2016-02-23

10. එක් කෙනා ට වැඩ දෙකේ සම්බන්ධය පටන් ගැන්ම...

එක් කෙනා වෙච්ච කොල්ලා 2014 නොවැම්බර් මාසයේ විතර තිබුණු උපාධි උත්සවයේ මුල් දවසේ ගෙදර හිටියේ. මොකද ඒ වෙන කොට එයාලා ට නිවාඩුද කොහෙද...
එයාට යාළුවෙක් කතා කරලා කියලා (අහලා) තියෙනවා,
"අද එකට කොහොමත් යන්ට වෙන්නේ නැති එකේ හෙට එකට යන්ට පුළුවන් වෙන්ට අද ගෙදරින් යමුද???"
කියලා...
එතනින් අදහස් කරලා තියෙන්නේ උත්සවයේ මුල් දවස කොහොමත් මඟ ඇරෙන නිසා දෙවෙනි දවසට එකතු වෙන්ට යමුද කියන එක...
ඉතින් ඒ එක් කෙනාත්
 "හා"
 කියලා එදාම යාළුවා එක්ක යාපනයට ඇවිත් පස්සේ දවසේ උපාධි උත්සවයටත් ගිහිල්ලා...
ඊට පස්සේ කරන්ට තියෙන්නේ මොනවද දන්නේ නැති නිසා එහේ මෙහේ ඇවිද ඇවිද  ඉඳලා තියෙනවා... දන්නේ නෑ කියන්නේ අත්දැකීම් නෑනේ මේ සිද්ධියට. ඒකයි. පස්සේ එතනදි මුණ ගැහුණ කට්ටියක් එක්ක එකතු වෙලා සල්ලි එකතු කරන වැඩේට ගිහින් තියෙනවා...



දැන් මෙයාලත් උපාධි ගත්ත අය එනකම් බලා ගෙන ඉන්නේ. ටිකකින් (දෙමළ) සංගීතයකුත් එක්ක උපාධි ගත්ත අය පෝලිමට එනවා පේනවා. ඒ දිහා අර කොල්ලා එයාගේ යාළුවා එක්ක බලා ගෙන ඉන්නවා. එක පාරටම වටේ ඉන්න අය දුවගෙන ගිහින් එක එක අය වට කර ගෙන අතට අත දීලා සුබ පතනවා. මේ දෙන්නාත් ඒ තැනකට ගිහින් අතට අත දෙනවා. ඒ උපාධි ගත්ත කෙල්ලෙකුට. එයා පොතක් අරන් එන්නේ. ඊට පස්සේ එයා ඒ පොත ඇතුලෙන් ලියුම් කවර වගයක් අරන් එක එක බෙදනවා. මේ දෙන්නා ලියුම් කවරයක් ලැබෙන කම් බලාන ඉන්නවා. ඒත් ගන්ට කලින්ම ලියුම් කවර මිටියට  අනික් අය පොර අල්ලනවා. ඒ කොල්ලා ගේ අතටත් කොටසක් ඇවිත් තියෙන්නේ. එයා හදන්නේ එතන ඉන්න අය එක්ක ඒක බෙදා ගන්ට. ඒත් ඊට කලින් ඒක එකෙක් අරන් දුවනවා.  මේ වෙන කොට සල්ලි ටික දීපු කෙල්ලත් ගිහින්...

කෙල්ලෝ කොල්ලෝ වෙනසක් නැතුව ජයටම මේ වැඩේ කර ගෙන යනවා. සමහර අය සල්ලි දෙන්නේ නැතුව යන කොට පස්සෙන් ගිහින් කරදර කරලා කරලා ඉල්ලා ගන්න අයත් ඉන්නවා...

දැන් මෙයාලා දන්නවා මෙතන වැඩේ වෙන්නේ කොහොමද කියන එක. ඉතින් මේ දෙන්නාත් පටන් ගත්තා සල්ලි එකතු කරන වැඩේ. මේ දෙන්නා වරදක් නැතුව කරගෙන යනවා... 

කොහොම කොහොම හරි හවස ගෙදර ගිහින් සල්ලි ගණන් කරලා බලන කොට ඒ කොල්ලා ට 1860.00ක් තිබිලා තියෙනවා. යාළුවාට 1250.00ක් විතර.



(ඉතුරු ටික ඉතුරු කොටසෙන් --->>>)

2 comments:

  1. මරු මරු දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා... මේ දවස් වල ටිකක් වැඩ...

      Delete