2016-07-28

15. 100%ක් ඇත්තයි...



යාල්පානම් විශ්වවිද්‍යාලයේ ගැටුම් සිද්ධිය  ගැන එක එක කට්ටිය එක එක කතා දානවා. ඒත් කවුරුවත් තවම ඇත්තම කතාව දාලා තියෙනවා දැක්කේ නෑ...









"වෙල්කම් පාර්ටිය" කියලා කියන්නේ විශ්වවිද්‍යාලයට අලුතෙන්ම ආපු කාණ්ඩයේ කට්ටියව පිළිගන්න උත්සවයට. වෙන ඒවාගේ කොහොමද දන්නේ නැති වුණත් යාල්පානම් එකේ විද්‍යා පීඨයේදී නම් වෙන්නේ දෙවෙනි අවුරුද්දේ ඉගෙන ගන්න අය මේ "වෙල්කම් පාර්ටිය" සංවිධානය කරන එකයි. සුපුරුදු විදිහට මේ පාරත් එහෙමමයි. මේ උත්සවය තියෙන්නේ දේශන ශාලාවකමයි. හැම පාරම උදේ පටන් ගෙන හවස් වෙන කොට ඉවර කරලා දාන්ට වග බලා ගන්ට ඕනේ...
මේ උත්සවය තියන්නේ කොටස් දෙකකින්...

උදේම පළවෙනි අවුරුද්දේ කට්ටිය පිළිගෙන ඇතුලට දාලා නැටුම් ගැයුම් වගේ අංග එක්ක උදේ වරුව ගත කරනවා...
එතැනදී ඉගෙන ගන්න ඔක්කොම අය වගේ ඇවිත් අලුත් අය සේරටම අතට අත දෙනවා...
ඊට පස්සේ බීම එකක්, පොඩි කෑමක් වගේ දෙයක් දෙනවා...
දවාලට කන්ට දෙන්නේ ඊට පස්සේ...
දවාලට කෑවට පස්සේ තමයි දෙවෙනි කොටස පටන් ගන්නේ...
එතැනදී වෙන්නේ ආචාර්ය මණ්ඩලය උත්සවයට සහභාගි වෙන එක...

(සාමාන්‍ය විදිහටමයි මේ පාරත් සැරසිලි කටයුතු කරේ...
ඒ කියන්නේ ඇතුල සරසන්නේ සිංහල අය. එළිය සරසන්නේ දෙමළ අය. කවදාවත් නැති විදිහට මේ සැරේ දෙවෙනි අවුරුද්දේ සිංහල අය ගොඩාක්ම මහන්සි වුණා. දන්න තරමින් කිසිම දවසක රෑ 7.00, 8.00 වගේ වෙනකම් ගේට්ටුවෙන් ඇතුලේ කෙල්ලෝ ඉඳලා නෑ. ඒත් මේ පාර පාන්දර 4.00 වෙනකම් කෙල්ලෝ පවා ඉඳලා  තමයි ඇතුලේ වැඩ ඉවර කරේ...
මේ පාර තේමාව කර ගෙන තිබුණේ "වසන්තය". ඉතින් මේ කට්ටිය උත්සව ශාලාව ලෑස්ති කරලා තිබුණේ වසන්තය වගේ. ඒක ඇතුලට යන පාර අනික් කාල සමයන් තුන හරහා ගිහින් වසන්තය ට එන විදිහට තමයි සරසලා තිබුණේ...)

