2016-06-30

14. එක...

එක කියන එක මොකක්ද ඇත්තටම???
එක එක වෙලාවට එක එක දේවල් හිතුණා වුණාට එක කියන කොට හිතට එන්නේ, මතක් වෙන්නේ මේ වගේ දෙයක්...





එක කියන කොට ඒක මතක් වුණාට ඇත්තටම එක කියන්නේ මොකක්ද කියලා ප්‍රශ්නයක් එහෙම මතු වෙන්නේ නැද්ද???
මතු වෙන්ට ඕනේ. එක කියන දෙයින් අදහස් වෙන්නේ මොකක්ද??? කෙලින්ම ඉලක්කම මතක් වෙනවා ගොඩාක් වෙලාවට. ඒත් ඒ ඉලක්කම එක කියන සංඛ්‍යාව සඳහා වෙච්ච සංකේතයක් මිසක් ඇත්තටම එක නෙමෙයි නේද???
අනික ඒක රෝම ඉලක්කම් වලින් දාන්නේ එහෙම නෙමෙයි නේද???

සමහර විට කෙනෙක්ට ඇපල් ගෙඩි එක ක් මතක් වෙන්ට පුළුවන්.
ඒ වගේම ඇපල් ගෙඩි එකකට වඩා වැඩි ගණනක් මතක් වෙන්ටත් පුළුවන්. ඇයි??? ඇපල් ගෙඩි ගොඩවල් එකයි…


එක කියන එක නිතර නිතර පාවිච්චි වෙනවා සිංහල භාෂාවේ...
එක, එක එක විදිහට වර නැගෙනවා.  අදහස් කරන දේට වර නැගෙනවා කියන එක හරි ද මන්දා. ඒත් වෙන වචනයක් මතක් වෙන්නේ නෑ. ඒක වෙන්නේ මෙහෙමයි…
 එක ; එකට, එකෙන්, එකේ, එකම, අන්න ඒ වගේ එක එක විදිහට යෙදෙනවා…

එකට කියන වචනයෙත් තේරුම් එකකට වඩා තියෙනවා. ඒකට හේතුව කාලය එහෙමත් නැත්නම් වේලාව කියන දේ මනින්ට හදා ගෙන තියෙන එක. මනින්ට ඉලක්කම් ඕනේ. අන්න ඒ නිසා තමයි එකට කියන එකට තේරුම් එකකට වඩා තියෙන්නේ…
“අපි එකට ආවා.”
කියන දේට
“ආ එහෙමද? මම එන කොට නම් එක හමාරයි.”
“කොහෙද එකට ආවේ? මම එක වෙන කොට මෙතන.”
වගේ ප්‍රතිචාර ලබෙන්ට පුළුවන්.
ඒ වගේම,
 “අපි එකට ආවා.”
කියද්දී
 “අපි නම් වෙන වෙනම ආවේ.”
කියලා ප්‍රතිචාර ලැබෙන්ටත් පුළුවන්.
එක තැනකදී එකට කියන එකෙන් වෙලාව එක වෙන එක ගැන අදහස් වෙන කොට අනික් එකේ එකවැර කියන අදහස එනවා…

එකෙන් කියන දේ දැන් නිතරම පාවිච්චි වෙනවා නේ.
ගොඩාක් දේවල් වලට  "එකෙන්ම"
කියලා කියන අය කොච්චර ඇතිද හැබෑට???

එකම කියන එකටත් අර්ථ එකකට වඩා  තියෙනවා...
"එකම පාරක පියවර මැන යන්නයි"
කියන කොට එකම කියන එකට තියෙන තේරුම නෙමෙයි
"ඔයා මගේ එකම හීනය"
කියන තැනදී තියෙන්නේ...

ඔය එක කියන දේ එක කියලා එහෙම පිටින්ම පාවිච්චි වෙන අවස්ථා දැන් ඕනේ තරම් තියෙනවා. ඒ ගැන ගොඩාක් අයට තේරුමක් නෑ එච්චරම. එහෙම පාවිච්චි වෙන එකට හේතුව තමයි දැන් ඉංග්‍රීසි වචන පාවිච්චි කරන ගතිය වැඩි වෙච්ච එක...

සිංහල කතා කරන අතරේ ඉංග්‍රීසි වචන දාන කොට තමයි මේ දේ වෙන්නේ. උදාහරණ නම් එමටයි...

ටීවී එක...
කාර් එක...
මැෂින් එක...
පෙන් එක...



මේ වගේ නෙක නෙක දේවල් වලට කිසිම භේදයකින් තොරව එක කියන දේ යොදනවා.
ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.


"හරි අමාරුවෙන් සෝන්ග් එක කර ගත්තේ."
කියලා කියන්නේ
"හරි අමාරුවෙන් සින්දුව කර ගත්තේ."
කියන දේටයි...

ඒ වගේම "ක්" කියලා අවසන් කරන ඒවා එකක් කියලා අවසන් වෙනවා ඉංග්‍රීසි වචන දාන කොට...

"මට ටීවී එකක් ගන්ට ඕනේ"
කියලා කියන්නේ
"මට රූපවාහිනියක් ගන්ට ඕනේ"
 කියන එක ම නෙව.
"මදැයි කාර් එකක් ගන්ට හිටියා"
කියලා නේ හැමෝම (වගේ) කියන්නේ
"මදැයි කාරයක් ගන්ට හිටියා"
කියන එක වෙනුවට.

සිංහල වලට ඉංග්‍රීසියෙන් එකතු වෙච්ච වචන වලට නම් මේක අදාල නෑ.
හොඳම උදාහරණය තමයි,
"ඉස්කෝලය"
ඉස්කෝල එක
කියලා කවුරුත් කියන්නේ නෑනේ,
හදිස්සියට වගේ
"ස්කූල් එක"
කිව්වොත් මිසක්...

ආආආ
ඇයි ඒ විතරක් ද???
නිතරම පාවිච්චි වෙනවා අන්තර්ජාලය {එහෙමත් නැත්නම් ඉන්ට(ර්)නෙට් එක}  ඇතුලේ තියෙන සමාජ සම්බන්ධතා ජාල වල.


"කමෙන්ට් එක ක් දාලා යන්ට."


කියන දේ කොච්චර තියෙනවාද???

විකාර...
එව්වා ඉල්ල ඉල්ලා ගන්ට ඕනේ දේවල් යැයි...
දාන කෙනෙක් දාන කමෙන්ට් එක ක් දාන්නේ නැතැයි...

6 comments:

  1. මට අහගෙන ඉන්නම බැරි කෑල්ලක් තමයි එයා හිටියෙ ඩුබායි එකේ කියන එක.

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම දෙයක් ඇහිලා නෑ...

      Delete
  2. මේක මරුනෙ.... එකෙන්ම.

    ReplyDelete