2016-11-30

19. ශ්‍රී පාදය සුරකින්න...


පටන් ගන්නේ ශ්‍රීපාදය සුරකින්න කියන එකෙන් වුණාට ඒ කොටස
මතු වෙන්නෙ අගදී. ඒත් මුල තියෙන අදහසුත් පට්ට වටී. ඒක
නිසා මේක දාන්ට හිතුණා. තව හේතුවක් තමයි ඒ අදහස් ටික
සමාජ ගත කරන්ටම ඕනේ. ඒකට  ටිකක් හරි උදව්වක් තමයි
මේ.








දිමිත්‍රි ගේ සින්දු වැඩිය අය අහන්නේ, බලන්නේ නෑ. ඒත් එයාගේ ඒවා නියම තේරුම් තියෙන සින්දු. සමස්තයක් විදිහට ගත්තාම රැප් කලාව හරහා තමයි එයාගේ සින්දු ඉදිරිපත් කරන්නේ.
එයාගේ නියම හඬ පාලනයක් තියෙනවා. හුස්ම ඇද ඇදා රැප් කරන කෙනෙක් නෙමෙයි දිමිත්‍රි කියන්නේ. ඒත් මේ සින්දුවේදී නම් තියෙන ආවේගයටමද කොහෙදෝ හුස්ම ඇද ඇදා කියනවා. ඒක පොඩි අවුලක්...

මේ සින්දුව පුරාවටම පසුබිම් හඬක් ඇහෙනවා. ඒකෙන් සින්දුවේ අගය වැඩි කරලා තියෙනවා...

ඒ වගේමයි සින්දුව ගැන විශේෂයෙන් හඳුන්වන්නට වුවමනාවක් වෙන එකක් නෑ. සරල භාෂාවෙන් තියෙන්නේ. ඒ වුණාට සමහර තැන් වල වදින්ට ඕනේ තැන් වලට නියමෙටම වදින්ට පාර ගහලා තියෙනවා...







දෙවියන් යනු හොඳ දේ දෙන කෙනායි.
දෙවි ලොව යන්නට පින් කළ යුතුයි.
සොබා දහමට පිටුපා සක්කිලි වැඩ කරොත්
ඇරෙන්නේ අපායේ දොර විතරයි.
ඔය හමට යටින් බලපන් කාගේත් ඇට සැකිල්ල එක වගේයි.
ත්‍රිපිටක හෝ කුරානයේ වූවත් හොඳ හොඳමයි නරකත් නරකමයි.
මට දුක මං ගැන නෙමෙයි.
ඉදිරියේ මෙරට භාර ගන්න ඉන්න පොඩි වුන් ගැන විතරයි.
විශිෂ්ටතම දර්ශනයක් අපගේ රටෙන් මැකෙන්න දැන් ළඟයි.
කියා දෙන්නේ, හිනාව දැම්මට අදින්නේ යටින් උගුල,
මොකක්ද ඔය තිරිසන් ගතිය?
අපේ ආගමේ ඉගැන්නුවේ ප්‍රගුණ කරන්නයි සම්මා සතිය.


මක්කම ළඟ ගහන්න දෙනවද?
උඹලා අපිට මොබිටෙල් කුළුණක්.
මස්ජිද ළඟ සද්දෙට පෝයට,
දාන්න දෙනවද බුදු පිරිතක්?
අරාබියේ ඇයි කස පහර සිහල වැසියට?
තබා ගත්තට පිළිමයක්.
ඇයි කරන්න බැරි ගරු තව ජාතියකට වටිනාකමකින් වැඩි දෙයක්?

උපදින දින සිට වැඩි කලක් නැත ගෙවන්නට දිවි අපි මොන ආගමේ වුවත්.
තම ජාතිය උස කොට අනෙකුන් තැලුවට මනුෂ්‍යයන් සැම එක ජාතියක්.
ඉල්ලමි කමා වැරදි දෙයක් පිට වුණි නම් එක වරක් හෝ දෙතුන් වරක් මං.
කට වහන් ඉන්නේ බුදුන් වැඩි දේශයේ නිසා මිස උඹලාට ඇති භයකට නෙමෙයි බං.
වට පිට බලපන් අප සැම මිනිසුන් නැති වුණාට සිකුරු දින සුදු තොප්පි.
තැලිලා පෙලිලා එපා වෙලා දැන් දැකලම ඇඳ ගත්ත උන්ගේ යට ජංගී.
මත් වී මිත්‍යා දෘෂ්ටික පිරිසක් වපුරයි අමනුස්ස කම් බලයෙන් රත් වී.
සිහලුන් නිවහල් සිත්  ඇති පිරිසක් සහෘද  මනු ගුණ දම් සිත් වී.


