ටක් ටක්...
කවුද ආවේ???
රාක්ෂයෙක්...
මොකටද ආවේ???
ඉස්සර කාලයේ කරපු සෙල්ලමක් මතක් වුණා...
සෙල්ලමේ නම තමයි,
ටක් ටක්
සෙල්ලම කරන්ට නම් හොඳට දුවන්ට පනින්ට පුලුවන් තැනක් තිබුණාම ලේසියි...
සීමා මායිම් ඇතුව හෝ නැතුව සෙල්ලම් පිටිය හදා ගන්ට පුලුවන්...
ඒක සෙල්ලම් කරන අයගේ කැමැත්ත ඇතුව කරන්ට තියෙන දෙයක්...
මේ සෙල්ලම කරන්නේ මෙහෙමයි...
මුලින්ම ඉන්න කට්ටිය කණ්ඩායම් දෙකකට බෙදෙන්ට ඕනේ...
එක කණ්ඩායමකට එක ක්රීඩකයෙකුයි අනික් ඔක්කෝම දෙක කණ්ඩායමට අයිති වෙන විදිහටයි තමයි පිල් බෙදීම කරන්නේ...
දහය විස්ස ගණන් කරලා හරි, ඒ වගේ වෙන මොකක් හරි කවියක් හදපු එකක් කියලා හරි මේ පිල් බෙදීම කරන්ට පුලුවන්...
එහෙම ගණන් කරද්දී මුලින්ම අයින් වෙන කෙනා එක පැත්තකට දාලා අනික් අය අනික් පිලට යනවා...
එහෙම නැත්නම් ගණන් කරලා ඉතුරු වෙන කෙනා එක පැත්තක අනික් අය අනික් පැත්තේ...
කොහොම හරි කණ්ඩායම් දෙක බෙදුණාට පස්සේ තනියෙන් ඉන්න කෙනා තමයි,
රාක්ෂයා
විදිහට හැඳින්වෙන්නේ...
දන් ඔන්න මුලින්ම රාක්ෂයා වෙච්ච කෙනා අනික් කණ්ඩායමෙන් ටිකක් ඈතට ගිහින් මෙහෙම කියනවා...
ටක් ටක්...
එතකොට අනික් උදවිය මේ විදිහට උත්තර දෙනවා...
ඇත්තටම ප්රශ්නයක් අහනවා...
කවුද ආවේ???
රාක්ෂයා මෙහෙම උත්තර දෙනවා...
රාක්ෂයෙක්...
අනික් අය අහනවා,
මොකටද ආවේ???
එතකොට රාක්ෂයා කියනවා
පාටක් හොයන්ට...
ඊට පස්සේ අනික් කට්ටිය අහනවා
මොන පාටද???
කියලා...
ඊට පස්සේ රාක්ෂයා පාටක නමක් කියනවා...
අනික් කණ්ඩායමේ අය ඒ පාට හොයන්ට දුවනවා...
පාට හොයා ගන්ට කලින් මුලින්ම රාක්ෂයාට අහු වෙන කෙනා තමයි ඊළඟ වටයට රාක්ෂයා වෙන්නේ...
රාක්ෂයාට අහු වෙන්නේ නැතුව අනික් කණ්ඩායමේ අය ඔක්කෝම රාක්ෂයා හොයා ගෙන ආපු පාට ඇල්ලුවොත් ආපහු රාක්ෂයා හිටපු කෙනාමයි...

මේකයි, වන් ටූ ත්රී බම්බල් බී කියන සෙල්ලමයි ඒ කාලේ අපේ ආසම සෙල්ලම් දෙක. ඔය සෙල්ලමේදි කාලයක් මායි නංගියි වත්තෙ තියෙන ආච්චි වවපු පාට පාට මල් ඔක්කොගෙන්ම පෙති කඩාගෙන ළඟ තියාගෙන ඉන්නවා. එක්කෝ පාට පාට ගොඩාක් තියෙන ඇඳුමක් ඇඳං ඉන්නවා. රාක්ෂයා ඉල්ලන පාට අපි දුවන්නෙ නැතුවම හොයාගන්නේ ආන්න ඒ විදිහටයි. පව් අසරණ රාක්ෂයා! :D
ReplyDeleteඅප්පට සිරි මේක දන්න අය ඉන්නවා නේද තව?
Deleteපට්ට..
අපොයි අපි ඕවා කරේ ඇච්චෝ කාලනේ.. ඉතින් නොදන්නේ මොකැයි.. හෙහ් හෙහ් .. ඒ වුනාට දැනුයි මතක් උනේ එහෙම සෙල්ලමක් ඒ කාලේ කරා කියලත්.. :))
Deleteදැන් කාලයේ මේ සෙල්ලම දකින්ට නෑ...
Deleteපොඩි කට්ටියකට කියලා දුන්නා මම...
නියමයි ... පොඩි කාලේ මතක් උනා .
ReplyDeleteමමත් ලිව්වා පොඩි කාලේ පුළු පුළුවන් හැටියට .
01.පුංචි කාලේ රස කථා
http://magelokaya01.blogspot.com/2017/10/blog-post_26.html
02.පුංචි කාලේ රස කථා 2 , පෝය දවසේ සිල් අරගෙන පන්සලේ මහා ගල් වලට බැසීම සහ පන්සල්වත්ත තුල කොලු නඩය සමග රස්තියාදුවේ යාම .
http://magelokaya01.blogspot.com/2018/04/2.html
03.පුංචි කාලේ රස කථා 3 .ගස් එක්ක කතාකරන ග්රේට් වෙස්ටන් වල රෝසීඅක්කා සමගින් මගේ ජිවිතයේ පළමු අමතක නොවනම මතකය .
http://magelokaya01.blogspot.com/2018/03/blog-post_14.html
පට්ටනේ...
Deleteගිහින් කියවන්නම්කෝ ඔක්කෝම ටික...