2016-08-29

16. බැංකු අක්කා...

ඔයා,
උස්ස උස්සා පස්ස පැත්තෙන් දාන කොට
වේදනාවකුත් දැනුණා වාගේ වුණත්
පස්ස පැත්ත බලන්නේ නැතුව
ගැස්සි ගැස්සී හරි හිටියා නේද???




ආදරය වෙනුවෙන් ද???
ආසාව වෙනුවෙන් ද???
ආතල් එක වෙනුවෙන් ද???
මොන උලව්ව වෙනුවෙන් ද???
තවම ප්‍රශ්නයක්, නෑ තව හරියට උත්තරයක්...

කරපු වැඩේ ඇදයක් කුදයක් නැතුව
කරපු වග නම් පෙනුණා වුණාට, වැඩේ
කරපු එකා ගැන සැකයක් ඇති
නොකරපු එකත් අවුලක් වුණා වගේ...

හ්ම්ම්ම්...
ලස්සන හිනාවක් තිබුණා ඔයාගේ මූණේ...
ඒ හිනා නම් අමතක වෙන්නේ නැති වෙයි...

අන්තිමට හැට පැනපු නාකින්ටත් අක්කා වුණා.
පට්ට ගති සිංදුවක් එක පාරට මතක් වුණා.
මතක ඇති නේද ඒ වැඩේ කළ එකා?
ඒ සිංදුව ඌට  ගොඩාක් දුරට ගැළපුණා...

ඌට තිබ්බා නම් ඔයා ගැන පොඩි හරි කැක්කුමක්,
කරයිද  මේ වගේ මරි වැඩක්...






ඔයා... විඳපු දුකක් හිනා වෙලා ඉන්න
මට විනාඩි තුනයි ගියේ ඔයා අඬවන්න
වචන තුනයි ඕනේ රණ්ඩු වෙන්න
ඔයා රැවටුණා පොඩ්ඩක් හිතලා බලන්න
ඔයා... හැමදේම කරේ මාව සතුටෙන් තියන්න
මම හැම දේම කරේ ඔයා අඬවලා රිද්දන්න
ඒත් ඔයා දැක්ක පළවෙනි දවසේ ඉඳන්
හීන මැව්වේ එකට නිදියන්න...

සිංදු කොළවල ලිව්වේ - මම කිව්වේ ඒවා ඔයාට කියලා
හිත යට හිටියේ - ඔයා විතරයි... ඔයා විතරයි හිනා වුනේ මම හන්දා
ළං වුණේ රිද්දන්න නෙමෙයි පස්සේ... ආපහු ගන්න හිතං මම හිත දුන්නේ
ඔයා තාමත් එක තැන ඒක නෙමේ ප්‍රශ්නේ... ඔයා දඟ කරනව මගෙ හිත අස්සේ

මල්... ඉහිරුණා - මුලු ලෝකය නෙතු යොමාලා
මා... තනි වෙලා - අද දඬුවම් ලබමි මා
කඳුලු ගානේ - වැටුණු ඈගේ - සොඳුරු හඬ ඈ - නිහඬ කෙරුවා
ලොවම දුටු ඈ - සයන් ගත වූ අඳුරු සේයා - මිලින කෙරුවා

සිනහව උදුර ගත්ත - ඔයා... සෙල්ලමකට පටලා ගත්ත
ජීවිතේ උදුරගත්ත - සෙල්ලක්කාරයා මමයි
සිනහව උදුර ගත්ත - ඔයා... සෙල්ලමකට පටලා ගත්ත
ජීවිතේ උදුරගත්ත - සෙල්ලක්කාරයා මමයි

සත්තයි තිබ්බා මට පොඩි කැක්කුමක්
තිත්තයි මට මේ ජීවිතයත් - ඔයා පෑනෙන් ලිව්වත්
අපේ කතාව - මම පැන්සෙලෙන් ලිවිවේ මකන්න හිතාන

සුදු ගවුමේ - රතු ලකුණේ - ජීවිතේ දුන්නත් ඔයා මට සතුටෙන්
ආදරේ බිඳුවක් තිබ්බෙ නෑ මගෙ එක ලේ බිඳුවකවත් ඔයාගෙ නාමේන්
ඔයා විඳෙව්වා - මම වින්දා - ජීවිකෙ කලු වුණා මම හින්දා
කිව්වා රට වටෙ හපං කම් - වට කරන් මිතුරන්
වගෙ හතුරන් - මට කරා දඬුවම්

අපි අපිටම ගත්ත පින්තූරේ - ගිලිහුණා රටටම මගේ අතේ සිදුරෙන්
කාමරේක අද කලුවරේ - මම උදුර ගත්තා නුඹේ ජීවිතේ

මල්... ඉහිරුණා - මුලු ලෝකය නෙතු යොමාලා
මා... තනි වෙලා - අද දඬුවම් ලබමි මා
කඳුලු ගානේ - වැටුණු ඈගේ - සොඳුරු හඬ ඈ - නිහඬ කෙරුවා
ලොවම දුටු ඈ - සයන් ගත වූ අඳුරු සේයා - මිලින කෙරුවා

සිනහව උදුර ගත්ත - සෙල්ලමකට පටලා ගත්ත
ජීවිතේ උදුරගත්ත - සෙල්ලක්කාරයා නුඹයි
සිනහව උදුර ගත්ත - සෙල්ලමකට පටලා ගත්ත
ජීවිතේ උදුරගත්ත - සෙල්ලක්කාරයා නුඹයි

සිනහව උදුර ගත්ත - ඔයා... සෙල්ලමකට පටලා ගත්ත
ජීවිතේ උදුරගත්ත - සෙල්ලක්කාරයා මමයි
සිනහව උදුර ගත්ත - ඔයා... සෙල්ලමකට පටලා ගත්ත
ජීවිතේ උදුරගත්ත - සෙල්ලක්කාරයා මමයි

මල්... ඉහිරුණා - මුලු ලෝකය නෙතු යොමාලා
මා... තනි වෙලා - අද දඬුවම් ලබමි මා
කඳුලු ගානේ - වැටුණු ඈගේ - සොඳුරු හඬ ඈ - නිහඬ කෙරුවා
ලොවම දුටු ඈ - සයන් ගත වූ අඳුරු සේයා - මිලින කෙරුවා


9 comments:

  1. කාලයක් ගිහින් මා‍ෙ කද ආ ය්‍ෙ අක්ක මතක් වෙලා

    ReplyDelete
    Replies
    1. මතක් වෙච්ච වෙලාවේ තමයි දැම්මේ...
      හෙහේ...

      Delete
  2. කාලයක් ගිහින් මා‍ෙ කද ආ ය්‍ෙ අක්ක මතක් වෙලා

    ReplyDelete
    Replies
    1. අර කවුදෝ වගේ වෙලාද මේ දෙක දෙක???

      Delete
  3. විශුවල්ස් පෙනුනේ නෑ ෆෝන් එකෙන් බලද්දී සිංදුව ඇහුවා විතරයි.. සංගීත ශෛලියට මම ඒ හැටි කැමති නැති උනත් හිත කීරි ගැහෙන කතාවක් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙම හිතට නියමෙටම වදින දේ ඒ සංගීත ශෛලිය ඇතුලේ තියෙනවා...
      වීඩියෝ එකත් බැලුවා නම් වටිනවා...
      පුළුවන් වෙලාවක බලන්ට...

      Delete