නමට තොපිලා සිංහල බෞද්ධ යනවද පෝයට පන්සලකට වත්?
තව සිංහලයෙක් නැගිටින කොට පාගලා බිම දාන්නේ ඇයි එහෙනම්?
තනි ඉරටුව වගේ අපෙ සිහලුන් අසමඟි කම කරන කොට විනාස වෙයි.
ඉරටු මිටිය ලෙස බලයෙන් සමඟිය කොට උන් ඔලුවට අත හෝදයි.
ආඬි හත් දෙනාගේ කැඳ හැලිය වාගේ වෙයිද දියුණුවක් මේ රට ආයේ?
වාඩි වෙලා වැඩක් නොකර කන්න බලන් ඉන්නේ ඇයි හෙණ ගහලා ද යකුනේ?
කාසි වාසි ආගම වී දාසි. 
බණ පොත වී ලාබ කඩදාසි.
නාසි ආමි ඕනේ වෙයි හෝදලා දාන්න පාසි.
ඉස්සරහට වෙන්නේ නෑ ලේසි.
සිංහල කම ගනින් ඇඟට.
දෙන්න එපා කඩන්න කා හට වත් ඒ ගට.
එකමුතු වී සිහි කර ගනින් අනිත්‍ය.
නැති කර ගනින් අට ලෝ දහමට ඇති බය.
කැපිලි කෙටිලි නවත්තපන් ගොඩ ගමු එක් වී අපගේ වටිනා රට.
කොටවන උන් මොකා වුණත් එලවලා දාපන් උන් පිට රට.
කාපන් සිංහල කඩ වලින් බත්.
ඇඳපන් සිංහල කඩෙන් ඇඳුම් ගත්.
නවත්තපන් කන එක පෝයටත් උයාන හරක් මස්.
උදව් වෙයන් සිංහලුන්ට නැගිටින්නට තවත් වරක් සැවොම දත්.
ශ්‍රේෂ්ටතම පරපුර රාවණයන්ගෙන් හැඳින ගත්...

ආහ්...

මනුස්සයෙක් වී උපදින්නට පින් කළ යුතු බව උඹ දනීද?
තිරිසන් වැඩ කෙරුවොත් උඹලා ගේ මේ දිවියෙන් වත් ඵලක් වෙයිද?
තෙතමනයක් හිතේ නැතිකර ගන්නට ආගමෙනුත් දැනුම දෙයි ද?
තව්තිසාවෙ සක් දෙවිඳුනි නැවතත් බුදු කෙනෙකුන් අප හට ලැබෙයි ද?
විශිෂ්ටතම තාක්ෂණය අපගේ පුස්  කොළ පිටෙන් ඉස්සුවා ජර්මනියෙන්.
ස්වස්ථික කණපිට ගහලා හිමිකම් කිව්වා අපේ රටට උරුම දේ.
දඬු මොණරෙන් පියාඹන්න පුළුවන් කම තිබුණාලු එකලේ අපිට.
දැන් ගන්න වෙලා අරාබියෙන් බොර තෙල් බැරලයත් ණයට...

ආහ්...

පාලකයනි දීපිය උත්තර, ඇයි  තොපිලා නිහඬ?
උඹලාගේ නපුංසක කම නිසා රට වැසියත් වෙනවා නිවට.
කැරලි ඇති වුණොත් නැවතත් මේ රට යයි වළ පල්ලට...

ආහ්...

පටන් ගනින් වැඩ රට වෙනුවෙන් කතිරය දාපන් බං බල්ලාට.
අපි හැමෝම ලාංකික, රැක ගත යුතු වන්නේ ලංකාවයි.
අපි හැමෝම දවසක මිය යයි විනාශයට මුල තණ්හාවයි.
සමානාත්මතාව මුල් කරන් හිටියොත් ඇති වෙන් නැති වෙයි කාටත් ප්‍රශ්න.
ජාතිවාදේ වපුරන උන් තුරන් වෙයල්ලා මෙරටින් කරන්න කලින් භෂ්ම.
කතාව මෙතනින් අවසන් වැඩ පමණයි ඉදිරියේදී දැක ගත හැක්කේ.
සතාව අඳුරා ගෙන ඉවරයි සෙම අරිනවා ළඟදිම තොපිලාගේ හක්කේ.
මරුසිය දැම්මට රජ කාලේ ගොන් කම් අපගෙන් ගිලිහී ඇත්තේ.
සාමය නම් සාමය සැමටම බැරි උන් වලලනවා කනත්තේ...


රැක ගමු සිරි පාදය එය පමණයි අප හට දැන් ඉතුරුව ඇත්තේ.
පුරා වස්තු පමණයි ආඩම්බර වෙන්නට වත් ඉතුරුව ඇත්තේ.
නැවතත් නව රජෙකුගේ වුවමනාව හෙළයට දැන් සැල වී ඇත්තේ.