 එහෙම තමයි මෙච්චර කාලයක් වුණේ. මේ පාරත් එහෙම කරන්ට තමයි ලෑස්ති කරලා තිබුණේ. එතෙන්දි, ඒ කියන්නේ ආචාර්ය වරු එන කොටසේදි පාරේ  පටන් ගන්න ටික දෙමළ අයගේ බෙර ගහලා පිළි ගන්ටත්, ඉතුරු ටික වෙස් නැටුමක් නටලා පිළි ගන්ටත් වැඩ ලෑස්ති කරලා තිබුණේ...
(මේ පාර එතෙන්ට මහා ශිෂ්‍ය සංගම් සභාපති තව කට්ටියක් එක්ක ඇවිත් තිබුණා. එහෙම එන දේ එයාට අදාලම නැති වැඩක්. මොකද එයා කලමණාකරණ පීඨයේ. එයාට ඒ වගේම එතෙන්ට ආපු අනික් අයට එතෙන්ට එන දේ අදාලම නෑ...)
වෙස් නැටුම පාරේ කරන එක ගැන පොඩි පොඩි විරෝධතා ඇවිත් තිබුණත් සිංහල අය ඒක ගණන් ගත්තේ නෑ...
ඒත් වෙන වෙන පීඨ වල අය ගෙන් එන විරුද්ධත්වය නිසාම ආචාර්ය මණ්ඩලයේ අය කිව්වේ ගැටුමක් ඇති වෙයි ඒක නිසා ඇතුලේ විතරක් වෙස් නැටුම නටන්ට කියලා. ඒත් ඒකට සිංහල අය අකමැති වුණාම එයාලා කිව්වේ පාරේදී සිංහල , දෙමළ දෙවිදිහටම ඕනේ නෑ ඇතුලේ ගිහින් නටන්ට කියලා. ඒකට නම් සිංහල අය අකමැත්තෙන් වගේ වුණත්, යම් තරමක් එකඟ වෙලා තිබුණේ...

දෙවෙනි කොටසේදී සාමාන්‍යයෙන් වෙන්නෙ ආචාර්ය මණ්ඩලයත් එක්ක පළමු වෙනි අවුරුද්දේ අය ඔක්කොම පිට ඉඳන් ඇතුලට එනවා වුණත් මේ පාර ඒ දේ වුණේ නෑ. ඒකට හේතුව තමයි වෙස් නැටුම නටන්ට දෙන්ට බෑ කියලා ඒ වෙලාවේ ආපු තදබල විරෝධතා. මේ විරෝධතා නිසා සිංහල අය උත්සවය වර්ජනය කරන්ට ලෑස්ති වෙලා හිටියේ. ඒක නිසා පළමු වෙනි අවුරුද්දේ සිංහල අයට එළියට ඇවිත් ඉන්ට කියන දැනුම් දීම වත් කරලා තිබුණේ නෑ. ඒ නිසා මේ සැරේ දෙමළ අය විතරයි පළමු වෙනි අවුරුද්දේ අය විදිහට හිටියේ...
කොහොම වුණත් සිංහල දෙමළ එකක් වත් එපා කිව්වාට මොකෝ,  ආචාර්ය මණ්ඩලය එන කොට දෙමළ විදිහට බෙර ගහා ගෙන නළා පිඹ ගෙන එයාලාව පිළි ගන්ට පටන් ගත්තා...
ඊට පස්සේ සිංහල අයත් ලෑස්ති වෙලා හිටපු විදිහටම නැටුම පටන් ගන්ට හිටපු තැනින්ම නටන්ට පටන් ගත්තා...
එතෙන්දි දෙමළ අය වෙස් නැට්ටුවෝ තල්ලු කර ගෙන ගියා. ඊට පස්සෙ ඒ නැට්ටුවෝ ලොකු භක්තියකින් රැක ගෙන තියාන ඉන්න වෙස් තට්ටු වලටත් ගහලා තිබුණා. වලිය පටන් ගත්තේ එතනින්...

