2017-01-09

21. ශ්‍රී ලඬකාව...



මේ විශ්වය බිහි වුණා කියන්නේ ඉතාම කුඩා ප්‍රමාණයක පටන් (ලූ). ඒ කුඩා ප්‍රමාණය කෝපි ඇටයක් තරම් කියලාත් කියනවා නේ. අන්න ඒ කෝපි ඇටය වගේ එකෙන් පටන් ගත්ත මේ විශ්වයේ තමයි දැන් කට්ටිය ඉන්නේ...



ඒත් තවත් දෙයක් තමයි පටන් ගැනීමේදී අර කෝපි ඇටය තරම් වෙච්ච දේට එහා පැත්තෙන් තිබිච්ච තේ ඇටය තරම් දෙය. කෝපි ඇටය වගේ එක ලොකු වෙන්ට වෙන්ට, තේ ඇටය වගේ එකත් ලොකු වුණා. දැන් ඒකත් වෙනම විශ්වයක් වෙලා තියෙන්නේ. ඒක දැන් අපේ විශ්වයට එහා පැත්තෙන් තියෙනවා...



ශ්‍රී ලඬකාව තියෙන්නේ අන්න ඒ තේ ඇටය වගේ එක ලොකු වෙලා හැදුණු විශ්වයේ. ඒකේ තියෙනවා කීර්පථය කියලා සක්වලක්. ඒ සක්වලේ සුවුර ග්‍රහ මණ්ඩලය කියලා ග්‍රහ මණ්ඩලයක් තියෙනවා. ඒකෙ ඉන්න ග්‍රහයෝ අට දෙනාගෙන් තුන් වෙනි එකා තමයි පුතිවිය කියන්නේ. අන්න ඒ පුතිවියේ තියෙන රටවල් අතුරින් එකක් තමයි මේ ශ්‍රී ලඬකාව.

මේ කියන රටේ ප්‍රධාන ආගම් 4ක් සහ ප්‍රධාන ජාතීන් 5ක් වාසය කරනවා...

ගොඩාක්ම ඉන්නේ සින්හුල කියන ජාතිය. එයාලා කියන විදිහට එයාලා පැවත ගෙන එන්නේ සින්හුයා කියන සතා ගෙන් ලු. ඒ නිසා ද මන්දා රටේ වනාන්තරයක වත් නැති සින්හුයාව රටේ ජාතික කොඩියටත් දාගෙන ඉන්නවා නෙව. ඒ අය ගොඩාක්ම බොද්ද කියන ආගමයි අදහන්නේ...

ඊට පස්සෙ දෙමුල කියනා ජාතියේ අයත් ඉන්නවා. එයාලා මේ රටට උඩින් තියෙන ඉනිඩියූව කියන රටෙන් ආපු අය වෙන්ට ඇති. ඒ අයගේ ගොඩාක් අදහන්නේ හිනිඩු කියන ආගම...

මෙහෙ ඉන්න තව ජාතියක් තමයි මිස්ලම් කියන්නේ. එයාලා වෙළඳ කටයුතු වලට ආරබි පැත්තෙන් ඇවිත් මෙහෙ පදිංචි වෙච්ච අය කියලනෙ කියන්නේ. ඒ අය ගෙන් නම් බහුතරය නෙමෙයි සමස්තයම වාගේ අදහන්නේ ඉසිලාම කියන ආගම...

තව ඉතින් ලින්සි, බරුග කියලා ජාති දෙකක් තියෙනවා. එයාලා ගොඩාක් අය කිතොල්ක, කෘස්තියනු වගේ ආගම් අදහන අය. ඒ අය රට අල්ලන්ට ඇවිත් රටේම හිටිය අය ලු නේ. ඒ ආගම් දෙක වුණත් බොහෝ අය ගණන් ගන්නේ එකම ආගමක් විදිහට. ඒකයි ආගම් 4ක් විදිහට සැළකෙන්නේ...

කෙටියෙන් නම් ඔන්න ඔහොම තමයි මේ රටේ කතාව...

ඒත්,
රටේත්, රටට සම්බන්ධවත්, වෙන කතා නම් බොහෝමයි...

ඒත් කෝ ඒවා??? කියන ප්‍රශ්නය මතු වෙච්ච අයට උත්තරය තමයි,
"හොඳ හොඳ සෙල්ලම් එළි වෙන යාමෙට"
කියන එක...

නෑ නෑ...
පහු පහු වෙන කොට කොහු කොහු වෙන්නේ නැති වෙන්ට ඒ කතා ටික දකින්ට හම්බ වෙයි...

6 comments:

  1. Replies
    1. රෝමා වගෙම මමත් බලාගෙන ඉන්නවා.

      ජයවේවා!!!

      Delete
    2. හරි හරි ඔන්න ලෑස්තියි රෝමාන්තික රස්තියාදුකාරයා...

      Delete
    3. දෙන්නාටම තමයි හොඳද???
      අනික් අයටත් එක්කම...

      Delete
  2. ලියන්න...ලියන්න..

    ReplyDelete