යක්ක නාග සුර අසුරනි හරි කාලය දැන් එළඹී ඇත්තේ...



සාරාංශයක් විදිහට ගත්තොත් මේක කෙලින්ම මුස්ලිම් ආගමේ අන්තවාදයට පහර ගහලා තියෙන එකක්. මුල් කොටසෙදී හීනියට උපහාසයක් යවලා තියෙනවා, බුදු දහම ලංකාවෙන් තුරන් වීමේ අවදානමක් ගැනත්, සහයෝගය ගැන කතා කරන මුස්ලිම් අයගේ බොරු හිනාව ගැනත්...

ලංකාවේ වුණත් මුස්ලිම් අය සහයෝගය ගැන කතා කරන්නේ එයාලාගේ පිරිස අඩු තැන් වල විතරයි. ඒක පැහැදිලි ඇත්තක්. ඒ කතා කරන අය ඇත්තටම කතා කරන්නේ සහයෝගය ගැන නම් එයාලාගෙන් අහන්ට ඕනි ප්‍රශ්න ටිකක් තමයි ඒ තියෙන්නේ...
කයිසර් ගේ සින්දුවක තියෙන 
"මැද පෙරදිග අමුතුම නීතියක්.
කස පහර හිමි වැන්දාට  බුදු පිළිමයක්"

කියන කොටස මෙතනට අදාල වෙනවා...


ඒ වගේම ඊට පස්සේ, 
අපි ජීවත් වෙන ටික කාලයේදී මිනිස්සු විදිහට ජීවත් වෙමු කියන අදහසත්, 

"වට පිට බලපන් අප සැම මිනිසුන් නැති වුණාට සිකුරු දින සුදු තොප්පි"

කියන එකෙන් මුස්ලිම් අය එයාලාගේ අය වෙනුවෙන් විතරක් පෙනී සිටින ගතිය ත්
ඉස්මතු කරලා පෙන්වලා තියෙනවා...

අටලෝ දහම එහෙමත් නැත්නම් ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක්
ඒවා ගෙන් කම්පා නොවී ජීවත් වුණොත් 
ඇත්තටමත් කොච්චර හොඳට ජීවත් වෙන්ට පුළුවන්ද?
අනික තමයි 
කාසි වාසි නිසා ආගම දාසි වෙලා, බණ පොත ලාභ කඩදාසි වෙලා කියලා, බුද්ධ ධර්මයේ වත්මන් තත්ත්වයත් සූක්ෂම විදිහට, හරිම ලස්සනට එළි කරලා තියෙනවා. මොකද ඇත්ත කතාව බණ පොත් විකුණන අයගේ තියෙන්නේ තනිකරම බණ විකුණන් කෑමක් මිසක් ධර්ම ප්‍රචාර අදහසක් නෙමෙයිනේ...

ඒ විදිහට දිගටම කියලා දෙන සින්දුව එක පාරටම වෙන පැත්තකට හැරෙනවා. ඒ රටේ පාලක නපුංසක හැත්තක් කියලා කට්ටියක්ව මතක් කරමින්. එතැනදී ගායකයාට, (සමහර විට පද රචකයාට, {බොහෝ දුරට මේ දෙන්නා එක් කෙනෙක් වෙන්ටත් ඉඩ තියෙනවා}) අමතක වෙන දෙයක් තමයි ඒ වගේ පාලකයෝ පත් කර ගන්නේ ජනතාවමයි කියන එකත්, දැනට ඉන්න පාලකයෝ අද ඊයේක ඉඳන් ඉන්න අය නොවෙන අය බවත්...

අන්තිමට තමයි එයාගේ මාතෘකාවට එන්නේ. එතැනදී තමයි කියන්නේ ශ්‍රීපාදය රැක ගනිමු කියන එක....

එතැනදී පොඩි ඉඟියක් දෙනවා ඉන්න නායකයෝ හරි නා වගේ අදහසක්...


කොහොම වුණත්, ඒකේ දේශපාලන පැත්ත ගැන නොසළකා හැරියොත්, අන්න ඒක තමයි ඇත්තම තත්ත්වය...



2 comments:

  1. ගොඩක් උන් හිතන් ඉන්නෙ සිංහල රැප් කියන්නෙ කුනුහරුප කියල බං.

    ReplyDelete
    Replies
    1. ඔව්...
      ඒකට සමහර රැප් කරන අය වග කියන්ට ඕනි...
      ඒත් හොඳ ඒවා තියෙනවා කියලා දැන ගෙන ඉන්ට ත් ඕනි...

      Delete