙව...)

එයා, එයාලා ගේ ගෙවල් පැත්තේ හැදෙන කෑමට ගන්නා දෙයක පාට රෙදි පටියක් ගැට ගහා ගෙනයි හිටියේ. ඒකෙන් එයා ටිකක් ප්‍රසිද්ධ වුණා වගේ ත් වුණා...


මරා කාලයක් තිස්සේ ශ්‍රී ලඬකාවේ නායකයා වෙලා හිටපු කෙනෙක්...
ඔව්... හිටපු තමයි... ඒ රටේ සමහර උදවිය ඒ පොර මැරෙන කම් ලොක්කා කියලා හිතුවාට මරා රටේ නායක පට්ටමෙන් අයින් වුණා...
ඇත්තම කතාව නම් ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සූ කියන එක වෙනස් කරමින් රටේ මිනිස්සු මරා ව නායක කමෙන් අයින් කරා...

ඒ අයින් කරපු එක ගැන දොස් කියන්ට තරම් පිස්සු කෙළපු එවුනුත් හිටියා තමයි ඉතින්...
ඒත් වෙච්ච දේ වෙලා ඉවරයි...
පස්සේ එයා රටේ දෙවෙනි නායක කමට එන්ටත් උත්සාහ කරා... ඒකත් හරි ගියේ නෑ...



ඒ කොහොම වෙතත් මේක මරා ගැන හැඳින්වීමක් විතරයි...
මරා ට, මරාගේ පවුල වුණ රා පවුලට සම්බන්ධ කතාත් බොහෝමයි...
ඒවාත් ඉස්සරහට තමයි...

26 comments:

  1. Chathuranga සුදු වෑන් එකක ටුවර් එකක් යමුද

    ReplyDelete
    Replies
    1. මොකක්...
      එහා විශ්වයේ එකක ද???
      මේ විශ්වයේ එකක ද???

      Delete
  2. ඩෝහ් අපේ රජාට එකේක ඒවා කියනන් එපා මරාගෙන මැරෙනවා ඩෝහ්

    ReplyDelete
    Replies
    1. මොකක්???
      එහා විශ්වය එක්ක මොකක්ද බොලේ තියෙන සම්බන්ධය???
      හෙහේ...

      Delete
    2. එහේයි මෙහේයි දෙකම අපේ තමා හරිය :D

      Delete
  3. දැන් මරා එතකොට

    ReplyDelete
    Replies
    1. එයා සුදු පුසා

      Delete
    2. දැන් නම්
      අනේ මන්දා sumudu chamikara...

      Delete
    3. මොකක්??? මොන සුදු පූසා ද???

      Delete
  4. ආපහු මරා ගෙන ඒමට කට්ටිය සෙට්වෙනවා නේද......

    ReplyDelete
    Replies
    1. මොකට මරා ගන්නවා ද මන්දා...
      නේද???
      හෙහේ...

      Delete
    2. මරා ගන්නේ මීට වඩා හොරා කන්න .....

      Delete
  5. මොනා උනත් මරා කරපු සමහර දේවලුත් කිරා මැනල ගත්තම වටින දේවල්

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... සමහර දේවල්...
      අනික කිරා මැනලා ගන්ට ත් එපැයි...
      හෙහේ...

      Delete
  6. ඒව මේව කියන්න ගිහින් ඉරා ගන්න තමයි වෙන්නෙ ඒකාලෙනම්

    ReplyDelete
    Replies
    1. ඒ කාලය පුරා, ඉරා ගත්ත අය හිටිය ද???
      හෙහේ...

      Delete
  7. Mamath welawakata tube lite wage... rathu pata redi pati kalla dakkata passe thama kathawa click une...

    ReplyDelete
  8. Ah sira wachna tika

    ReplyDelete
  9. Ah sira wachna tika

    ReplyDelete
    Replies
    1. Meh na appa mn dala nemei oon..meke depara depara publish wenwneew😢😢

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. Mata hithena widihata methanath ea wageama welaada kohedo...
      he hea...

      Delete