ඒ අතරේ දී කොහොම හරි පළමු වෙනි අවුරුද්දේ කට්ටියව එයාලා නතර වෙලා ඉන්න තැන් වලට පිටත් කරන්ටත් සිංහල අය කටයුතු කරලා තිබුණා...
ඊට පස්සේ තමයි සිංහල අය දෙමළ අයට ගහන්ට පටන් ගත්තේ. ඒ වගේම ගලක් වැදිලා ඉස්පිරිතාලයේ ඉන්න කෙනාට ගල වැදුනේ ඒ වෙලාවේ...
එයාව ඉක්මණටම ඉස්පිරිතාලයට අරන් ගියාට පස්සේ රණ්ඩුව නතර වුණේ දෙමළ අය දුවපු නිසා. ඒ වෙලාවේ සිංහල අය තරමක් කේන්තියෙන් වගේ හිටියේ...
එයාලා ඔක්කොම එක තැනකට එකතු වෙලා කතා වුණා එළියට ගිහින් ඉන්ට ත්, මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දෙන කම් ආයේ එකෙක් වත් මොනම හේතුවකට වත් පැත්ත පළාතේ නෑවිත් ඉන්ට ත්...

මේ වෙලාවේ දෙමළ අය කට්ටියක් පිටතට යන පාරවල් දෙකෙන් එකක් වැහෙන විදිහට පිරිලා හිටියා. සිංහල අය කතා වෙච්ච විදිහට නවාතැන් පොලවල් වලට යන්ට හදන කොට ඈතින් පෙනෙන්ට ගත්තා දෙමළ අය පොලු ලෑස්ති කරනවා. ගල් එහෙමත් ලෑස්ති කරලා තියෙනවා. ඒ දැකපු සිංහල කෙල්ලෝ අඬන්ට ගත්තා. එතැනදී සිංහල අයත් පොලු අර ගත්තා. ඒත් සිංහල අය පිටතට යන්ට තමයි ලෑස්ති වුණේ. ඊට පස්සේ එයාලා එළියට යන්ට එන කොටම එහා පැත්තේ පෙනෙන මානයේ ඉඳන් පොලු ලෑස්ති කරපු දෙමළ අය අනික් පැත්තෙන් ගිහින් පිටත් වෙන ගේට්ටුව කිට්ටුවට ආවා. කෙල්ලෝ එහෙම අඬන්ට පටන් ගත්තා ගොඩාක්. කරන්ට දෙයක් නැති වෙච්ච  කොල්ලෝ ටික ඒ අයව දේශන ශාලාවක දොර ජනේල කඩලා ඒක ඇතුලට දැම්මා...
එහෙම කරේ සෙනසුරාදා දවසක් නිසා ශාලා ඔක්කොම වහලා තිබුන නිසා. එතෙන්දී වීදුරු කටු වලින් සමහර අයට තුවාල වුණා...

කොහොම හරි ඒ අතරේ දෙමළ අය ඒ ශාලාව පැත්තට ගල් ගහා ගෙන එන්ට ගත්තා. සිංහල අයගෙනුත් ප්‍රති ප්‍රහාර එල්ල වුණා ද කොහේදෝ. ඊට පස්සේ සිංහල අය ඉන්න කිට්ටුවටම දෙමළ අය එන අතරේදී තමයි පොලිසිය ආවේ. විනාඩි තුනක් පොලිසිය එන්ට පරක්කු වුණා නම් දැන් වෙලා තියෙන හානියට වඩා දරුණු දෙයක් වෙන්ට තිබුණා...

පස්සේ පොලිසියේ අය මැදිහත් වෙලා සිංහල කට්ටිය පිටතට එක්කන් ආවා. සිංහල කට්ටිය කිව්වා ඔක්කොම එකම තැනක ඉන්ට ඕනේ කියලා...
කෙල්ලෝ ටික කිට්ටුව තියෙන ආනන්ද කුමාරස්වාමි ශාලාවට යැව්වා. පිරිමි අය බාලසිංගම් ශාලාව කියන නේවාසිකාගාරයට යන්ට ගියේ. ඒත් එතැනදී ඒකේ පාලකයා ගේට්ටුව වහලා දාලා කාවවත් ඇතුලට ගන්ට බෑ කිව්වා. පොලිසිය කිව්වත් ඇහුවේ නෑ. පස්සේ ආචාර්ය මණ්ඩලයේ කෙනෙක් කතා කරලා කිව්වාට පස්සේ තමයි ගේට්ටුව ඇරියේ. ඊට පස්සේ එතෙන්ට ආපු ඒ ආචාර්යවරයා කිව්වේ
 "දැන් කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයාලා ඔයාලාගේ නවාතැන් වලට යන්ට."
කියලා වගේ දෙයක්...
ඒත් සිංහල අයගේ බහුතර මතය වුණේ එළියට යන්ට බෑ කියන දේ. ඊට පස්සේ කිව්වේ
"එහෙම නම් අද ගෙදර යන්ට. අඟහරුවාදා නිවාඩු නිසා සඳුදා නිවාඩුවක් දාලා බදාදා වෙන කොට ඇවිත් ඉන්ට. විශ්වවිද්‍යාලය වහන්නේ නෑ. ආවේ නැත්නම් පාඩුව ඔයාලටම තමයි."
වගේ දෙයක්...
ඒත් සිංහල අයගේ මතය වුණේ මේ ප්‍රශ්නයට හරි උත්තරයක් ලැබෙන කම් ආපහු එන්නේ නැතුව ඉන්ට...

ඒ වෙලාවේ පොලිසියේ කෙනෙක් කිව්වා
" දැන් මෙතන නැති අය ඔක්කෝම මෙතෙන්ට ගෙනත් දාන්නම්. වාහන ගෙන්වලා දෙන්නම්, වව්නියාව ට යන කම් ආරක්ෂාව දෙන්නම්. ඔයලා අදම යන්ට. "
වගේ කතාවක්...
ඒ මතයට කොහොමින් හරි කට්ටිය එකතු වුණා...
එකතු වෙලා එදාම බඩු ටිකත් පටවන්ට පටන් ගත්තා...
අන්න ඒ බඩු පටවන, සාකච්ඡා කරන වෙලාව වෙන කොට  විශ්වවිද්‍යාලය වැහුවා කියන පණිවිඩය ඇවිත්   තිබුණේ...
ඊට පස්සේ සිංහල අය ගොඩාක් එදා රෑ යාපනයෙන් පිටත් වුණා...


6 comments:

  1. අපි හැමදෙයක්ම දැනගන්නෙ මාධ්‍ය හරහා. එක එක තැන එක එක වර්ෂන් ලියවිලා තියෙනවා. ඉතින් ඒවයෙ ඇත්ත සහ බොරුව දෙකම එක එක අනුපාතවලින් තියෙනවා. හරි එක මොකක්ද කියලා කොහොමවත් තේරුම් ගන්න බැරි නිසා එක් එක් පුද්ගලයා තමන්ගෙ මතවාදයට අනුව තමන් විශ්වාස කරන්න කැමති දේ මත පදනම්ව මේකයි වුනේ කියලා හිතාගන්නවා.

    ඉතින් මේකත් තවත් මතයක් නොවෙයි, මේකයි හරිදේ කියලා අපි පිළිගන්නෙ කොහොමද?

    අභියෝගයක් නෙවෙයි චතුරංග. ඕකයි අපේ තත්වය.

    ReplyDelete
    Replies
    1. මේ දාලා තියෙන දේ ඇත්තයි කියන එකට "මම එතැන හිටියා" කියන වාක්‍යය ප්‍රමාණවත් වෙයිද???

      Delete
    2. චතුරංග එහෙම කියනව නම් ඒකෙ වෙනසක් තියෙනවා. මම කියපු දේ අපි අහන හුඟක් දේවල් වලට අදාලයි නේද?

      ඒ එක්කම තවත් ප්‍රශ්ණ ගොඩක් ඔලුවට ආවා චතුරංග එතන හිටියයි කිව්වාම

      Delete
    3. ඔව්. ඔයාගේ අදහස අපි අහන දේට ගොඩාක් අදාලයි තමයි... ඒක මම අත් දැක්කේ යාපනයට තනියම ගියපු මුල්ම දවසේ...

      මොනවද අප්පේ ප්‍රශ්න???
      ඒ මොනවද???

      Delete
  2. ලියපු එක හොදයි

    ReplyDelete